Hambantota Bar Association

Hambantota Bar Association Meaningful legal services to public and private organizations and individuals

14/08/2025

I am directly, addressing the professor. Yes, you have been our professor of law in the university of Colombo. The rule of law that you taught us were never present in your government and in the mode of governance. It was unparalleled corruption that you allowed your party to practice in the governance. As a matter of fact, you are probably not the beneficiary of any of the corrupt activities that the party in power did. in respect of all contracts and matters of governance. But you had the power
and capacity to bring up these matters in the cabinet and in the parliament, but none of you spoke against corruption. you were involved in it even at this stage you don’t want to admit the corrupt practices that they engaged in. How can we believe you at this stage when you’re completely out of power it’s a dream for you. You don’t seem to understand that those 17 parties and their men are trying to pick you up to engage themselves in those corrupt practices again not for the good of the country. You had the capacity when you were in power to introduce national policies in respect of many matters, but you didn’t come up with proposals for education, health services, transport, digital services. you and your government never wanted to regulate anything. We are sorry about you and your misguided children. They are really demons. Please get out of our way. We are properly on path on track. We have laid sound foundations. The younger generations in this country do not want corrupt people like you. You have no excuse now.

Getting ready for a drive from Greenwich to Canarys Warf
12/08/2025

Getting ready for a drive from Greenwich to Canarys Warf

29/11/2023

අලි ඉන්න සමනල රක්ෂිතය සහ රජවක රක්ෂිතය අතර පවිත්‍රාගේ හිතවතෙක් ඩෝසර් දාලා කැලේ ද බෑ කරනවා අලි වැටක් ගහන්න කියලා. මේක මහ කැලයක්.. මේක මැද අලි වැටක් ගහනවා කියන්නේ මෝඩ වැඩක්. අනෙක ඩෝසර් දාලා අලි වැට වල් කපන්න අවසර දීල නෑ. වටේ පිටේ තියන ලොකු ගස් ඔක්කොමත් කපල පාරට ඇදලා. මේක ඇගේ තරම් share කරලා මේ කරන අපරාධෙ නවත්වන්න උත්සාහ කරමු.

12/08/2023

Exploring History , Art , Sports & Politics

11/08/2023

ව්‍යවස්ථාදායකය සම්මත කරන අණ පනත් කිසිවක් අභියෝගයට ලක් කිරීමට අධිකරණයට නොහැකි බවට ඊයේ ( 09) පාර්ලිමේන්තුව කැදවපු මොහොතේ කථානායකවරයා ප්‍රකාශ කලා.

මම දන්නේ නෑ කථානායකට එහෙම අදහසක් ආවේ කොහෙන්ද කියලා....ඔහු තමුන් දිවුරුම් දීපු රටේ මූලික නීතියවත් නොදන්න මනුස්සයෙක් වගේ හැසිරෙනවා කියලයි පේන්නේ...
අනික් අතට ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකුත් නෙමෙයි....
එවැනි අදහසක් ව්‍යවස්ථාදායකයේ මුල් පුටුවේ ඉදගෙන ප්‍රකාශ කරන්න කලින් ඔහුට අඩුම ගනනේ ඒ පිලිබදව රටේ නීති විශාරදයින්ගෙන් අහලා දැනගන්න තිබුණා...

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක තියෙන මූලිකම කුළුණු තුන විදියට සැලකෙන්නේ විධායකය , ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ....
මේවා මේ රටේ පාසල් ළමයින්ටත් උගන්වන දේවල්....
රටේ පාසල් ළමයෙකුගේ දැනුමත් නැති මිනිස්සු නීති සම්පාදනය සදහා පාර්ලිමේන්තුවට යැවීම ගැන මේ රටේ ඉන්න ඒ ළමයින්ගේ දෙමව්පියෝ වගකියන්න ඕන...

විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය කියන මේ බල ව්‍යුහයන් තුනම එකිනෙකාට සමබර වෙන්න ඕන....
දූෂිත ක්‍රමය ඇතුලේ ඒක එහෙම නොවුනට ව්‍යවස්ථාවේ තියෙන්නේ අර විදියට...
රටේ නීති සම්පාදනය සහ මූල්‍යය පාලනය ව්‍යවස්ථාදායකයෙන් කලාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ....
මේවාට එකිනෙකා ප්‍රශ්න කිරීමේ බලය තියෙනවා...
එහෙම නොවී එකකට එකක් නොසලකා යන්න ඔය ආයතන තුනටම නීතියෙන් ඉඩක් නෑ....
එහෙම එකිනෙකා ප්‍රශ්න කරන්න නොහැකි තැන නිර්මාණය වෙන්නේ ඒකාධිපතීත්වයක්....

රටේ පාර්ලිමේන්තුව සම්මත කරන්න යන පනතක් හෝ වෙනත් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගද පටහැනිද කියලා තීරණය කිරීමේ බලය පැවරිලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත...

ඒක ශ්‍රේෂ්ඨාධිකරණය සතු පැහැර ගත නොහැකි බලයක් සහ අයිතියක්...

මේ කථානායක කියන විදියට පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම පනතක් අධිකරණයට ප්‍රශ්න කල නොහැකි නම් ඊලග දවසේ පාර්ලිමේන්තුවේ ඉන්න කුප්‍රකට වීරයෝ ටික පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා මින් මනත රටේ අධිකරණයක් නොමැත අපේ කැමැත්ත යුක්තියයි කියලා නීතියක් හැදුවොත් ඒකටත් කරන්න දෙයක් නෑ...

පුරවැසියාට මේ ආයතන තුනම හරහා තමුන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්න කිරීමේ බලයක් ව්‍යවස්ථාවෙන්ම හිමි වෙලා තියෙන නිසයි ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ....

එහෙම නැත්නම් රාජපක්ෂ රාජධානිය හෝ කොල්ලුපිටිය නින්දගම කියලා මේ රටේ නිල නාමය වෙනස් කරන්න ඕන...
තව ඕන නම් ඔය ඔළුවේ නවාගෙන ඉන්න පාපිස්ස අයින් කරලා රනිල් වික්‍රමසිංහගේ ෆුල් සූට් එකත් අයින් කරලා කම්බි ලේන්සුවෙන් අමුඩයක් ගහගෙන ඔහොම කතා කලා නම් හරි...

කථානායක තමුන්ගේ කටින් වචන පිටකරන්නේ ආණ්ඩු පක්ෂය දිහා බලලා එහෙන් එන සිග්නල් එකට අනුව වග රටේ මිනිස්සු දන්නවා...
ඒ උනාට රටේ මිනිස්සු ආපහු 15 වෙනි ශතවර්ෂයේ රාජාණ්ඩු යුගයට දක්කන්න උත්සාහා කරන්න එපා...

ඒ යුගයන් ඉවර වෙලා දැන් ගොඩක් කල්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පුරවැසි අයිතිවාසිකම් වලට පිටින් කටයුතු කරන්න ව්‍යවස්ථාදායකය හෝ විධායකය කටයුතු කරනවා නම් ඒක ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට ඉඩක් තියෙන්න ඕන....

ඒකට අධිකරණයට නොයා සීනිගම දේවාලෙට ගිහින් මිරිස් අඹරලා වැඩක් නෑනේ...

08/08/2023

පසුගිය පෙබරවාරියෙ ඉදන් අපි තෙල් පෝලිමේ ඉන්නව. හිටිය. අද වෙන කොට සීමාවක් පනවල කටිටිය ගෙදර තියල මිස විසදුමක් නැහැ.අළුත් ජනාධිපති කෙනෙක්. ඊලගට පරණ කැද හැලියෙන්ම කෝප්ප කීපයක්. ඇමතිවරු ටිකක්. ආ. ක්‍ර. ව්‍ය.ක් හදනව. දැන් එතකොට හරියයි. එහෙනම් ඉතින් බරපතලම වෙනස්කම් ඇතිවුන 1815 කන්නසාමි (ශ්‍රී වික්‍රම අපි දුන්න නම) හොද නෑ කියල 3 වෙනි ජෝර්ජ් ට දුන්නම හරි 1948 දී සුද්ද හොද නෑ කියල සිංහලයට දූන්නම හරියන්න එපායැ.
ආ. ක්‍ර. ව්‍ය. හදන්න නම් ඒකෙ මොන ව්‍යවස්ථාවෙ වරද නිසාද මේක වුනේ කියල දැනගන්න ආසයි.
තෙල් නැති නිසා ප්‍රවාහන ලයිට් පාසැල් කර්මාන්ත කාර්යාල මේ සියල්ලම ඇනහිටලා. ඒකට උත්තරය ආ. ක්‍ර. ව්‍ය. ද පෙට්‍රෝලියම් එකේ හොරකම සහ එහි මූල්‍ය විනයක් නැතිකමද?
මම දන්න නීති අනුව 1972 අංක 18 සහ 1974 අංක 29 නීති ගේන්නට කලින් රාජ්‍ය ආයතන සහ ඒවාගේ කටයුතු පාලනය කරන්නට නිලධාරීන්ගේ වැරදි නවත්තන්න කිට්ටූම දිසා අධිකරණය තහනම් නියෝග නිකුත් කලා. 1972 අංක 18 සහ 1974 අංක 29 දරණ නීති මගින් ඒ අයිතිය ජනතාවට නැතිකලා. කරන්න තිබ්බෙ රජයෙ දේපල කන එකාව වලක්වන්න තිබ්බ සිවිල් නීති ප්‍රතිකර්මයෙන් එහාට ගිහින් අපරාධ නඩුත් දාන්න නීති ගේනව වෙනුවට තිබ්බ ටිකත් උදුරල දැම්ම. දූෂණය කියන්නෙ ලංකාව තුල අපරාධ වරදක්. ඒත් රටේ නීතිපතිටවත් ඒ දූෂණයට අහුවුන මිනිස්සුන්ටවත් ඒවට නඩුදාන්න බැහැ. අල්ලස් පණතෙ 78 න් ඒ නඩුදැමීම වලක්වල. එතකොට අපි තෙල් පෝලිමේ ඉන්නෙ ආ. ක්‍ර. ව්‍ය. වෙ වරදක් නිසාද මේ නීතිතුනට මුවාවෙල මේ මහ දවාලේ අදත් කරන හොරකම නිසාද??
මේ හොරකම් නවත්තන්න නීති ගේන්න එක පක්ෂයක් එකෙක් කැමති නැහැ. උවමනාවක් තියෙනව නම් විපක්ෂයටත් පුළුවන්. මන්ත්‍රීවරු 3 ක් ඉන්න අයටත් පුළුවන්. ඡන්දෙන් පරාද වෙන්න හරි ගේන්න ඕන. එතකොට රටේ ඒක කතිකාවක් බවට පත්වෙනව. ඒත් ඇත්ත කතාව "උන් ඔක්කෝම එකයි මල්ලී"

05/03/2023

📌 සිරි ලංකාවෙ ලොකුම වී මෝල් හිමියා පසුගිය වසර 5 තුල ගෙවා ඇති ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ දෙවන විශාලතම වී මෝල් හිමියා වසරකට ගෙවා ඇති ආදායම් බද්ද රුපියල් ලක්ෂ 9 යි..
📌 සිරි ලංකාවේ බිලියන ගණනින් ආදායම් උපදවන කැසීනෝ බලපත්‍ර 4ක් 5ක් ඇත.. ඒ අය ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ රේස් බයි රේස් සූදුකරුවා ගෙවන්නේ ලක්ෂ 6ක් වූ බලපත්‍ර ගාස්තුව පමණි.. බිලියන ගණනින් ආදායම් ලබන ඒ මුදලාලිලාද ගෙවන ආදායම් බදු මුදල රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ ප්‍රධානතම අපනයනකරුවා වාර්ශිකව සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 150ක ඇඟලුම් අපනයනය කරයි.. ඔහු ආදායම් බදු දෙපාර්තමෙන්තුවට පෙන්වන්නේ ඩොලර් මිලියන 1 ක අපනයන පමණි..
📌 සිරි ලංකාවේ ලොකුම තේ අපනයනය කරන සමාගම රටේ ඩොලර් මිලියන 600ක පමණ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 400ක අපනයනයක් සිදු කරයි.. එම සමාගම 2021 ආදායම් බදු ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 145ක අපනයන ආදායම් සදහා පමණි..
📌 සිරි ලංකාවේ සුපිරි වෙළඳ සැල් ශාඛා 428ක් ඇති විශාලතම සුපිරි වෙළඳ සමාගම 2020 වසරේ ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ නිමි ඇඳුම් වෙළදාමේ යෙදෙන ශාඛා 48ක්, ශාඛා 20ක් සහ ශාඛා 18ක් හිමි ප්‍රධානතම සමාගම් 3ම වාර්ශිකව ගෙවන ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..
📌 සිරි ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද මහල් නිවාස සංකීරණ ඉදිකරන ප්‍රධානතම සමාගම මේ දක්වා ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් 0 (බින්දුව) යි..

ඉහත දත්ත කිහිපය ලබා ගත්තේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේම මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ 2022 සැප්තැම්බර් 08 වෙනිදා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගැසීම සදහා පැවති විවාදයේදී සිරි ලංකාවේ පාර්ලිමෙන්තුවේ හැන්සාඩ් ගත කරන ලද කථාවකිනි..

මේ ගලන ගඟෙන් දිය දෝතක් පමණි.. මෙරට බදු ගෙවිය යුතු බිලියනපතියන්ගෙන් අති බහුතරය බදු හොරුන්ය..

උපුටාගැනීමකි.

https://youtu.be/zBj9M7Y-kVs?t=173
25/02/2023

https://youtu.be/zBj9M7Y-kVs?t=173

මේක තමයි තිත්ත ඇත්ත මේක අහන්න වටිනම කතාවක් රටේ ජනතාව ඉද හිට සතුටු වුනාම ඇතිහැමදාම සතුටින් ඉන්න ඕනේ නෑජනප්‍රියම න.....

Address

Sindusara, Sislasagama, Hambantota
Nugegoda
82000

Telephone

+94757733656

Website

Alerts

Be the first to know and let us send you an email when Hambantota Bar Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hambantota Bar Association:

Share