Layan Hewa Yaddehige - නීතිඥ ලයාන් හේවා යද්දෙහිගේ

  • Home
  • Sri Lanka
  • Matara
  • Layan Hewa Yaddehige - නීතිඥ ලයාන් හේවා යද්දෙහිගේ

Layan Hewa Yaddehige - නීතිඥ ලයාන් හේවා යද්දෙහිගේ Attorney-at-Law, Commissioner for Oaths, Notary Public, Company secratary |කවියෙකුගේ ඇසින් ලෝකය|
(2)

ලංකාවම කම්පා කළ පිටිපන ඛේදවාචකය: pickme  සවාරියක් ගිය අහිංසක දෙදරු පියාව ඝා #තනය කරලා! සිරුර හඳුනාගන්න බැරි තරමටම විකෘති...
16/07/2026

ලංකාවම කම්පා කළ පිටිපන ඛේදවාචකය: pickme සවාරියක් ගිය අහිංසක දෙදරු පියාව ඝා #තනය කරලා! සිරුර හඳුනාගන්න බැරි තරමටම විකෘති කරලා ඇළකට දමලා


​තමන්ගේ දරු පැටවුන් දෙන්නගේ බඩගින්න නිවන්න, රැකියාව නිම කරලා රෑ බෝ වෙලා අමතර සවාරියක් ගිය අහිංසක පියෙකුට සිද්ධ වෙච්ච මේ අවාසනාවන්ත ඉරණම ඇහුවොත් ඔයාලගේ ඇස් වලටත් කඳුළු ඒවි. 'PickMe' සවාරියක් සඳහා නිවසින් පිටත්ව ගිය මේ දෙදරු පියා අන්තිමේදී නතර වුණේ ඇළ මාර්ගයක දරුණු ලෙස විකෘති කරපු මළ සිරුරක් විදිහටයි.

සිද්ධිය වාර්තා වෙන්නේ හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයෙන්. ඇඟලුම් ආයතනයක සේවය කරපු මේ තරුණ පියා, පහුගිය පහළොස්වැනිදා රාත්‍රී හතට විතර තමන්ගේ යතුරුපැදියෙන් 'PickMe' සේවාව හරහා පුද්ගලයෙක්ව ප්‍රවාහනය කරන්නයි නිවසින් පිටත්ව ගිහින් තිබුණේ.

හැබැයි එදා රෑ ඔහු ආපහු ගෙදර ආවේ නැහැ. පවුලේ අය මීගොඩ පොලීසියට මොහු අතුරුදන් බවට පැමිණිලි කරලා තිබියදීම තමයි, පහුවදා උදේ මුළු රටම කම්පා කරපු මේ බිහිසුණු ආරංචිය ලැබුණේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය සැක කරන්නේ පිටිපන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක් ඇතුළේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එතැන ඉඳන් මීටර් හතලිස් පහක් විතර දුරට ලේ පැල්ලම් සහිතව ශරීරය ඇදගෙන ඇවිත් ඇළ මාර්ගයට දමලා තිබුණා.

වෙන්දේසි ඉඩම තුළ තිබිලා මියගිය පුද්ගලයාගේ පාවහන් යුගලකුයි, රුපියල් විස්සක නෝට්ටුවකුයි පොලිසිය සොයාගෙන තිබෙනවා.

වඩාත්ම කනගාටුදායක දේ තමයි, මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම නිසා සතුන් විසින් මුහුණේ කොටස් කා දමා තිබීම.

ඒ හේතුවෙන් මුහුණ හඳුනාගන්නත් බැරි තරමටම විකෘති වෙලා තිබුණා.

තමන්ගේ පවුල වෙනුවෙන් මහන්සි වුණු මේ අහිංසක පියාගේ ඝාතනය පිටුපස තියෙන රහස මොකක්ද?

හෝමාගම පොලීසිය මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.

රාත්‍රී කාලයේ කුලී රථ සේවාවල නිරත වන සියලුම සහෝදරවරුනි, කරුණාකරලා ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න.

උපුටාගත්තකි.

📌 බෲස් ලීගේ අභිරහස් මරණය පිටුපස සැඟවුණු චීන මාෆියාවේ සහ "පවුලේ ශාපයේ" ඇඟ කිලිපොලා යන සැබෑ කතාව❗ 🐉👊🩸💀ලෝක සිනමා ඉතිහාසයේ ස...
15/07/2026

📌 බෲස් ලීගේ අභිරහස් මරණය පිටුපස සැඟවුණු චීන මාෆියාවේ සහ "පවුලේ ශාපයේ" ඇඟ කිලිපොලා යන සැබෑ කතාව❗ 🐉👊🩸💀

ලෝක සිනමා ඉතිහාසයේ සටන් කලාවෙන් අසමසම පෙරළියක් කරපු, යකඩ වගේ ශක්තිමත් ශරීරයක් තිබුණු බෲස් ලී (Bruce Lee) මියයන්නේ 1973 ජූලි 20 වැනිදා. ඔහුගේ අතිශය ජනප්‍රිය "Enter the Dragon" චිත්‍රපටය තිරගත වෙන්න හරියටම මාසයකට කලින්❗

කිසිම ලෙඩක් නැතුව, ලෝකයේ ශක්තිමත්ම මිනිසා විදිහට හිටපු බෲස් ලී හිටිහැටියේම හොංකොං නුවර මහල් නිවාසයක ඇඳක් උඩ අප්‍රාණික වෙනවා. වෛද්‍යවරු පැවසුවේ ඔහුගේ මොළය ඉදිමීමෙන් (Cerebral Edema) මේ මරණය සිදුවූ බවයි. හැබැයි, ඒ නිල ප්‍රකාශයට වඩා අදටත් ලෝකයම හොල්මන් කරවන බිහිසුණු Conspiracy Theories ටිකක් මෙන්න: 👇

​🛑හොංකොං නිළියගේ රහස් කාමරය සහ "Equagesic" පෙත්ත:

බෲස් ලී මියගියේ තමන්ගේ නිවසේදී නෙවෙයි. ඔහු මියගොස් තිබුණේ "බෙටී ටින්ග් පෙයි" (Betty Ting Pei) කියන සුරූපී හොංකොං නිළියගේ නිවසේදීයි. එදා රෑ බෲස් ලීට ඇතිවුණු තද හිසරදයකට බෙටී විසින් "Equagesic" කියන වේදනා නාශක පෙත්ත ලබා දී තිබුණා. එම පෙත්ත බී නිදාගත් බෲස් ලී ආයෙත් කවදාවත් ඇහැරුණේ නැහැ. රසිකයන් සැක කරන්නේ, මේ පෙත්ත පිටුපස කිසියම් දරුණු වස වර්ගයක් තිබූ බවයි😱

​🛑"Triads" චීන මාෆියාවේ ලේ වැකි පළිගැනීම:

චීනයේ සාම්ප්‍රදායික සටන් රහස් බෲස් ලී විසින් හොලිවුඩයට සහ බටහිර ලෝකයට හෙළිදරව් කිරීම ගැන එහේ ඉන්න පැරණි සටන් ගුරුවරු සහ චීන "Triad" මාෆියාව හිටියේ දැඩි කෝපයකින්. ඔවුන් බෲස් ලීව මෙල්ල කරන්න "Dim Mak" (Touch of Death) කියන සූක්ෂ්ම සටන් ශිල්පය පාවිච්චි කළ බවට මතයක් තියෙනවා. එමඟින් ශරීරයේ සංවේදී තැන්වලට පහර දී, මාස කිහිපයකට පස්සේ මොළයට ලේ ගැලීමක් සිද්ධ කරවලා ස්වභාවික මරණයක් වගේ පෙන්වන්න පුළුවන්ලු😳

​🛑"ලී පවුලේ" මාරාන්තික ශාපය:

බෲස් ලීගේ මරණයටත් වඩා මිනිස්සුන්ව බය කළේ ඔහුගේ පුත් බ්‍රැන්ඩන් ලී (Brandon Lee) ගේ මරණයයි. 1993 වසරේදී "The Crow" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර, සෙල්ලම් තුවක්කුවකට සැබෑ උණ්ඩයක් මාරු වීමෙන් බ්‍රැන්ඩන් අවාසනාවන්ත ලෙස මියයනවා❗ පියෙක් සහ පුතෙක් දෙන්නාම තමන්ගේ ජනප්‍රියම සිනමා කෘති තිරගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අභිරහස් ලෙස මියයෑම පිටුපස පවුලේ දරුණු ආත්මීය ශාපයක් ඇති බව අදටත් බොහෝ දෙනා විශ්වාස කරනවා.

​🛑වතුර වැඩිපුර බීම නිසා සිදුවූ මරණයක්ද🤔:

මෑතකදී කළ වෛද්‍ය පර්යේෂණයකින් හෙළිවුණේ, බෲස් ලී අධික ලෙස වතුර බීම නිසා (Hyponatremia) ඔහුගේ වකුගඩුවලට වතුර පෙරා හැරීමට නොහැකි වී මොළය ඉදිමී මියයන්නට ඇති බවයි. ඔහු එකල දියර ආහාර පමණක් ලබාගත් බවත් පැවසෙනවා.

වස දීමක්ද, මාෆියා ප්‍රහාරයක්ද, නැත්නම් ඇත්තටම ශාපයක්ද❓හේතුව මොකක් වුණත් සටන් කලාවේ රජු වුණු බෲස් ලීගේ අඩුව පුරවන්න අදටත් කිසිම කෙනෙකුට හැකිවෙලා නැහැ.

​ඔයාලා හිතන්නේ බෲස් ලීගේ මරණය ස්වභාවික එකක්ද, නැත්නම් සැලසුම් සහගත ඝාතනයක්ද❓Comment එකක් දාන් යන්න❗ 👇 තව කෙනෙක්ට බලන්න Share කරන්න 😍



📌 බෲස් ලීගේ අභිරහස් මරණය පිටුපස සැඟවුණු චීන මාෆියාවේ සහ "පවුලේ ශාපයේ" ඇඟ කිලිපොලා යන සැබෑ කතාව❗ 🐉👊🩸💀

කර්මය උපත ලෙසද පැමිණිය හැකිය..යුක්තිය බිළිදාටද ඉටුවිය යුතුය...
12/07/2026

කර්මය උපත ලෙසද පැමිණිය හැකිය..
යුක්තිය බිළිදාටද ඉටුවිය යුතුය...

1994 දී අකුරැස්සේ සිදු කළ ඝාතනයකට අදාලව, වසර 32කට පසුව ඊයේ මරණ දණ්ඩනය ස්ථිර කෙරුවා. ඒ, වාර කිහිපයකදී ඇපීල් කරන ලද දීර්ඝ ...
12/07/2026

1994 දී අකුරැස්සේ සිදු කළ ඝාතනයකට අදාලව, වසර 32කට පසුව ඊයේ මරණ දණ්ඩනය ස්ථිර කෙරුවා. ඒ, වාර කිහිපයකදී ඇපීල් කරන ලද දීර්ඝ නඩුවක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කරමින්. කෙනෙක් මිය යද්දී කරන “මරණාසන්න ප්‍රකාශවල වැදගත්කම“ ඉතාම ගැඹුරින් හෙළි කළ නඩුවක් තමයි මේ නඩු තීරණය.

මීට වසර 32කට පෙර අකුරැස්සේදී මොකක්ද වුණේ? කවුද කාවද ඝාතනය කළේ? මොකක්ද මේ මරණාසන්න ප්‍රකාශය? අවසන් තීරණය මොකක්ද? අපි දැන් ඒ ගැන විමසා බලමු.

මේ, ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (ජූලි 10) දින තීරණය කරන ලද, SC Appeal No. 35/2020 නඩු තීරණය පිළිබඳ සටහනක්.

මොකක්ද සිදුවීම?

කතාව පටන් ගන්නෙ 1994 සැප්තැම්බර් 8 වැනිදා. මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස නගරයේ “ඉඹුල්‍ගොඩ“ ප්‍රදේශයේ වූ සිද්ධියකින්.

ඊට දින කීපයකට කලින්, “ධර්මරත්න“ නම් කෙනෙක්, සියදිවි හානි කරගත්තා. ධර්මරත්නගෙ හත් දවසෙ බණ-දානමය පිංකම තමයි, සැප්තැම්බර් 8-9 දිනවල තිබුණෙ.

මේ පිංකම තිබුණෙ, සියදිවි හානිකරගත් ධර්මරත්නගෙ සහෝදරයාගෙ ගෙදර. සහෝදරයා තමයි සෝමරත්න. මේ පිංකමට මිනිස්සු 500 ක් විතර සෝමරත්නගෙ ගෙදරට ආවා. මේ ආපු පිරිස අතර හිටියා, “ජිනදාස“ සහ “ලයනල්“ කියලා දෙන්නෙක්.

බණ ඉවර වුණා. ජිනදාසයි තව කීප දෙදෙනකුයි, බිමට පැදුරක් දාලා බිම ඉඳගත්තා. ඒ බූරුවා ගහන්න බලාගෙන. ජිනදාස ඇතුළු පිරිස බූරුවා ගහන්න ඉඳගත්තහම, ලයනල් ඇතුළු පිරිසක් මේ දිහා බලා ඉන්න වටේට රැස් වුණා.

රෑ 10 පහු වුණා.

පිරිස හිටපු ගෙදරට පිටුපස්සෙන් තිබුණෙ කුඩා කන්දක්. ගේ පිටුපස කන්දෙ ඉඳන්, එක පුද්ගලයෙක් තුවක්කුවක් අරගෙන මෙතැනට ආවා.

ඇවිත්,

“එකෙක්වත් දුවන්නෙපා. ඔක්කොම වාඩි වෙන්න“ කියලා කෑ ගහලා කිව්වා.

ඊට පස්සෙ මේ තුවක්කුකාරයා, රැස්වෙලා හිටපු පිරිස දිහාට තුවක්කුව දිගු කෙරුවා. එල්ලයක් ගත්තා. ලයනල් මේ බව දැක්කා. ලයනල් ඇතුළු හැමෝම එතැනින් පැනලා දිව්වා. පැනලා ටික දුරක් දුවද්දිම ලයනල්ට ඇහුණා වෙඩි සද්දයක්. ඒ සද්දෙ ආවෙ, බූරු පිටිය තිබුණු තැනින්. හැබැයි වෙඩිල්ල තියනවා ලයනල් දැක්කෙ නෑ.

මේ වෙඩිල්ල වැදිලා තිබුණෙ, බූරු පිටියෙ හිටපු “ජිනදාස“ ට. වෙඩිල්ල තියලා තිබුණෙ පිටුපස ඉඳන්. පපුවට පිටුපසින් තමයි තුවාල වුණේ.ඊට අමතරව, වෙඩි තැබූ තුවක්කුවේ බඳෙන්, ජිනදාසගෙ ඔලුවට පහරදීමකුත් වෙලා තිබුණා. බිම ලේ තිබුණා. පොලිස් පරීක්ෂණවලදි හොයාගත්තා, තුවක්කු පහර දෙනකොට ගැලවිලා ගිය තුවක්කු මිටෙහි කොටස්.

සිද්ධිය වූ වෙලාවෙම, ජිනදාසගෙ බිරිඳ වූ “සිරියාවතී“ට මේ බව ආරංචි වුණා. එයා දුවගෙන ආවා. සිරියාවතී එද්දි, ජිනදාස එතැනම බිම වැටිලා හිටියා. සිරියාවතී මේ බව දැක්කා. ජිනදාස හිටියෙ ලේ විලක් මැද. හැබැයි ජිනදාසට කතා කරගන්න පුලුවන්කම ඒ වෙද්දිත් තිබුණා.

මේ වෙලාවෙ සිරියාවතී ඇහුවා මොකක්ද වුණේ කියලා.

ජිනදාස කිව්වා, “දියලපේ වස්තුවා වෙඩි තිබ්බා. තුවක්කු මිටෙන් ගැහුවා“ කියලා.

පසු කාලයේදි උසාවිය තුළ මේ ප්‍රකාශය වාර කීපයකදීම හරස් ප්‍රශ්නවලට ලක් කෙරුවා. ලොකු වෙනස්කමක් නැතිව සිරියාවතී දිගින් දිගටම මේ ප්‍රකාශය නිවැරදිව කිව්වා. ඒ කියන්නෙ, ජිනදාස විසින් මරණාසන්නව කරපු ප්‍රකාශය“ කිව්වා.

ඇයි මේ ප්‍රකාශය වැදගත්?

මේ වගේ ප්‍රකාශයකට කියනවා, මරණාසන්න ප්‍රකාශයක් කියලා. (Dying Declaration)

ඒ මොකක්ද?

ඒක ප්‍රකාශයක්. මරණය අබියස ඉන්න කෙනෙක් විසින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශයෙන් එයා හෙළි කරනවා මරණයට හේතු වෙච්ච යමක්. ඒ කියන්නෙ තමන්ගේම මරණයට හේතු වෙච්ච දෙයක් ගැන, යමෙක් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය කරන කෙනා ඊට පසුව මියයන හින්දා, මේක බොහොම ප්‍රවේසමෙන් තමයි අධිකරණය තුළ සළකා බලන්නෙ.

වෙඩිල්ලට පසුව මොකද වුණේ?

ඊට පස්සෙ, සිරියාවතී, ඇගේ සහෝදරයා වන ප්‍රේමරත්න සහ තවත් කෙනෙක් එක්ක, ජිනදාසව අකුරැස්ස රෝහලට ගෙනිච්චා. ඒ ත්‍රීවිල් එකකින්. මේ යන අතරතුරත්, ජිනදාස තවත් දෙයක් සිරියාවතීට පැවසුවා යැයි සිරියාවතී කිව්වා.

“බොන්න වතුර ටිකක් ඉල්ලුවාම, වස්තුවාගෙ අයියා ඇසිඩ් වත්කළා“ ඒ තමයි ප්‍රකාශය.

මේ ප්‍රකාශ 2ට අනුව ජිනදාසට, දියලපේ වස්තුවා වෙඩි තිබ්බා. දියලපේ වස්තුවාගෙ අයියා ඇසිඩ් වත් කෙරුවා.

හැබැයි මේ දෙවැනි ප්‍රකාශය, සිරියාවතී විසින්, ජිනදාසගෙ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලෙස ලබා දීලා තිබුණෙ නෑ. පොලිසියට ඒ බව කියලා තිබුණෙත් නෑ. මේ අනුව, මුල් අධිකරණයේදී මේ ප්‍රකාශය නොසළකා ඉන්න අධිකරණය තීරණය කෙරුවා.

රෝහලට ගෙනයෑමෙන් පසුව මොකද වුණේ?

මේ පිරිස ජිනදාසව අකුරැස්ස රෝහලට ඇතුළත් කෙරුවා. ඊට පස්සෙ සිරියාවතී අකුරැස්ස පොලිසියට ගියා. අපරාධය ගැන පැමිණිලි කෙරුවා. ඊට කලින් මේ සිදුවීම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තිබුණෙ නෑ. පසුව ජිනදාසව මාතර රෝහලට මාරු කරලා යැව්වා. මාතර රෝහලේදි ජිනදාස මැරුණා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව, ජිනදාසගේ පපුවේ පිටුපසට වෙඩි උණ්ඩයක් ඇතුළු වී, 11 වන ඉළ ඇටයට, දකුණු පෙනහැල්ලේ පහළ කොටසට, ප්‍රාචීරයට සහ අක්මාවට මාරාන්තික හානි වීමෙන් තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නෙ. ඊට අමතරව ජිනදාසගේ කළවයේ කැපුම් 2ක් තිබුණා. මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව, මුහුණ, පපුව, බෙල්ල සහ අත්වල ඇසිඩ්වලින් ඇති වූ පිළිස්සුම් තුවාල තිබෙන බවත් හොයාගත්තා.

ඒ අනුව මරණයට හේතු වුණේ, වෙඩි තැබීම නිසා සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය.

පරීක්ෂණ කළ පොලිස් නිළධාරීන් විසින්, වෙඩි තැබීම වූ තැන තිබුණු, ලේ තැවරුණු පැදුරු 2ක්, තුවක්කු මිටෙන් කැඩුණු ලී කැබැල්ලක්, උණ්ඩ 4ක්, මුදල් සහ කාඩ් පැක් 2ක් අධිකරණයට ඉදිරිපත් කෙරුවා. ඊට අමතරව පොලිසිය විසින් තහවුරු කෙරුවා මේ ස්ථනයේ බොහොම පැහැදිලි ආලෝකයක් තිබෙන බව. යාබද කන්දේ සිට එන කෙනෙකුව මීටර් 100ක් පමණ දුර සිට හොඳින් දැකගත හැකි තරම් ආලෝකයක් තිබෙන බව.

1994 සැප්තැම්බර් 10 වැනිදා, තවත් පොලිස් නිලධාරියෙක් “කරාපිටිය“ රෝහලට ගියා. කරාපිටිය රෝහල තිබුණෙ ගාල්ලෙ. වෙඩි තැබීම වූ අකුරැස්සේ සිට සැළකිය යුතු තරම් දුරකින්. පොලිස් නිළධාරියා ගියේ, වෙඩි උණ්ඩයකින් ඇඟිල්ලක් තුවාල වූ රෝගියෙකු ගැන බලන්න. මේ රෝගියාගේ දකුණු අතේ මැණික් කටුව වෙළලා තිබුණා. ඊට අමතරව වම් අතේ, වෙදැඟිල්ලෙ කැපුමක් තිබුණා. මේ විදිහට ආපු රෝගියා තමයි, දියලපේ වස්තුවා. කොහොමද වස්තුවාට තුවාල වුණේ? ඒ ගැන මුල් අවස්ථාවේදී කිසිම පැහැදිලි විස්තරයක් තිබුණෙ නෑ.

වෙඩි තැබීම ගැන සාක්ෂි දුන් “ලයනල්“ පසුව හෙළි කෙරුවා, දියලපේ වස්තුවා සහ මියගිය ජිනදාස අතර, ඊට පෙර අඩදබරයක් හටගෙන තිබුණු බව. මේ සම්බන්ධව ඔවුන් පොලිසිත් ගිහින් තිබුණා. තමන් වෙඩි තැබීම වෙලාවෙ දුටු දේවල් ආදියත් ඔහු අධිකරණයට කිව්වා.

අධිකරණයේදි දියලපේ වස්තුවා මොකක්ද කිව්වෙ?

ඔහු මේ වෙඩි තැබීමේ චෝදනාව ප්‍රතික්ෂේප කෙරුවා. එතැනදී වෙඩි හඬක් ඇහුණු බවත්, අවට දුමින් වැහුණු බවත්, අනෙක් පිරිසත් එක්ක තමන් දිවගිය බවත් වස්තුවා කිව්වා. පසුව ඇඟිල්ලේ තුවාලයක් තිබෙන බව දැන, කරාපිටිය රෝහලට ගිය බව කිව්වා. ළඟම තිබුණු අකුරැස්ස රෝහලට නොගියෙ ඇයි කියලා ඔහු පැහැදිලි කෙරුවෙ නෑ.

මේ වගේ ප්‍රකාශවලට කියනවා “Dock Statement“ එකක් කියලා.

ඒ කියන්නෙ මොකක්ද?

මෙවැනි අධිකරණ ප්‍රකාශයක් දෙන්නෙ, දිව්රීමක් නැතිව. මේ වගේ ප්‍රකාශයක් හරස් ප්‍රශ්නවලට ලක් කරන්න බෑ. මේ වගේ ප්‍රකාශයක්, එම ප්‍රකාශය විසින්ම තදබල ලෙස ඔප්පු වෙනවා නම් හැර, අධිකරණයේදී ඒ තරම් වැදගත් ලෙස සැළකීමට බඳුන් කරන්නෑ.

මෙතැන හිටපු “රංජිත්“ නම් තවත් කෙනෙක් අධීකරණයේදි සාක්ෂි දුන්නා.

රංජිත් කිව්වා, තමන් ජිනදාස අසළින්ම බූරු ගසමින් හිටපු බව. වෙඩි හඬක් ඇහුණු බව. දුවපු බව. තමාගෙත් කකුලකට තුවාල වූ බව. ඒ වගේම වෙඩි තැබුවේ කවුදැයි තමන් දැකපු නැති බවත්, දියලපේ වස්තුවාව තමන් ඒ මුලු දිනය පුරාම එතැන ඉන්නවා දැක්කෙ නැති බවත් කිව්වා.

මේ සියළු සාක්ෂි සාධක සමඟ, මාතර මහාධිකරණය තුළ දීර්ඝ නඩු විභාගයක් පැවතුණා.

අවසානයේදි 2009, පෙබරවාරි 11 වැනිදා, මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කෙරුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්ති ප්‍රකාරව “මිනීමැරුම“ නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන්, චූදිතයාට මරණ දණ්ඩනය ලබා දුන්නා.

මහාධිකරණ තීරණය, චූදිතයා විසින් ගරු ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට ඇපීල් කෙරුවා.

අභියාචනාධිකරණය තුළත්, මේ සම්බන්ධව දීර්ඝ ලෙස සළකා බැලුවා.

2017 පෙබරවාරි 27 වැනිදා, අභියාචනාධිකරණය විසින්, මාතර මහාධිකරණය විසින් දුන් තීරණය ස්ථිර කෙරුවා. ලංකාවේ නීතියට අනුව, මීළඟට අවසාන වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කිරීමේ අවස්ථාව හිමි වුණා. චූදිත විසින් මේ තීරණය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කෙරුවා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ජිනදාස විසින් කළ මරණාසන්න ප්‍රකාශය, සිද්ධිය වූ තැන තිබුණු පරිවේෂණීය සාක්ෂි, අභියාචනයේදී මේ කාරණා නිසි ලෙස සළකා බැලුවාද, ඇසින් දුටු සාක්ෂිවල තත්ත්වය, චූදිතට සිදුව තිබූ තුවාලය, ආදී සියල්ල ගැන සාකච්ඡා කෙරුවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුව ඇපීල් කෙරුවෙ ඇයි?

වස්තුවාගේ පාර්ශ්වය ප්‍රධාන ප්‍රශ්න 3ක් ඉදිරිපත් කෙරුවා.
පළමුවැන්න තමයි, මරණාසන්න ප්‍රකාශය ගැටළුසහගත බව.
දෙවැන්න තමයි, ඇසින් දුටු සාක්ෂි සහ, ස්ථානීය සාක්ෂි අතර ගැටළු තිබෙන බව.
තුන්වැන්න තමයි, වරද සිදු කෙරුවා යැයි කියන වස්තුවාට පවා, තුවාල සිදු වීම. මේ අනුව, වෙඩිල්ල තැබුවේ වෙනත් පාර්ශ්වයක් විය හැකි බව ඔවුන් කිව්වා. වස්තුවාද මේ සිදුවීමේ වින්දිතයෙක් බව කිව්වා.

මරණාසන්න ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ මොනවද?

මේ ගැන ලංකාවෙ නීතියට අනුව, නීති ප්‍රතිපාදන තියෙන්නෙ සාක්ෂි ආඥා පනතේ 32(1) වගන්තියේ. එහිදී කියනවා, තමන්ගෙ මරණය ගැන යමෙක් කරන ප්‍රකාශයක තිබෙන වැදගත්කම ගැන. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප්‍රතිපාදන ගැන සිය අවධානය යොමු කෙරුවා.

මේ වගන්තියට අනුව, මරණාසන්න ප්‍රකාශයක් කියන්නෙ අධිකරණය තුළ පිළිගත හැකි ප්‍රකාශයක්.

මෙහිදී අධිකරණය විසින්, Wright v. Littler (1761) සහ R. v. Woodcock (1789) යන විදෙස් නඩුවලදී සාකච්ඡා කර තිබුණු, වැදගත් නෛතික ආප්තයක් යොදාගත්තා.

ඒ තමයි,

“Nemo Moriturus Praesumitur Mentire“ නම් ආප්තය.

මේ ලතින් ආප්තයේ සරල අදහස තමයි,

“මරණාසන්න මොහොතේදී කිසිවෙක් හෝ බොරු කියන්නේ නැත“ කියන එක.

මේ ලතින් ආප්තය, ඊට පෙර විසඳන ලද නඩු තීරණවලදී දීර්ඝ ලෙස විවිධ න්‍යායන් සාකච්ඡා කිරීමෙන් පසුව, නීතියට එක් කරගත් ආප්තයක්.

නමුත් මෙවැනි ප්‍රකාශයක්, අධිකරණයට ඉදිරිපත් කරද්දී විවිධ ගැටළු මතුවෙනවා. ඒ අනුව, යමෙකුගේ මරණාසන්න ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඒ ගැන සළකා බලන්නට හැකි ආකාරයේ “ක්‍රමවේදයක්“ අධිකරණය භාවිත කෙරුවා.

මේ සඳහා, ගරු යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා විසින්, මූලික මූලධර්ම 10කිනුත්, සරළ පියවර 3කිනුත් යුත් පරීක්ෂණයක් භාවිත කෙරුවා.

මොනවද ඒ සරළ පියවර 3?

පළමුවැන්න තමයි, මේ මරණාසන්න ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරන ඇසූ-දුටු සාක්ෂිකරු, විශ්වාසනීය සහ අවංක කෙනෙක්ද? (මේ නඩුවේදී නම් සිරියාවතී)

දෙවැන්න තමයි, මියගිය පුද්ගලයා පැවසූ දේ ඇත්තද?

තුන්වැනි පියවරට යන්නේ, ඉහත පියවර දෙකටම පිළිතුර “ඔව්“ නම් විතරයි.

තුන්වැනි පියවර තමයි, එසේ නම් මෙම ප්‍රකාශයට, සාක්ෂියක් ලෙස කොයි තරම් බරක් දිය යුතු ද?

මේ පියවර තුනෙහි පරීක්ෂණය තරමක් සංකීර්ණයි. නමුත්, අපිට දැන් වැදගත් වෙන්නෙ, මේ නඩුවට එය අදාල කරගත්තේ කොහොමද කියන කාරණය. අපි දැන් ඒ ගැන බලමු.

සිරියාවතී විශ්වසනීය සහ අවංක කෙනෙක්ද? ඔව්. ඊට හේතුව වුණේ, ඇය පොලිසියට ලබා දුන් මුල් ප්‍රකාශයේ සිටම ඇගේ මේ ප්‍රකාශය විශ්වසනීයව නොවෙනස්ව ලබා දීම. මේ ප්‍රකාශයේ පරිදි, දියලපේ වස්තුවා විසින් වෙඩි තැබූ බව දැනගැනීමට මියගිය “ජිනදාසට“ පැහැදිලිව පුලුවන්කම තිබුණා. එතැනට ඇවිත් වස්තුවා විසින් කවුරුත් දුවන්නෙපා‘යි ඔහුගේම හඬින් කෑ ගහලා කියා තිබුණා. ජිනදාස සහ වස්තුවා ඉඳලා තිබුණෙ අති විශාල දුරකින් නෙවෙයි. නමුත්, මේ මරණාසන්න ප්‍රකාශය ගැන, අභියාචනාධිකරණය මේ තරම් ගැඹුරින් සළකා බලා නොතිබූ බව, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙරුවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනයේ මීළඟ වැදගත් ප්‍රශ්නය වුණේ, සාක්ෂි ලබාදුන් ලයනල්ගේ ප්‍රකාශය ගැන. නමුත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව, මහාධිකරණ තීන්දුවේ සැළකිය යුතු ගැටළුවක් නැති බව අධිකරණය තීරණය කෙරුවා.

මෙහිදී මතු වුණු, ප්‍රබලම ගැටළුව වුණේ, “දියලපේ වස්තුවා“ හෙවත් චූදිතයාට සිදු වූ තුවාලය. මේ අනුව, අභියාචකයින් තර්ක කෙරුවා, වෙනත් තුන්වැනි පාර්ශ්වයක් විසින් වෙඩි තැබූ බව. ජිනදාස මෙන්ම චූදිතයා වූ වස්තුවාද ඉන් තුවාල ලබන්නට ඇති බව. ඒ අනුව, වැරදි කෙනෙකුව චූදිතයෙක් බවට පත් කර තිබෙන බව. මේක බොහොම විශේෂ සහ ප්‍රබල තර්කයක් වුණා.

ඇත්තටම කොහොමද චූදිතයාට තුවාල වුණේ?

මේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියේ ප්‍රබල ලෙස මතු වුණා. නීතිපති පාර්ශ්වයට (අපරාධ නඩුවක වින්දිතයා වෙනුවෙන් පෙනී ඉන්නා පාර්ශ්වය) මේ ගැන පැහැදිලිකිරීමක් තිබුණෙ නෑ. මේ නිහැඬියාව විසින් වුණත්, චූදිතයාට නිදහස් වෙන්න හේතු හැදෙනවා. ඒ අනුව මෙය විසඳිය යුතුම තත්ත්වයක තිබුණා.

මේ අනුව, මුල් අධිකරණ අවස්ථාවලදී පවා භාවිත කළ විමර්ශන වාර්ථා නැවත සළකා බලන්න අධිකරණයට සිද්ධ වුණා. මේක සියලු පරීක්ෂණ 1994 අවස්ථාව තෙක් නැවත විමර්ශනය කිරීමක්. එහිදී, වස්තුවා රෝහල්ගත වීමට අදාල වාර්ථා පවා නැවත සළකා බැලුවා.

එහිදී, වස්තුවා 1994 දී කරාපිටිය රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ වෛද්‍යවරයෙකුට කළ ප්‍රකාශයක්, පැරණි වෛද්‍ය-නෛතික වාර්ථාවක සටහන්ව තිබුණා.

මේ වාර්ථාවට අනුව, 1994 සැප්තැම්බර් 8 වන දින, අකුරැස්ස ඉඹුල්ගොඩදී, තම ගෙදර හැදූ තුවක්කුවක තුවක්කු කට අල්ලාගෙන සිටියදී මෙය සිදු වූ බව, ඔහු විසින් වෛද්‍යවරයාට පවසා තිබුණා. මෙය සිදු වූ බව කියා තිබුණේත්, එදා රෑ 10ට පමණ.

ඒ අනුව, ඝාතනය සිදුව තිබුණේත්, වෛද්‍යවරයාට මේ ප්‍රකාශය කළ තැනම, එදිනම, ඒ වෙලාවට ආසන්න වෙලාවක.

මේ වෙඩිල්ලෙන්, වස්තුවාට ඔහුගේ මහපටැඟිල්ල අහිමි වන තරමේ තුවාලයක් සිදුව තිබුණා.

නමුත් මේ අතිශය විශේෂ කාරණා, අභියාචනාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ.

මේ අනුව, චූදිතගේ (අභියාචනය කරන අවස්ථාවේදී අභියාචකගේ) තුවාලය, තුන්වැනි පාර්ශ්වයක් විසින් කළ එකක් නොව, ඔහුගේම අතින් පත්තු වූ උණ්ඩයකින් බව තහවුරු වුණා. එහි තේරුම වුණේ, වස්තුවා යනු, වෙනත් පාර්ශ්වයක් එල්ල කළ වෙඩිල්ලක අහිංසක ගොදුරක් නෙවෙයි. තමාගේම ප්‍රහාරයක ගොදුරක්. මේ වෙඩිල්ල පත්තු වූ ආකාරය ගැන දශක ගානකට කලින් ඔහු කියා තිබුණේ වෙන කතාවක්. වෙන තැනක්. වෙන සිදුවීමක්. එකම වෙනස වුණේ, ඒ වෙඩිල්ල පත්තු වුණේ, ඝාතනය සිදු කළ තැනදී බව වසර 32කට පසුව හෙළි වීම විතරයි.

මේ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට, මහාධිකරණයේ මෙන්ම අභියාචනාධිකරණයේ සළකා බැලූ බොහෝ කරුණුත්, එහිදී සළකා බලන්නට අතපසු වූ කරුණු විශාල සංඛ්‍යාවකුත් මේ නඩුවේදී නැවත විමසා බලන්නට සිදු වුණා. අලුත් සාධක මතු වුණා. එකම සාක්ෂිවල විවිධ ස්වරූප හෙළි වුණා.

ලයනල් විසින් දුන් ප්‍රකාශය පරිදි, වෙඩික්කරුගේ පැමිණීම, දුවන්න එපා යැයි වෙඩික්කරු කළ ප්‍රකාශය, ඉලක්කය ගැනීම ආදිය සනාථ වුණා.

ජිනදාසගේ මරණාසන්න ප්‍රකාශය අනුව, දියලපේ වස්තුවා විසින් වෙඩිල්ල තැබූ බව, තුවක්කු මිටෙන් පහර දුන් බව හෙළි වුණා.

වස්තුවා විසින් කරාපිටිය රෝහලට ඇතුළත් වෙමින්, මෙම ඝාතනය වූ දිනයේ, ඒ ආසන්න තැනකදී, එම වෙලාවේම, තමන්ගේම තුවක්කුවකින් තමන්ට තුවාල වූ බව කියා තිබුණා.

මරණාසන්න ප්‍රකාශය කළ සිරියාවතීගේ විශ්වසනීයභාවය විශේෂ පියවර 3ක පරීක්ෂණයක් හරහා අධිකරණය විසින්, සාක්ෂාත් කරගත්තා.

මේ අනුව, සියළු සාක්ෂි සමස්ථයක් ලෙස සළකා බලා, මෙම ඝාතනය “සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි“ බව අධිකරණය තීරණය කෙරුවා.

අවසාන තීරණය මොකක්ද?

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, 2009 දී මාතර මහාධිකරණය විසින් ලබා දුන්, පසුව 2017 දී අභියාචනාධිකරණය විසින් ස්ථිර කළ, මරණ දණ්ඩනය තහවුරු කෙරුවා. අභියාචනය ප්‍රතික්ෂේප කෙරුවා.

ඒ අනුව, “අතපත්තු හේවගේ ජිනදාස“ යන අයව ඝාතනය කිරීම සම්බන්ධයෙන්, “බරණවිල ලියනගේ සුනිල්“ හෙවත් ‘වස්තුවා‘ වදරකරු බවට තීන්දු වුණා. ඔහුට මරණ දණ්ඩනය හිමි වුණා.

නඩුවේ තීන්දුව ලබා දුන්නේ, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර යන විනිසුරුතුමන්ලා විසින්.

මේ නඩු තීන්දුව, ලංකාවෙ අපරාධ නීතියට එක් වූ විශේෂ තීන්දුවක්.

ඒ මෙහිදී, මරණාසන්න ප්‍රකාශ ගැන, අපි මෙම ලිපියේ සාකච්ඡා කළාට වඩා ඉතාම ගැඹුරින් සංකල්ප, සහ න්‍යායයන් ඉදිරිපත් කළ නිසා. ලංකාවේදී මෙවන් නඩු කටයුතුවලට වුවමනා ලාංකේය රාමුවක් සකසා ගැනීමට මේ නඩුව වැදගත් නඩුවක්. ඒ වගේම, නඩුවක් අභියාචනය කිරීමේදී, කොයි කවර කාරණාවලට බර දිය යුතුද යන්න ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා වුණා.

ඒ අනුව, මේ විසඳුණේ, දශක තුනක් (වසර 32ක්) තිස්සේ වාද-විවාද වෙමින්, විවිධ අධිකරණවල ඇපීල් වෙමින් පැවති දීර්ඝකාලීන නීතිමය ගැටුමක්. ⚖️

🟡(නඩු තීන්දු ඇතුළු කලින් ලිපි සියල්ල, පළමුවැනි කමෙන්ට් එකේ තියෙන ලින්ක්වලින් කියවන්න පුළුවන්)

වැඩිදුර කියවන අයට නඩු අංක:

-ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක: SC Appeal No. 35/2020
-අභියාචනාධිකරණ නඩු අංක: CA Appeal No. CA 30/2009
-මහාධිකරණ නඩු අංක: No. 58/2004

සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ මහතාගෙන් උපුටාගත්තකි.

මීගමුව බන්ධනාගාරෙ ළමයා ඉන්නව කියල අඬන අම්මලට “ළමයි හදලා තියෙන හැටි”, “පන්සල් යද්දිද බන්ධනාගාරෙට දාලා තියෙන්නෙ?” අහන අයට ...
07/07/2026

මීගමුව බන්ධනාගාරෙ ළමයා ඉන්නව කියල අඬන අම්මලට “ළමයි හදලා තියෙන හැටි”, “පන්සල් යද්දිද බන්ධනාගාරෙට දාලා තියෙන්නෙ?” අහන අයට ;

1. වාහනයක් හැප්පිලා මනුස්සයෙක් මැරිලා හරි බරපතල තුවාල වෙලා හරි කෙනෙක් රිමාන්ඩ් කරා නම් ඉන්නෙ බන්ධනාගාර රැඳවියෙක් විදිහට

2. සමුපකාරෙන් ණයක් අරන් ගෙවන්නත් උසාවියෙ වගකීම බාර අරන් අදාල වාරික ගානෙන් ගෙවාගන්න බැරි වුනාම රිමාන්ඩ් වෙනවා. එතකොට දාන්නෙත් බන්ධනාගාරෙට.

3. අහල පහල දෙපාර්ශවයක් රණ්ඩු කරගෙන 81 වගන්තියෙන් කරුණු වාර්තා කරල සමාදානෙන් ඉන්නෙ නෑ කියල බොරුවට හරි පොලිසියෙන් කිව්වොත් යවන්නෙ බන්ධනාගාරෙට

4. නඩත්තු මුදල ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි වෙලා හිග මුදල් ගොඩ ගැහිලා රිමාන්ඩ් කරොත් යවන්නෙත් බන්ධනාගාරෙට

5. හොඳටම හිර වුන බස් එකේදි brake ගහද්දි ඇඟේ හැප්පුනා කියල අතවර කියලා පොලිසියට පැමිණිලි කරල උසාවි දැම්මොත් විනිසුරුට මේකාව දාන්න ඕනි දවසක් දෙකක් ඇතුලට කියල හිතුනොත් යවන්නෙ බන්ධනාගාරෙට

6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

මේ වගේ ගොඩක් තියෙනවා වෙන්න පුලුවන් දේවල්..

නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා වගේම තමයි කවදාවත් රිමාන්ඩ් වෙන්නෙ නැති කෙනෙක් මං කියල හිතාගෙන රිමාන්ඩ් එකේ ඉන්න ඔක්කොම මරන්න ඕනි කියල හිතන් ජීවත් වෙන්නත් එපා.

Via Hashani Gunathilake AAL 🖤

මේ වීදි සුනඛයා ගස්වල කොළ කටින් කරගෙන කඩේට එන්න පටන් ගත්තා..ඔහු එහෙම කරපු හේතුව දැනගත්තම හැමෝම පුදුම වුනා.. 🍂💵අපි හැමෝම ද...
25/06/2026

මේ වීදි සුනඛයා ගස්වල කොළ කටින් කරගෙන කඩේට එන්න පටන් ගත්තා..
ඔහු එහෙම කරපු හේතුව දැනගත්තම හැමෝම පුදුම වුනා.. 🍂💵

අපි හැමෝම දන්නවා බල්ලෝ කියන්නේ මාරම විශ්වාසවන්ත, ඒ වගේම අපිට ගොඩක් ආදරේ කරන සත්තු ජාතියක් කියලා. හැබැයි එයාලා අපිට ආදරේ විතරක් නෙවෙයි, අපි හිතනවාට වඩා දහස් ගුණයක් මොළයක් තියෙන, මාරම සූක්ෂම, සුපිරිම බුද්ධිමත් සත්තු කොට්ඨාසයක් කියලා ඔප්පු කරපු අපූරු යාළුවෙක් තමයි මේ කතාවේ ඉන්නේ. 😎🐶

මේ කතාව සිද්ද වෙන්නේ අපෙන් ගොඩක් ඈත තියෙන දකුණු ඇමරිකානු රටක් වෙන කොලොම්බියාවේ. එහේ තියෙනවා "මොන්ටෙරේ තාක්ෂණික විශ්වවිද්‍යාලය" කියලා ලොකු කැම්පස් එකක්.
ඉතින් මේ කැම්පස් එක අස්සේ නිදැල්ලේ ඇවිදගෙන, හැමෝමත් එක්කම යාළු වෙලා සෙල්ලම් කර කර හිටපු හුරතල් කළු පාට බල්ලෙක් හිටියා. කැම්පස් එකේ ළමයි, ප්‍රොෆෙසර්ලා වගේම එහේ වැඩ කරන සේවකයෝ හැමෝම මෙයාට ආදරේට කිව්වේ "නෙග්‍රෝ" (Negro) කියලා. 🖤

නෙග්‍රෝ කියන්නේ නිකන්ම නිකන් බල්ලෙක් නෙවෙයි. මුළු කැම්පස් එකේම ආරක්ෂකයා වගේ තමයි මෙයා හිටියේ. කැම්පස් එකේ ළමයි ලෙක්චර්ස් යනකොට මෙයත් එයාලගේ පස්සෙන් යනවා, එයාලා සෙල්ලම් කරනකොට බලාගෙන ඉන්නවා. හැබැයි නෙග්‍රෝ හැමදාම මාරම උනන්දුවකින්, ඇස් ලොකු කරගෙන බලාගෙන හිටපු තවත් එක විශේෂ තැනක් කැම්පස් එක ඇතුළේ තිබුණා. 🧐

ඒ තමයි කැම්පස් එකේ ළමයි කෑම, බීම, බිස්කට් ජාති ගන්න එන පොඩි කැෆටේරියා එක. නෙග්‍රෝ හැමදාම හවසට මේ කැෆටේරියා එක ගාවට වෙලා බිම වාඩි වෙලා මාරම සෝදිසියෙන් බලාගෙන ඉන්නවා. ☕🍪

මෙයා බලන් හිටියේ ළමයි කෑම කන දිහා විතරක්ම නෙවෙයි. තව නිරීක්ෂණය කරපු එක දෙයක් තිබ්බා. කැම්පස් එකේ ළමයි කවුන්ටරය ළඟට යනවා, සාක්කුවෙන් මොනවා හරි කොළ කෑලි වගයක් අරන් අර කවුන්ටරේ ඉන්න කෙනාට දෙනවා, ඊටපස්සේ ඒ කෙනා ඒ කොළ කෑලි ටික අරන් ළමයින්ට රසම රස "කුකීස්" දෙනවා. 🍪💸

නෙග්‍රෝ මේක දවසක් දෙකක් නෙවෙයි, මාස ගණනාවක් තිස්සේ බලන් හිටියා.මෙයා තනියම කල්පනා කරන්න ඇති, "ආහ්... ඒ කියන්නේ අර කවුන්ටරේ ඉන්න මනුස්සයාට ඔය වගේ කොළ කෑල්ලක් දුන්නාම, ඒ වෙනුවට අර රසම රස බිස්කට් එකක් දෙනවා!" කියලා. 🧠💡

එක දවසක නෙග්‍රෝ තීරණය කරන්න ඇති මටත් දැන් කුකී එකක් කන්න ඕන කියලා. හැබැයි ඉතින් බල්ලෙක්ට සල්ලි කොහෙන්ද නේද? 🤷‍♂️
හැබැයි අපේ නෙග්‍රෝ ලේසියෙන් පරාද වෙන කෙනෙක් නෙවෙයි කියලයි ආරංචි. මෙයා කැම්පස් එක වටේ ඇවිදිනකොට දැක්කා ගස්වලින් බිමට වැටිලා තියෙන වේළුණු කොළ ජාතියක්. ඒ කොළවල පාටයි, හැඩයයි නිකන් අර ළමයි දෙන සල්ලි නෝට්ටු වගේමයි කියලා මෙයාට හිතෙන්න ඇති. 🍂💵

ඉතින් මෙයා මොකද කළේ දන්නවද? බිම තිබ්බ ලස්සන, ලොකු කොළයක් කටින් හපාගෙන කෙළින්ම ඇවිදගෙන ආවා කැෆටේරියා එකේ කවුන්ටරය ළඟට. 🐾
ඇවිත්, අර කවුන්ටරේ ඉන්න සේවකයා දිහා බලාගෙන වලිගය වන වනා, තමන්ගේ කටේ තිබ්බ කොළය හෙමින් සැරේ කවුන්ටරය උඩින් තිබ්බා! තියලා මෙයා බලාගෙන ඉන්නවා හරියට සල්ලි දීපු ලොකු මහත්තයෙක් වගේ. 🐕🕺

කවුන්ටරේ හිටපු සේවකයාටයි, ඒ වෙලාවේ එතන හිටපු ළමයින්ටයි මේක දැකලා ඇස් අදහාගන්න බැරි වුණා. මුළු කැෆටේරියා එකම එක පාරටම හිනා හඩක් පැතිරුනේ නොදැනුවත්වමයි. මොකද ඒ සේවකයාට නෙග්‍රෝගේ මේ අහිංසක, කපටි වැඩේට හිනා නොදමන්න බැරි වුණා. 😂

ඉතින් ඒ සේවකයා නෙග්‍රෝව රවට්ටන්න හැදුවේ නැහැ. ඔහු ඒ කොළ කෑල්ල අරන් සල්ලි ලාච්චුවට දාගන්නවා වගේ රඟපෑමක් කරලා, නෙග්‍රෝට රසම රස කුකී එකක් දුන්නා. නෙග්‍රෝට සතුට වැඩි කමට නැට්ට වන වන හිටියලු! මෙයා ඒකත් කටින් අරන් දුවලා ගිහින් රස කර කර කන්න ඇති ඊටපස්සේ. 😋🎉

ඇත්තටම එතනින් පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. නෙග්‍රෝ හිතුවා, "වැඩේ ගොඩ! මම ක්‍රමය හොයාගත්තා. දැන් මට ඕන වෙලාවට සල්ලි හොයාගන්න පුළුවන්!" කියලා.
ඔන්න ඉතින් එදා ඉඳන් නෙග්‍රෝගේ දිනචරියාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙයා හැමදාම උදේට නැගිටලා කැම්පස් එක වටේ ඇවිදලා ලස්සනම ලස්සන කොළයක් හොයාගන්නවා. ඊටපස්සේ ඒකත් කටින් අරන් කෙළින්ම කැෆටේරියා එකට එනවා. 📆
ඇවිත් පුරුදු විදිහටම කොළය කවුන්ටරයෙන් තියලා එයාගේ "කුකී" එක බාගන්නවා. සමහර දවස්වලට මෙයා දවසට දෙතුන් පාරක්ම කොළ අරන් එන්න පටන් ගත්තා. මොකද මුළු කැම්පස් එකේම කොළ වැහි වැහැලානේ! මෙයාට නිකන් සල්ලි අච්චු ගහනවා වගේ වැඩක් තමයි වුණේ. 🤑🍃

කැෆටේරියා එකේ අක්කලයි අයියලයි නෙග්‍රෝට මාරම ආදරේ නිසා කවදාවත් ඔහුව හිස් අතින් නැත්නම් මෙයාට කට හිස්ව යවන්න හිතක් තිබිලා නෑ. හැමදාම එයා දෙන කොළේට හරියන්න කුකීස් දුන්නා. 🍪
හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැනේ.

නෙග්‍රෝ දවසට හතර පස් වතාවක් කොළ අරන් ඇවිත් කුකීස් කන්න ගත්තාම කැම්පස් එකේ අය්යලටයි, සේවකයින්ටයි පොඩි බයක් හිතුණා. මොකද පැණි රස කෑම, බිස්කට් වගේ දේවල් බල්ලන්ට ඕනෑවට වඩා දුන්නොත් උන් ලෙඩ වෙන්න පුළුවන්. 🤢🩺🐾

ඒ නිසා කැෆටේරියා එකේ අය එකතු වෙලා පොඩි නීතියක් දැම්මා. නෙග්‍රෝට දවසට දෙන්න පුළුවන් උපරිම කුකීස් ගාණ එයාලා සීමා කළා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සු කන බිස්කට් වෙනුවට බල්ලන්ට කන්න සුදුසු, සෞඛ්‍යයට අහිතකර නොවන විශේෂ සත්ව බිස්කට් වර්ගයක් තමයි නෙග්‍රෝ වෙනුවෙන්ම එයාලා ලෑස්ති කරලා තිබ්බේ. 🐶👍

නෙග්‍රෝට ඉතින් සීමා කිරීම් දැම්මාම පොඩ්ඩක් අවුල් වගේ තමයි. සමහර වෙලාවට කොළයක් ගෙනාවාම "දැන් බෑ" කිව්වහම මෙයා කොළෙත් කටේ තියාගෙන අහිංසක විදිහට බලන් ඉන්නවලු. හැබැයි ඉතින් එයාගේ සෞඛ්‍යය වෙනුවෙන් කැම්පස් එකේ හැමෝම ඒ දේ වගකීමෙන් කළා.

දවසක් කැම්පස් එකේ මහාචාර්යවරියක් වෙන "ඇන්ජෙලා ගාර්සියා බර්නල්" නෙග්‍රෝ මේ විදිහට කොළයක් දීලා බිස්කට් එකක් ගන්න අපූරු දර්ශනය තමන්ගේ ෆෝන් එකෙන් වීඩියෝ කරලා තිබුණේ. ඇය ඒක "බල්ලෝ කියන්නේ කොයිතරම් බුද්ධිමත් සත්තුද" කියලා ලස්සන සටහනක් එක්ක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරලා. 📱🌐📈

ඔන්න ඉතින් සිද්ද වුණු දේ! ඒ වීඩියෝ එක පැය කිහිපයක් ඇතුළත ලෝකය පුරාම පැතිරිලා ගියේ හරි ඉක්මනින්ලු. මිලියන ගණන් මිනිස්සු මේ වීඩියෝ එක බැලලා එයාලගේ අදහස් කියන්නත් අමතක කරලනම් නෑ.

මුළු ලෝකෙම මාධ්‍ය නාලිකාවල BBC, CNN වගේ ලොකු චැනල් පවා නෙග්‍රෝ ගැන ප්‍රවෘත්ති පළ කළා. 📺📰
ලෝකේ නන් දෙසින් මිනිස්සු නෙග්‍රෝගේ මේ බුද්ධිමත්කමට සහ හුරතල් වැඩේට ලයික්ස්, කමෙන්ට්ස් දාන්න ගත්තා.

නෙග්‍රෝ කියන්නේ නිකන්ම නිකන් බල්ලෙක් නෙවෙයි, මුළු ලෝකෙම දන්නා පුංචි තරුවක් බවට පත් වුණා. ✨🐕
නෙග්‍රෝගේ මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න මාරම ලොකු දේවල් ටිකක් තියෙනවා නේද?

සත්තුන්ට භාෂාව කතා කරන්න බැරි වුණාට එයාලා අවට පරිසරය මාරම විදිහට නිරීක්ෂණය කරනවා. මිනිස්සුන්ගේ හැසිරීම් එයාලා ඔළුවට ගන්නවා. 🧠
ඊටත් වඩා, කැම්පස් එකේ සේවකයෝ සහ සිසුන් නෙග්‍රෝව එලවලා දාන්නේ නැතුව, එයාගේ ඒ අහිංසක ක්‍රියාවට උදව් කරපු නිසා තමයි ලෝකෙටම මෙච්චර ලස්සන කතාවක් දැකගන්න ලැබුණේ. අපි සත්තුන්ට ආදරය, ගෞරවය දෙනවා නම් උන් අපිට ඊට වඩා දේවල් කරලා පෙන්වනවා. ❤️🐾

ඉතින්, ඊළඟ වතාවේ ඔයාලා පාරේ යන අහිංසක බල්ලෙක් දැක්කත් මතක් කරගන්න, එයාලා අපිට වඩා දේවල් තේරුම් ගන්න පුළුවන් මාරම මොළකාරයෝ ජාතියක් කියලා! නෙග්‍රෝ වගේ සුපිරි බුද්ධිමත් යාළුවෙක් ගැන දැනගන්න ලැබීමත් මාරම සතුටක් නේද? 😍🍂🍪

සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම පුද්ගලයා ගැන පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා තොර...
25/06/2026

සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම පුද්ගලයා ගැන පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු රැස් කරන බවටත් පොලිස් පරිගණක අපරාධ අංශය මගින් අපව සම්බන්ධ කරගනිමින් පැවසූ අතර මීට අදාල තොරතුරක් ඇත්නම් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටියා.

ඔබ සතුව යම් තොරතුරක් ඇත්නම් වහාම එය පොලීසියට හෝ අප වෙත +94 72 918 9002 අංකය ඔස්සේ WhatsApp හරහා දැනුම් දෙන මෙන් නැවතත් ඉල්ලා සිටිනවා.

මේ සිද්ධිය ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමක්ද යන්න තවදුරටත් සොයා බලමින් පවතිනවා.

නීති ක්ෂේත්‍රය කියූ සැනින් අපේ මතකයට එන්නේ උදාර පෙනුමකින් යුත්, ඉහළම පැලැන්තියේ වරප්‍රසාද භුක්ති විඳි, රටේ නමගිය සුපිරි ...
12/06/2026

නීති ක්ෂේත්‍රය කියූ සැනින් අපේ මතකයට එන්නේ උදාර පෙනුමකින් යුත්, ඉහළම පැලැන්තියේ වරප්‍රසාද භුක්ති විඳි, රටේ නමගිය සුපිරි පාසල්වලින් බිහිවුණු පිරිසක්. 🏫💼 පරම්පරා ගණනාවක වෘත්තීය ආභාසය, අත මිට සරු ධනවත්කම සහ කිසිදු බාධාවකින් තොරව ගලායන අධ්‍යාපන සම්පත් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න තියෙන නොලියැවුණු සුදුසුකම් වගෙයි.

ඒත්, මේ හැම සම්ප්‍රදායික මතවාදයක්ම, සමාජය විසින් පනවා තිබූ වැටකඩොලුත් මුළුමනින්ම සුනුවිසුනු කරපු අපූරු මිනිසෙකු ගැන පුවතක් ඈත නවසීලන්තයෙන් ඇසෙනවා. 🇳🇿✨

මෙය හුදෙක් සාර්ථක වීමේ කතාවක් විතරක්ම නෙවෙයි. සමාජ ක්‍රමයේ දරුණුතම අසාර්ථකත්වයට තනිවම මුහුණ දී, වසර ගණනාවක් මහපාරේ අනාථයෙකු ලෙස දිවි ගෙවූ, දශකයකට ආසන්න කාලයක් අකුරක්වත් ලියන්නට පාසලක් අහිමි වූ, අවසානයේ ඒ සියලු අඳුරු මතකයන් පරදවා නීති ලොවේ මුදුනටම නැඟී සිටි අසාමාන්‍ය මිනිසෙකුගේ සැබෑ ජීවන අරගලයයි! 🌟

ඔහු නමින් ස්ටුවර්ට් ඇපල්බි (Stuart Appleby).

ස්ටුවර්ට්ගේ ජීවන මාවත මල් අතුරපු එකක් වුණේ නැහැ. කුඩා කාලයේදීම මුහුණ දෙන්න සිදු වුණු දරුණු පවුල් බිඳවැටීම් සහ සමාජීය අවතැන්වීම් නිසා, ඔහුගේ ළමා කාලය සම්පූර්ණයෙන්ම අඳුරට ඇද වැටුණා. 💔 ප්‍රතිඵලය වුණේ වසර 10කට ආසන්න කාලයක් ඔහුට කිසිදු විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබී යාමයි.

රැකවරණය දෙන්න ස්ථාවර නිවසක් හෝ ආදරණීය වැළඳගැනීමක් නැති වුණු කල, ඔහුගේ යොවුන් විය ගෙවී ගියේ විභාගවලට සූදානම් වෙමින් නෙවෙයි. එදිනෙදා බඩගින්න නිවාගන්නේ කෙසේද? 🥣 රාත්‍රියට ආරක්ෂිතව වැටිලා නිදාගන්නේ කොහේද? කියන ප්‍රශ්න වලට උත්තර හොයමිනුයි. ⛺

ඔහුට සිදු වුණේ මහපාරේ කටුක යථාර්ථය ඉදිරියේ තමන්ගේ පණ රැකගන්න සටන් කරන්නයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට, 'නිවාස නොමැති කම' (Homelessness) කියන්නේ ජීවත් වීම සඳහා විනාඩියෙන් විනාඩිය කරන්නට සිදු වන පූර්ණ කාලීන, අතිශය වෙහෙසකර රැකියාවක්. තමන් දෙස නොදැක්කා සේ යන ලෝකයක් මැද, තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න දඟලන මිනිසෙකුට අධ්‍යාපනය කියන්නේ හීනයක්ම පමණයි. 🏙️👁️‍🗨️

නමුත් ඔහුගේ හිතේ තිබුණ දැඩි ආසාව නිසා ඔහු කෙසේ හෝ නීතිඥයෙකු වීමට කරන්න පුළුවන් හැමදේම කරන්න පටන් ගත්තා...

සාමාන්‍ය ද්විතීයික පාසල් සහතිකයක්වත් නැතිව නීති වෘත්තියට ඇතුළත් වීම කියන්නේ ප්‍රාතිහාර්යයකින් කරන්න ඕන වැඩක්. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලවල පවතින විකල්ප ඇතුළත් වීමේ මාර්ග ඔස්සේ යන්න ස්ටුවර්ට්ට සිදු වුණා. තමන්ට මේ සඳහා හැකියාවක් තියෙනවා කියලා විශ්වවිද්‍යාල බලධාරීන්ට ඔප්පු කරන එක ලේසි වුණේ නැහැ. 📈

"අනික් අය නීති පොත්වල ඇති සංකීර්ණ නඩු තීන්දු තේරුම් ගැනීමට වෙහෙසෙද්දී, මට සටන් කරන්න සිදු වුණේ 'මම මෙතැනට ගැලපෙන්නේ නැතැයි' කියන දැඩි හීනමානය පරාජය කරන්නයි." වරක් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා..

අතපසු වුණු වසර 10ක දැවැන්ත පාඩුව පියවා ගන්නා අතරතුර, අධ්‍යයන මට්ටමකින් ලියන්නේ, කියවන්නේ සහ විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න ඔහුට මුල සිටම තනිවම ඉගෙන ගැනීමට සිදු වුණා. 📝📖 නමුත්, ඔහු සතු වූ අසිරිමත් කැපවීම සහ කිසිදු පෙළපොතකින් උගත නොහැකි 'මිනිස් අරගලය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සමුදාය' ඔහුව අන් සියල්ලන්ටම වඩා ඉදිරියෙන් තැබුවා!

කලක් වීදියේ රළු සිමෙන්ති පොළොව මත නිදාගත් මේ මිනිසා, අද බැරිස්ටර්වරයෙකු ලෙස නීතිඥ ලෝගුව සහ හිස්වැස්ම පළඳින විට, ඔහු අධිකරණ පද්ධතියට ගෙන එන්නේ හාත්පසින්ම වෙනස් මානයක්. 🎓✨

නීති ක්ෂේත්‍රය තුළ සාමාන්‍යයෙන් සේවාදායකයා සහ නීතිඥයා අතර පවතින්නේ වෘත්තීයමය හෝ තාක්ෂණික සබඳතාවක් පමණයි. නමුත් ස්ටුවර්ට්, පවත්නා ක්‍රමය නිසා ඇති වන දුප්පත්කමේ මානසික පීඩනය, සමාජ සේවා ආයතනවල ඇති රාජකාරිමය බාධක සහ ස්ථිර ලිපිනයක් නොමැති වීමේ ඇති අසරණකම කුමක්ද කියා තමන්ගේම හදවතින්ම හඳුනනවා. ❤️‍🩹

ඔහුට සේවාදායකයන් යනු හුදෙක් නඩු ගොනුවක ඇති අංකයක් නෙවෙයි.. ඔවුන් තමන් දිනෙක අත්විඳි කටුක ජීවිතයේම කොටස්කරුවන්. 🤝

ස්ටුවර්ට්ගේ මේ අතිදැවැන්ත ජයග්‍රහණය හුදෙක් එක් පුද්ගලයෙකුගේ දිරිගන්වනසුලු පෞද්ගලික කතාවක්ම විතරක් නෙවෙයි. එය සමස්ත නීති ක්ෂේත්‍රයටම සහ අධ්‍යාපන ආයතනවලට එල්ල කළ ප්‍රබල අභියෝගයක්! 💥

සාම්ප්‍රදායික සහතික සහ විභාග ලකුණු මතම පදනම් නොවී, මිනිසෙකු සතු සැබෑ ධෛර්යය, ඔරොත්තු දීමේ හැකියාව (Resilience) සහ සැඟවුණු දක්ෂතාව හඳුනා ගැනීම කොතරම් වැදගත්ද යන්න ඔහු මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. යුක්තිය පසිඳලන උසාවිය අයිති විය යුත්තේ උපතින්ම වරප්‍රසාද ලත් අයට පමණක් නොව, සැබෑ යුක්තියේ ජීව ගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතයේ අගාධයේ සිට සටන් වැදුණු මෙවැනි සැබෑ මිනිසුන්ට බව දැන් පැහැදිලියි. ⚖️👑

අඳුරුතම රාත්‍රියකට පවා සුන්දරම හිරු උදාවක් ඇති බව ස්ටුවර්ට් ඇපල්බිගේ ජීවිතය අපට කියා දෙනවා. ජීවිතයේ හැලහැප්පීම්, බිඳවැටීම් සහ අසාර්ථක වීම් මැද අසරණ වී "මට නම් මේක කරන්න බැහැ" කියා පලා යන්නට සිතෙන සෑම මොහොතකම, මහ පාරේ සිට නීති ලොවේ මුදුනටම පියනැඟූ මේ අපූර්ව මිනිසා දෙස බලන්න. ශක්තිමත් වහලක්, උණුසුම් ආහාර වේලක්, ආදරණීය පවුලක් සහ ඉගෙන ගන්නට හොඳ පාසලක් ඇතිව, ස්ටුවර්ට්ට අහිමි වූ සියලු වරප්‍රසාදයන් උපතින්ම හිමි කරගත් ඔබට... ජයග්‍රහණය උදෙසා කළ නොහැක්කේ කුමක්ද? 🎯🔥👇💬

ඔහු කළේ රැකියාවකි.නමුදු එය සෙනෙහස දැඩි ආදරණීය රැකියාවකිතම දෙමාපියන් නිවසේ තබාගන්නට අකමැතිමුදලින් පමණක් ඔවුහු නඩත්තු වෙතැ...
06/06/2026

ඔහු කළේ රැකියාවකි.
නමුදු එය සෙනෙහස දැඩි ආදරණීය රැකියාවකි
තම දෙමාපියන් නිවසේ තබාගන්නට අකමැති
මුදලින් පමණක් ඔවුහු නඩත්තු වෙතැයි සිතූ
අජාසත්තලාගේ වගකීම් දැරූ රැකියාවකි.
නමුදු සොබාදහම අපට වෙනස් කළ නොහැක
ඔහුගේ රැකියාවේ නොසැළකිල්ලක් වෙතොත්,
එහි ආදීනව ඔහුට හිමිය.

#ලයාන්

Address

62/2E, Matara Road, Kirimetimulla
Matara

Telephone

+94719822999

Website

Alerts

Be the first to know and let us send you an email when Layan Hewa Yaddehige - නීතිඥ ලයාන් හේවා යද්දෙහිගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Layan Hewa Yaddehige - නීතිඥ ලයාන් හේවා යද්දෙහිගේ:

Shortcuts

Share