Housedesignv

Call Directions Website Contact the business

Housedesignv House and design web page. An organization set up to develop your architectural knowledge. The scope here is to explain how architecture works.

This website is based on architectural research and seeks to enhance the quality of design.

16/10/2026
අවුරුදු දහයක් බලාගෙන හිටියොත් ඉඩම අනිත් කෙනාට යන්න පුළුවන්.ඔප්පුව ඔයාගේ නමට තිබුණත් මේක වෙන්න පුළුවන්. 1871 අංක 22 දරන ක...
06/10/2026

අවුරුදු දහයක් බලාගෙන හිටියොත් ඉඩම අනිත් කෙනාට යන්න පුළුවන්.
ඔප්පුව ඔයාගේ නමට තිබුණත් මේක වෙන්න පුළුවන්. 1871 අංක 22 දරන කාලාවරෝධ ආඥාපනත (Prescription Ordinance) කියන්නේ, අනිත් කෙනෙක් ඔයාගේ ඉඩමේ අවුරුදු දහයක් නොකඩවා, තමන්ගේ දේ විදියට, ඔයාගේ අයිතියට විරුද්ධව ඉඳලා තියෙනවා නම් ඒ කෙනාට court එකෙන් ඒ ඉඩම ඉල්ලන්න පුළුවන් කියලා. ඔප්පුව අතේ තියෙන එක විතරක් ඒක නවත්තන්නේ නෑ.
ඔයාටත් මේක වෙලා ඇති. ඉඩම ඈත ටවුමක. අවුරුද්දකට සැරයක් වගේ යනවා. නැත්නම් රට ගිහින් ඉන්නවා, ඉඩම බලාගන්නේ ගමේ කවුරු හරි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.
හැබැයි බය වෙන්න කලින් වැදගත් වචන දෙකක් තියෙනවා. නීතිය කියන්නේ ඒ භුක්තිය "නොකඩවා" (uninterrupted) සහ "බාධාවකින් තොරව" (undisturbed) තියෙන්න ඕන කියලා. අවුරුදු දහයේ මැද්දේ ඔයා ගිහින් ප්‍රශ්න කරලා තියෙනවා නම්, ලියුමක් යවලා තියෙනවා නම්, නැත්නම් case එකක් දාලා තියෙනවා නම් ඒ ගණන් කිරීම කැඩිලා ආයෙත් මුල ඉඳන් පටන් ගන්නවා.
තව එකක් තියෙනවා, ඒක ගොඩක් අය දන්නේ නෑ. ඒ භුක්තිය ඔයාගේ අවසරයෙන් තියෙන එකක් නම් මේ නීතිය අදාළ නෑ. කුලියට දීලා තියෙන කෙනා, බලාගන්න කියලා දාපු කෙනා, ඥාතියෙක්ට ඉන්න දීලා තියෙනවා නම් ඒ අය ඉන්නේ ඔයාගේ අවසරයෙන් නිසා ඒක ඔයාගේ අයිතියට විරුද්ධ භුක්තියක් නෙවෙයි. ප්‍රශ්නේ එන්නේ ඒ අවසරය කවදාවත් ලියලා නැති වුනොත් විතරයි.
රජයේ ඉඩම්වලට මේ නීතිය අදාළ නෑ. ළමයෙක්ට හෝ මානසික අපහසුතාවක් තියෙන කෙනෙකුට එරෙහිවත් මේක කියන්න බෑ.
ඉතින් කරන්න තියෙන්නේ මොකක්ද. පළවෙනි එක, අවුරුද්දකට සැරයක් හරි ගිහින් ඉඩම check කරන්න. ගිය දවස ලියලා තියාගන්න, phone එකෙන් photo එකක් ගන්න. දවසත් location එකත් එක්ක save වෙන නිසා ඒක පස්සේ සාක්ෂියක්.
දෙවෙනි එක. කවුරු හරි ඉඩමේ ඉන්නවා නම් කතාවෙන් විතරක් ඉවර වෙන්න එපා. නොතාරිස්වරයෙක් (Notary) හරහා ලියුමක් යවලා receipt එක තියාගන්න. "අහවල් දවසේ ඉඳන් ඔයා ඉන්නේ මගේ අවසරයෙන්" කියලා ලියලා අත්සන් කරගන්නත් පුළුවන්. ඒ කඩදාසිය තමයි අවුරුදු දහයේ ගණන් කිරීම කඩන්නේ.
තුන්වෙනි එක. පත්ඉරු (title extracts) අවුරුදු දෙක තුනකට වතාවක් ලේඛනාධිකාරි (Land Registrar) කාර්යාලයෙන් අරගෙන බලන්න. ඔයා නොදන්නා ඔප්පුවක් register වෙලා තියෙනවද කියලා පේන්නේ එතනින්.
මේක නොකළොත් මොකද වෙන්නේ. විකුණන්න යද්දී ගන්න කෙනා ඉඩම බලන්න යනවා, එතන අනිත් කෙනෙක් ඉන්නවා නම් ඒ ගනුදෙනුව එතනින් ඉවරයි. බැංකුවෙන් loan එකකට ඉඩම දාන්නත් බෑ. case එකක් ගියොත් අවුරුදු ගාණක් යනවා, නීතිඥ ගාස්තුත් එක්ක ලක්ෂ ගාණක් යනවා. ඒ ඔයාගේම ඉඩම වෙනුවෙන්.
අපි pathavi.lk. ලංකාවේ ඉඩම් සිතියමක් (map) උඩ හරියටම කොහෙද කියලා පෙන්නන එකයි අපි කරන්නේ. ටවුමේ නම විතරක් නෙවෙයි, ඉඩම තියෙන හරි තැන.
හැබැයි මේ නීති වැඩ අපිට කරන්න බෑ. පත්ඉරු බලන එක, ලියුම් යවන එක, නඩුවක් තියෙනවද කියලා හොයන එක නීතිඥයෙක්ගේ (lawyer) වැඩක්. අපි කරන්නේ ඔයාගේ ඉඩම කොහෙද කියලා ලෝකෙට පේන්න තියන එක විතරයි. දාන්න නොමිලේ, දින 90ක්, කොමිස් නෑ.

Address

Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Housedesignv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Housedesignv:

Shortcuts

Share

Category