නීතිය සැමට - Law for All

නීතිය සැමට - Law for All Empowering you with legal know-how to stand strong in society. Join us for clear, actionable insights.

26/08/2026

පින්බර නිකිණි පොහෝ දිනක් වේවා !

ඔබ සැමට විනයයෙන් සන්සුන් වන, දානයෙන් පින්වත් වන, භාවනාවෙන් නිවන් බලා යන දිනයක් වේවා !

☸️ නිකිණි පොහෝ දිනයේ වැදගත්කම -

☀️ බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය. එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට විග්‍රහ කිරීමේදී එහි වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘ වන්නේ මේ පර්යාප්තිය බව බුදු දහමේ පෙන්වා දී ඇත.

පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගතවීමෙන් පසුවය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසක වන අතර. එයින් තෙමසකට පසුව නිකිණි මාසයේ පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොය ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි .ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවු අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහොය දිනයේදීය.

☀️ පළමු ධර්ම සංගායනාවට මූලිකත්වය ගත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අරහත් මාර්ගයට පිවිසියේද අදවන් නිකිණි පොහෝ දිනකය.

☀️ විශේෂයෙන්ම මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පසළොස්වක පොහෝ දිනයි.

☀️ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා උදෙසා පැනවූ වස් විසීම වස්සාන කාලයට සිදුවේ. මේ එම කාලයයි. වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. ඒ පෙරවස් සහ පසුවස් වශයෙනි. ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය. ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් වේ.

☀️ බුදුරජුන් සිය 14 වන වස්කාලය ශ්‍රාවස්ථිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරනුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත්‍රයට දැඩි උවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරනුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

තෙරුවන් සරණයි!

නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි
සභාපති,
Bingiriya Leonine Energetic Social Society ( BLESS )



#නැණවත්_ගුණවත්_මිනිස්සුන්_බිහිකරමු
#යහපත්_මිනිසුන්_සමඟ_ගමනක්

24/08/2026
24/08/2026

අද දින කුරුණෑගලදී පැවති " නීතිය සැමට " වැඩසටහන

සංවිධානය - සත්කෝරළ සමාදාන විනිශ්චයකාර සංවිධානය

2026.08.23


#නීතියසැමට

අද දින කුරුණෑගලදී පැවති " නීතිය සැමට " වැඩසටහන සංවිධානය - සත්කෝරළ සමාදාන විනිශ්චයකාර සංවිධානය 2026.08.23  #නීතියසැමට
23/08/2026

අද දින කුරුණෑගලදී පැවති " නීතිය සැමට " වැඩසටහන

සංවිධානය - සත්කෝරළ සමාදාන විනිශ්චයකාර සංවිධානය

2026.08.23


#නීතියසැමට

23/08/2026

කුරුණෑගල " නීතිය සැමට " වැඩසටහන

සංවිධානය - සත්කෝරළ සමාදාන විනිශ්චයකාර සංවිධානය

2026.08.23


#නීතියසැමට

https://youtu.be/32eRLquHmlU?si=OSz_dVKF-3k8HiiF
20/08/2026

https://youtu.be/32eRLquHmlU?si=OSz_dVKF-3k8HiiF

ජනපති සමග සාකච්ඡාවෙන් පසු!ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන මේ දවස්...

" නීතිය සැමට " වැඩමුළුව - කුරුණෑගල දීමාතෘකාව - එදිනෙදා ජීවිතයට බලපාන අපරාධ සහ සිවිල් නීතියසම්පත්දායකත්වය - නීතිඥ ලක්මල් ...
19/08/2026

" නීතිය සැමට " වැඩමුළුව - කුරුණෑගල දී

මාතෘකාව - එදිනෙදා ජීවිතයට බලපාන අපරාධ සහ සිවිල් නීතිය

සම්පත්දායකත්වය - නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි ( නිල නොලත් මහෙස්ත්‍රාත් )

දිනය - 2026 අගෝස්තු 23 වන ඉරිදා

ස්ථානය - කුරුණෑගල - යුනික් ජාත්‍යන්තර පාසලේ ශ්‍රවනාගාරය

වේලාව - පෙ.ව. 9.00 - ප.ව. 12.30

සංවිධානය - සත්කෝරළ සමාදාන විනිශ්චයකාර සංවිධානය

විමසීම් - සභාපති - සාම විනිසුරු T.M.G තෙන්නකෝන් මහතා 0714776182


#නීතිය_සැමට

18/08/2026

ලංකා නීතිඥ සංගමය (BASL) 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි !

ඒ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයඳ සිටින්නේ මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට නම්

1. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 2/3ක විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්

2. ඉන් පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගැනීමත් අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙසයි.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when නීතිය සැමට - Law for All posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category