Law For All

Law For All Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Law For All, Lawyer & Law Firm, colombo, Kesbewa.

30/07/2024

දෙන්නම පිටරට නම් දික්කසාදය ගන්න පුලුවන්ද?

28/07/2024

දික්කසාද උනාට තාම සහතිකය ලැබුනේ නැද්ද

28/07/2024

දික්කසාද උනාට සහතිකය අතට ගත්තේ නැද්ද

26/07/2024

බරපතල වැඩ සහිත සිරදඬුවම්

26/07/2024

හිරුණිකා නිදහස්ද?

09/03/2024

ලීසිං ඇරියස්ද?

09/03/2024
01/03/2024

වාහනයක් පැවරීමේදී අනිවාර්යයෙන් මේක කරන්න.

24/09/2023

නීතිඥ සාරංග වාදසිංහ මහතාගේ සටහනකි..

◾වයස 16 ට අඩු පෙම්වතියක සමග ගමන් බිමන් යාම වරදක් ද? ◾

ශ්‍රී ලංකාවේ නීතිය අනූව කාන්තාවකට ලිංගික ක්‍රියාවක් සඳහා වලංගු කැමැත්තක් ලබා දීමට හැකි වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ විටය.වයස අවුරුදු 16 ට අඩු දැරියක සමග ඇයගේ කැමැත්ත ඇතිව වුවද යම් අයෙකු ලිංගික ක්‍රියාවක යෙදුන හොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් වේ.මෙම වයස් සීමාවේ දැරියක මවගේ කැමැත්ත නොමැතිව පෙම්වතෙකු විසින් යම් කිසි ස්ථානයකට රැගෙන යාම වරදක් ද යන්න කෙටියෙන් සොයා බැලීම මෙම ලිපියේ අරමුණ යි.

වයස 16 ට අඩු ගැහැණු ළමයෙකු භාරකරුගේ කැමැත්ත නොමැතිව යම් අයෙකු ගෙන ගිය හොත් හෝ යෑමට පෙළඹුවහොත් "නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය" නම් වරද සංස්ථාපනය වන බව දණ්ඩ නීති සංග්‍රහයේ 352 වගන්තියේ සඳහන් වේ.

මීළඟට මතු වන ගැටලුව වන්නේ වයස 16 ට අඩු ගැහැණු ළමයෙක් කතාබහ කිරීම සදහා පෙම්වතා සමග යම් ස්ථානයකට යාම මගින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වරද සංස්ථාපනය වන්නේ ද යන්නයි.

නල්ලයියා එරෙහිව හේරත් (54 NLR 473) නඩුවේදී තීරණය කරනු ලබන්නේ භාරකරු වෙත දරුවාට නැවත පැමිණීමේ අවස්ථාවට බාධාවක් නොවන පරිදි වැරදි අරමුණකින් (Improper Purpose ) තොරව යම් තාවකාලික අරමුණකට නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැර වීම මගින් 354 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සංස්ථාපනය නොවන බවයි.

නීතියට අනූව ලිංගික ක්‍රියාවක් සඳහා වලංගු කැමැත්තක් ලබා දිය හැක්කේ වයස 16 ට වැඩි කාන්තාවකට පමණක් බව මීට ඉහතදී සඳහන් කළෙමි.යම් පුද්ගලයෙකු වයස අවුරුදු 16 කට අඩු දැරියක ලිංගික ක්‍රියාවක් සඳහා යොදාගැනීම සඳහා යම් ස්ථානයකට රැගෙන යාම මගින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය නම් වරද සංස්ථාපනය වේ.එසේම අදාල ක්‍රියාකලාපය තුළදී යම් ලිංගික කටයුත්තක් සිදු වුවහොත් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය හෝ බරපතල ලිංගික අපයෝජනය වැනි වරදක් ද සංස්ථාපනය වේ.

යම් වයස 16 ට වැඩි 18 ට අඩු දැරියක පෙර අවස්ථාවක යම් ලිංගික අපරාධයකට හෝ වෙනත් අපරාධයකට නතු වීම යන කාරණය මත අධිකරණය විසින් එම දැරිය බැඳුම්කරයක් මත දෙමාපියන්ට හෝ භාරකරුට භාරකාරත්වය පවරා ඇති විටෙක යම් පුද්ගලයෙක් එම දැරිය ඇයගේ කැමැත්ත මත එම භාරකාරත්වයෙන් බැහැරට නැවත දෙමාපියන්ට බාර දීමේ අරමුණෙන් තොරව රැගෙන ගියහොත් එම ක්‍රියාව කරනු ලබන පුද්ගලයා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට වරදකරු නොවනවා වුවද අධිකරණ නියෝගයක් කඩ කිරීමේ වරදට වැරදිකරු වීමේ හැකියාවක් පවතී.

ඒ අනූව පෙනී යන්නේ යම් පෙම්වතෙකු පෙම්වතියක සමග වැරදි ක්‍රියාවක් කිරීමේ අරමුණින් තොරව යම් ස්ථානයකට (උදාහරණයක් ලෙස ව්‍යාපාරික ස්ථානයකට,උද්‍යානයකට,වෙරළකට හෝ අවන්හලක් වැනි ස්ථාන) යාම හෝ ගොස් කතාබහ කිරීම මගින් "නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය " නම් වරද සංස්ථාපනය නොවන බවයි.

අප මීළඟට සලකා බැලිය යුත්තේ ප්‍රසිද්ධ ස්ථානයක ලිංගිකව හැසිරීම හෝ සිපවැළඳ ගැනීම වරදක් වන්නේ ද යන්නයි.1841 අංක 04 දරණ අයාල ආඥාපනතේ (Vagrants Ordinance ) 07(ආ) වගන්තිය අනූව ප්‍රසිද්ධ ස්ථානයක ඒ අවට දී අශිෂ්ට ලෙස හැසිරීම හෝ එබඳු ක්‍රියාවකට අනුබල දීම වරදක් වේ.අශිෂ්ට ලෙස හැසිරීම යනු කුමක්ද යන්න ඒ ඒ නඩුවේ සිද්ධමය කරුණු අනූව සලකා බැලිය යුතු වේ.නමුත් වයස 16 ට වැඩි පුරුෂයෙකු සහ කාන්තාවක සිපවැළඳ ගැනීම අශිෂ්ට හැසිරීමක් ලෙස අර්ථනිරූපණය කිරීමට අපහසු බව පෙනේ.

යම් උද්‍යානයක,සිනමා ශාලාවක හෝ විවෘත ස්ථානයක සිටින වයස 16 සම්පූර්ණ වූ පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතඅඩංගුවට ගැනීමට නම් අශිෂ්ට ලෙස හැසිරීම නම් වරද සංස්ථාපනය විය යුතු වේ.එසේ නොමැතිව දෙමාපියන්ගේ කැමැත්ත නොමැතිව පැමිණීම,ගෙදරට අසත්‍ය ප්‍රකාශ කර පැමිණීම වැනි කාරණා මත එවන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නෛතික බලයක් නොමැත.එසේම එවැනි අයෙකුගේ දෙමව්පියන් පොලීසියට කැඳවීමට ද බලයක් පොලීසියට නොමැත.

අවසාන වශයෙන් යම් ලැගුම්හලක සිටින වයස 16 ට අඩු කාන්තාවක සහ පුරුෂයෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් තිබේද යන්න විමසා බලමු.විවාහ නොවූ දෙදෙනකු ලිංගිකව හැසිරීම ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් නොවේ.එසේම අනාචාරය ලෙස හඳුන්වන තවත් වෛවාහක අයෙකු සමග යම් අයෙකු ලිංගිකව හැසිරීම සිවිල් වරදක් වුවද එය අපරාධ වරදක් නොවේ.එම නිසා අනාචාරය සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නෛතික බලයක් නොමැත.මෙම නීති තත්වය ඩැනී එරෙහිව සිරිනිමල් සිල්වා (2001(1) SLR 29) නම් මූලික අයිතිවාසිකම් පෙත්සමේදි තීරණය කොට ඇත.මෙවැනි අත්අඩංගුවට ගැනීම් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද එහිදී තවදුරටත් තීරණය කරන ලදි.

අපරාධ වරදක් නොකරන පෙම්වතුන් යුවලක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගතහොත් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට වන්දි ලබා ගැනීමට හැකි බව මේ අනූව පැහැදිලි වේ.පොලීසියක කාර්‍ය විය යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම මිස සදාචාරය රැකීම හෝ සංස්කෘතිය රැකීම නොවේ.නීතියේ ප්‍රතිපාදනවලට පටහැනිව කරනු ලබන සියලු අත්අඩංගුවට ගැනීම් ශිෂ්ට සමාජයක් විසින් හෙළා දැකිය යුතු අතර ඒවාට එරෙහිව සංවිධානය විය යුතුද වේ.

~ නීතීඥ සාරංග වාදසිංහ ~

24/07/2023

සංශෝධිත පරිදි වූ 1990 අංක 2 දරණ ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 (1)(අ) සහ 25 (1)(ආ) වගන්ති යටතේ වන වැරදි වලට අදාලව වන චූදිතගේ සාවද්‍ය මනස (mens rea).

ඒ යටතේ ඊට අදාලව මාගේ අවධානය රීඩ් සාමිවරයා විසින් Sweet Vs. Parsley (1970 AC 132) යටතේ සැල කොට ඇති නෛතික විග්‍රහය වෙත යොමු කරලීමේදී, "එනයින්ම පැවරෙන වගකීම" (Strict Liability) තුළ එකී වරද ඔප්පු කරලීමට අදාළව මානසික අංගය (සාවද්‍ය මනස/mens rea ) ක්‍රියාව තුළම ගැබ්ව පැවතීම යන්න අර්ථදක්වනු ලැබ ඇත.

ඒ අනුව ඊට අදාලව මාගේ අවධානය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මැතිතුමන් විසින් ඉතාමත් මෑතකදී තීරණය කරනු ලැබ ඇති පහත සඳහන් නඩුතීන්දුව වෙත යොමු කර සිටිමි.

Sangli Ramalingam Vs. Mohammed Haji Anwar and another (SC Appeal No. 182/2017, Decided on 12/01/2023).

ඒ යටතේ, ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළ සංශෝධිත පරිදි වූ 1990 අංක 2 දරණ ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධාන) පනත යටතේ වන 25(1)(අ) වගන්තිය යටතේ මෙන්ම 25 (1)(ආ) වගන්තිය යටතේ වන වැරදි වලට අදාළව එනයින්ම වන වගකීමක් (Strict Liability) නොපැවරෙන්නේ වුවද, ඊට අදාලව වන චූදිතගේ සාවද්‍ය චේතනාව ඉහත කී ප්‍රකාරව චූදිතගේ ක්‍රියාව තුළ අන්තර්ගතව ඇති බවට පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු වන බවට තීරණය කොට, එකී සාවද්‍ය චේතනාව ඔප්පු කළ යුතු වන ආකාරයට අදාළව කරුණු දක්වනු ලැබ ඇත.

ඒ අනුව කරුණු සලකා බැලීමේදී, ඉහත කී සංශෝධිත පරිදි වූ 1990 අංක 2 දරණ ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධාන) පනතේ 25 (1) (අ) වගන්තිය යටතේ වන වරද පහත සඳහන් පරිදි සඳහන්ව පවතී.

"අරමුදල් නොමැතිවීම නිසා බැංකුවක් විසින් අගරු කරන චෙක්පත් දැනුවත්ව ලිවීම."

ඒ අනුව ඉහත කී වරද තුළම, චූදිතගේ මානසික අංගය ඇතුලත්ව ඇති බව පැහැදිලිව පෙනී යන බැවින් මෙන්ම ඒ යටතේ වන මානසික අංගයට අදාළව කිසිදු අපැහැදිලිතාවයක් (ambiguity ) නොපවතින බැවින්, එය වෙනම ඔප්පු කර ලීමේ අවශ්‍යතාවයක් ඉහත කී වරදට අදාළව ඉස්මතු නොවේ. ("දැනුවත්ව චෙක් පත්‍රයක් ලිවීම" යන්නෙහි අර්ථය වනුයේ, ගිනුමෙහි ප්‍රමාණවත් මුදලක් නොමැති බවට චූදිත විසින් දනිමින්ම අදාල චෙක්පත /චෙක්පත් ලිවීම වේ.)

ඒ යටතේ ඉහත කී ප්‍රකාරව වන "දැනුම", සෑම ජංගම ගිණුම් හිමියකු වෙතම තම ජංගම ගිණුමට අදාලව මාසික ගිණුම් වාර්තා බැංකුව වෙතින් ලැබීම මත පදනම්ව හිමිවන බැවින්, ගිනුමෙහි ප්‍රමාණවත් ශේෂයක් නොමැතිව චෙක් පතක් ලිවීම යටතේ ඉහත කී ප්‍රකාරව තවදුරටත් චූදිතගේ මානසික අංගය ඹප්පුකරලීමේ අවශ්‍යතාවයක් පැමිණිල්ල (Prosecution ) වෙත නොපැවරෙන අතර, මක්නිසාදයත් අදාළ වරද තුළම එහි මානසික අංගය පැහැදිලි ලෙසම අන්තර්ගත වන බැවිනි.

ඒ අනුව ඉහත කී වරදට අදාළව පැමිණිල්ලේ විසින් ඔප්පු ඔප්පු කළ යුතු වන්නේ,

(අ) චුදිත විසින් අදාළ චෙක් පත්‍රය නිකුත් කරන ලද බව සහ,

(ආ) ඉහත කී ප්‍රකාරව (තමන් වෙත මාසිකව ලැබෙන ගිණුම් ප්‍රකාශ යටතේ) චෙක් පත්‍රය නිකුත් කරන අවස්ථාවේදී (මේ යටතේ චෙක් පත්‍රය සම්බන්ධයෙන් මුදල් ගෙවීම පිණිස වලංගු කාල සීමාව සලකා බලනු ලබන අතර, එය සාමාන්‍යයෙන් චෙක් පත නිකුත් කළ දිනයේ සිට මාස හයකි.) එකී චෙක් පත්‍රයට මුදල් ගෙවීම සඳහා තම බැංකු ගිණුමෙහි ප්‍රමාණවත් මුදලක් නොපැවති/නොපවතින බවට වන දැනුමක් චූදිත තුළ පැවති බවට අදාළ වරද තුළම අන්තර්ගත වන චූදිතගේ සාවද්‍ය මනස සම්බන්ධයෙන් වන කරුණ පමණි.

ඒ යටතේ චූදිත වෙත එවැනි දැනුමක් නොපැවතියේ වී නම්, එය ඔප්පු කරලීම සාක්ෂි ආඥා පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව චූදිත විසින් සිදු කළ යුතු වන බව ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යටතේ පැහැදිලිව විග්‍රහ කරනු ලැබ ඇත.

තවද, ඒ යටතේ කිසිදු ලෙසකට චෙක් පත්‍රයක් නිකුත් කළ පදනම් (උදා- සුරැකුමක් වශයෙන් නිකුත් කරන ලද බවට) සලකා බැලීමේ හැකියාවක් නොපවතින අතර, ලංකාවේ දැනට බලාත්මකව පවතින විනිමය බිල්පත්‍ර ආඥා පනතේ 73 වන වගන්තිය යටතේ වන චෙක් පත්‍රය සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනය ("ඉල්ලා සිටින විට ගෙවිය යුතු බැංකුකරුවකු මත ලියනු ලබන විනිමය බිල් පත්‍රයකි/ a cheque is a bill of exchange drawn on a bank payable on demand") සහ ඉන්දියානු විනිමය බිල්පත්‍ර ආඥා පනතේ 138 වන වගන්තිය යටතේ වන චෙක් පත්‍රය සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනය (චෙක්පත්‍රයක් යනු, ඕනෑම ණයක් හෝ වෙනත් වගකීමක් පියවීමට ලබාදෙන විනිමය බිල් පත්‍රයක් වන බවට/cheque is a bill of exchange for discharge of any debt or other liability) අතර පවත්නා පැහැදිලි විභේදනය මත පදනම්ව, ඉන්දියානු නඩු තීන්දු චෙක් පත්‍ර සම්බන්ධයෙන් අප රටෙහි නෛතික කරුණු තීරණය කරලීම සම්බන්ධයෙන් බැඳ තැබීමේ බලයක් කිසිදු ලෙසකට ඇති නොකෙරේ.

එසේම, සංශෝධිත පරිදි වූ 1990 අංක 2 දරණ ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධාන) පනතේ 25 (1) (ආ) වගන්තිය යටතේ වන

(අ) චෙක් පත්‍රයක් නිකුත් කොට පසුව එකී අණ ප්‍රති නියෝගයකට (Countermand)යටත් කරන හෝ

(ආ) අදාළ චෙක් පත මත ගෙවීමක් කිරීමට බැංකු කරුවකුට බැඳීමක් නොමැති වීම හේතුවෙන් ගෙවීම් නොකරනු ලබන මුදල් ප්‍රමාණයක් ගෙවීමට අණ කරනු ලැබ ඇති අවස්ථාවකදී (මේ යටතට "ගිණුමෙහි අරමුදල් නොමැති වීම" යන කරුණ අන්තර්ගත නොවන අතර, මක්නිසාදයත් අරමුදල් නොමැති වීම මත බැංකුකරුවකු වෙත අදාල චෙක් පත්‍රයට ගෙවීමට බැඳීමක් නොමැති අවස්ථානුගත තත්ත්වයන් ඉහත කී පනතේ 25 (1) (අ) වගන්තිය මගින් ආවරණය වන බැවිනි. ඒ අනුව මේ යටතේ ආවරණය වන්නේ, වසා ඇති ගිණුමකින් චෙක් පත්‍රයක් නිකුත් කරලීම යන වරද වේ.) පැමිණිල්ලේ විසින් ඔප්පු කළ යුතු වන්නේ,

(1) අදාල චෙක් පත්‍රය චුදිත විසින් නිකුත් කරනු ලැබ ඇති බව,

(2) එය පසුව ප්‍රති නියෝගයකට යටත් කරනු ලැබ ඇති බව හෝ,

(3) එකී චෙක්පත්‍රය සම්බන්ධයෙන් මුදල් ගෙවීමට වගකීමට බැඳී ඇති කාලසීමාව තුළ, ගිණුම චූදිතගේ මෙහෙයවීමෙන් වසා ඇති බවට වන චූදිතගේ සාවද්‍ය චේතනාවට අදාළ වන කරුණු පමණි.

මේ යටතේද තමන් වෙත අදාල චෙක් පත්‍රය සම්බන්ධයෙන් වන ප්‍රති නියෝගයක් (Countermand) නිකුත් කරලීමට හේතු පැවතියේ වී නම් (තමන් විසින් සාවද්‍ය මනසකින් යුතුව කටයුතු නොකළ බවට) ඒවා ඔප්පු කරලීමේ භාරය සාක්ෂි ආඥා පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව චූදිත වෙත පැවරේ.

උදා- තමන් විසින් චෙක් පත්‍රයට අදාළ සම්පූර්ණ මුදල ගෙවා ඇති අවස්ථාවකදී.

උදා- බැංකුව විසින් සිය මෙහෙයවීමෙන්ම ගිණුම වසා ඇති අවස්ථාවකදී.

මේ යටතේ, ඉහත කී පනතේ 25 (1) (අ) වගන්තිය යටතට වැටෙන එකම වරද වන, ගිණුමෙහි ප්‍රමාණවත් ශේෂයක් නොමැතිව චෙක් පත්‍රයක් ලිවීම යන්න සහ එකී පනතේ 25 (1) (ආ) වගන්තිය යටතට වැටෙන චෙක්පත්‍රයක් ලියා පසුව එය ප්‍රති නියෝගයකට (Countermand) යටත් කරලීම හෝ වසා ඇති ගිණුමකින් චෙක්පත්‍රයක් නිකුත් කරලීම යන වැරදිවල පවත්නා විභේදනය පැහැදිලිව වටහා ගනු ලැබීම, ඊට අදාලව චෝදනා ගොනු කරලීමේදී මෙන්ම එකී චෝදනා ඔප්පු කරලීමේදී අතිශය වැදගත් වේ.

Address

Colombo
Kesbewa

Telephone

+94716541253

Website

Alerts

Be the first to know and let us send you an email when Law For All posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share