06/01/2024
TIN එක, එහෙමත් නැත්නම් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ තනිවම ලබාගන්නේ කෙසේද?
⭕ TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබාගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා.
ගාස්තු රහිත ව ඔබගෙ TIN අංක ලබා ගන්න .
ඔබගේ බැංකු ගිණුම් විස්තර පිටස්තර අයට ලබා දිමෙන් වලකින්න.
✔ කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?
⭕ TIN Certificate එක (පෞද්ගලික) ලබාගැනීමට පෙර ඔබ පහත ලේඛනවල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.
01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
02. ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්
03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
🔴 01 පියවර
TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි. 👇
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
පහළින් තියන QR Code එක scan කරලා යන්නත් පුළුවන්
🔴 02 පියවර
එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න
◾ Nearest regional office යන කොටස පුරවන්න එපා.
◾ CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න
◾ අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිසා එම කොටස පිරවීම හෝ නොපිරවීම ඔබේ තීරණයක්.
◾ ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.
◾ ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න
🔴 03 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload