Futures by Yakovlev

Futures by Yakovlev Your partner in precise property assessment and informed real estate choices.

📢 𝐄𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐍𝐞𝐰𝐬! 📚🌟We are thrilled to announce the publication of our latest article: 𝐓𝐡𝐞 𝐓𝐨𝐩 𝐅𝐚𝐜𝐭𝐨𝐫𝐬 𝐓𝐡𝐚𝐭 𝐈𝐧𝐟𝐥𝐮𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨...
27/08/2023

📢 𝐄𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐍𝐞𝐰𝐬! 📚🌟
We are thrilled to announce the publication of our latest article: 𝐓𝐡𝐞 𝐓𝐨𝐩 𝐅𝐚𝐜𝐭𝐨𝐫𝐬 𝐓𝐡𝐚𝐭 𝐈𝐧𝐟𝐥𝐮𝐞𝐧𝐜𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 𝐕𝐚𝐥𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬: 𝐀 𝐃𝐞𝐞𝐩 𝐃𝐢𝐯𝐞

𝑹𝒆𝒂𝒅 𝒕𝒉𝒆 𝒇𝒖𝒍𝒍 𝒂𝒓𝒕𝒊𝒄𝒍𝒆 𝒉𝒆𝒓𝒆:
https://lankapropertyvaluation.lk/agency/single-blog.php?p=the-top-factors-that-influence-property-valuations--a-deep-dive_2

Our Website - https://lankapropertyvaluation.lk/
Instagram - https://www.instagram.com/lankapropertyvaluation/
Official page - https://www.instagram.com/lankapropertyvaluation/

Empower yourself with knowledge that can shape your real estate ventures! 🏠✅ If you're as fascinated by the world of property valuation as we are, don't miss out on this informative read.

📢 𝐄𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐍𝐞𝐰𝐬! 📚🌟We are thrilled to announce the publication of our latest article: "𝗧𝗵𝗲 𝗥𝗼𝗹𝗲 𝗼𝗳 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆 ...
22/08/2023

📢 𝐄𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐍𝐞𝐰𝐬! 📚🌟

We are thrilled to announce the publication of our latest article: "𝗧𝗵𝗲 𝗥𝗼𝗹𝗲 𝗼𝗳 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆 𝗩𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻: 𝗪𝗵𝗮𝘁 𝗘𝘃𝗲𝗿𝘆 𝗜𝗻𝘃𝗲𝘀𝘁𝗼𝗿 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗨𝗻𝗱𝗲𝗿𝘀𝘁𝗮𝗻𝗱." 🏡🔍📈

In the dynamic world of real estate, understanding the significance of location is paramount. Whether you're a seasoned investor or just starting out, this article delves into the crucial role that location plays in property valuation. 🗺️💰

Discover key insights that every astute investor should know, unraveling the factors that make one location more valuable than another. 📍✨ Gain a deeper understanding of how location influences property prices and investment decisions. 💡💼

𝑹𝒆𝒂𝒅 𝒕𝒉𝒆 𝒇𝒖𝒍𝒍 𝒂𝒓𝒕𝒊𝒄𝒍𝒆 𝒉𝒆𝒓𝒆: https://lankapropertyvaluation.lk/agency/single-blog.php?p=the-role-of-location-in-property-valuation--what-every-investor-should-understand_4

Our Website - https://lankapropertyvaluation.lk/
Instagram - https://www.instagram.com/lankapropertyvaluation/
Official page - https://www.instagram.com/lankapropertyvaluation/

Empower yourself with knowledge that can shape your real estate ventures! 🏠✅ If you're as fascinated by the world of property valuation as we are, don't miss out on this informative read.

13/08/2023

ඔප්පුවේ කුඹුරු ඉඩම ලෙස සඳහන්ව ඇති වර්තමානයේ ගොඩ ඉඩමක් නීත්‍යානුකූලව ගොඩ ඉඩමක් බවට පත්කර ගැනීම.

සමහර අවස්ථාවලදී නිවාස ඉදිකර පදිංචි වී සිටින ඉඩම් වල පවා ඉඩමේ නම ”කුඹුර” ලෙස සඳහන්ව ඇති බව දක්නට ලැබේ.

එලෙස ඔප්පුවේ ඉඩමේ නම කුඹුර ලෙස සඳහන්ව ඇති විටෙකදී බැංකු ණය ලබාගැනීම, විදුලිය ලබාගැනීම, ප්‍රාදේශීය සභාවෙන් වීදි රේඛා සහතික ලබා ගැනීම ආදී කටයුතු වලදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ.
මේ සඳහා පිළියමක් ලෙස එවැනි ඉඩම් “කුඹුරු ඉඩම්” යන කාණ්ඩයෙන් ඉවත් කර “ගොඩ ඉඩම්” ලෙස පිළිගැනීමක් ඇතිකිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

ලංකාවේ මහවැලි ප්‍රදේශවල පවතින කුඹුරු ඉඩම් හැරුණු විට අනෙකුත් සියළුම කුඹුරු ඉඩම් සම්බන්ධව විධිවිධාන දැක්වෙන්නේ 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතෙහිය. එම පනතෙහි දක්වා ඇති ආකාරයට “කුඹුර” යන්නට කුඹුර ආශ්‍රිතව පවත්නා දෙනිය, ඔ්විට, පිල්ලෑව, කමත ආදී නම් වලින් දක්වන ඉඩම් කොටස්ද අයත් වේ. ඒ අනුව කුඹුර, දෙනිය, ඔ්විට, පිල්ලෑව, කමත ආදී කුමන කොටසක් වුවද කුඹුරු ඉඩමක් ලෙස සැලකේ.

එවැනි ඉඩමක දීර්ඝ කාලයක් තිස්සේ නිවසක් සාදාගෙන සිටින අයකුට නොඑසේනම්, එවැනි ඉඩමක් කුඹුරු ඉඩමක තත්වයෙන් වෙනස් වී දීර්ඝ කාලයක් තිස්සේ මුළුමනින්ම ගොඩ ඉඩමක් ආකාරයෙන් පවත්නා විටෙකදී එම ඉඩම “ගොඩ ඉඩමක්” ලෙස ලේඛණගත කර, එම ඉඩම සඳහා ගොඩ ඉඩමක පිළිගැනීමේ තත්වයක් ඇති කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ වන විට චක්‍රලේඛ 03ක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛ 05/2018, 10/2018 හා 23/2018 යන චක්‍රලේඛයි. මෙම චක්‍රලේඛ මගින් කුඹුරු ඉඩම ලෙස සඳහන් ඉඩමක්, ගොඩ ඉඩමක් ලෙස පිළිගැනීම සඳහා වූ විධිවිධාන දක්වා ඇත.
ඒ සඳහා වූ ක්‍රමවේදය පහත දක්වා ඇත.

💢 රජයේ ඉඩම් හා රජයේ බලපත්‍ර වලින් ආවරණය නොවන රක්ෂිත ඉඩම් සඳහා මෙම චක්‍රලේඛ අදාල නොවේ.
💢 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනත යටතේ දක්වා ඇති විශේෂ මහවැලි බලප්‍රදේශයට අයත් කෘෂිකාර්මික ඉඩම් සඳහා ද මෙම චක්‍රලේඛ අදාල නොවේ.
💢 මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් DAD/UR/2018/01 නමින් ආකෘති පත්‍රයක් නිකුත් කර ඇති අතර, එම ආකෘතිය අනුව සකසන ලද ඉල්ලුම්පත්‍රයක් සම්පූර්ණ කර ලබා දිය යුතුය.
💢 මේ සඳහා විශේෂ සංශෝධන ගාස්තු ලෙස රු. 500.00 ක මුදලක් අය කරනු ලැබේ.
💢 අදාල ඉල්ලුම්පත්‍රය සමග එම ඉඩමේ ඔප්පුව, පිඹුර හා ඉඩමේ පෙනුම දැක්වෙන මෑතකදී ලබාගත් ඡායාරූප 03ක් ඉදිරිපත් කළ යුතුය. එම ඡායාරූප ඉඩමේ සත්‍යය ඡායාරූප බවට අදාල බල ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි විසින් සහතික කළ යුතුය.
💢 ඉල්ලුම්පත්‍රය සඳහා අදාල ප්‍රදේශයේ ගොවි සංවිධානයේ නිර්දේශය ලබාගත යුතුය.
💢 ඉල්ලුම්පත්‍රය සඳහා අදාල බල ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිගේ නිර්දේශය ලබාගත යුතුය. අදාල ප්‍රදේශයේ ක්‍රියාකාරී ගොවි සංවිධානයක් නොමැති නම් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි විසින් ඒ බව ඉල්ලුම්පත්‍රයේ සඳහන් කල යුතුය. කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි විසින් තම නිර්දේශය සහිත එම ඉල්ලුම්පත්‍රය සති 02ක් ඇතුලත ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත භාර දිය යුතුය.
💢 ඉල්ලුම්පත්‍රය සඳහා ගොවිජන සේවා කාරක සභාවේ නිර්දේශය ලබා ගත යුතුය. මෙම නිර්දේශය ලබාදීමට පෙර ගොවිජන සේවා කාරක සභාවේ සාමාජිකයින්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකුවත් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඉඩමේ තත්වය තහවුරු කළ යුතුය.
💢 අදාල ඉඩම මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක (ගොඩ ඉඩම් ලේඛණය හෝ මඩ ඉඩම් ලේඛණය) සඳහන් නොවන බවට ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි විසින් සහතික කල යුතුය.
💢 අදාල ඉඩම යම් රාජ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ බල ප්‍රද්ශයක පිහිටා ඇත්නම්, එම ඉඩම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර අදාල රාජ්‍ය ආයතනයේ නිර්දේශ ලබා ගත යුතුය.
💢 අදාල ඉඩම පිහිටා ඇත්තේ පරිසර සංවේදී කලාපයක නම්, අදාල ඉඩම සම්බන්ධ ඉදිරි කටයුතු කිරීමේ වගකීම එම රාජ්‍ය ආයතනය විසින් භාරගැනීමට එකඟ වන්නේ නම්, එයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගෙන එම වගකීම අදාල රාජ්‍ය ආයතනය වෙත පැවරිය යුතුය.
💢 අදාල ඉඩම යම් මහා වාරිමාර්ග බල ප්‍රදේශයක් තුල පිහිටා තිබේනම්, එම ඉඩම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර කොට්ඨාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ නිර්දේශය ලබාගත යුතුය.
💢 අයදුම් කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 04 කට වැඩි වන්නේ නම්, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය. මෙම ඉඩමේ යම් ව්‍යාපෘතියක් කිරීමට අදහස් කරන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පාරිසරික ඇගයීම් අධ්‍යයනයක් (EIA) සඳහා අයදුම්කරු විසින් ඉල්ලුම් කල යුතුය. එම පාරිසරික ඇගයීම් අධ්‍යයනයේ අනිවාර්ය පාර්ශවකරුවකු ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුය.
💢 අදාල ඉඩම පරික්ෂා කොට මේ මගින් ජලමාර්ග, වාරිමාර්ග, ජල උල්පත් ආදී ජලමූලාශ්‍ර රක්ෂිත වලට බාධා නොවන බවට ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්ත තාක්ෂණ නිලධාරියකුගේ නිර්දේශය ලබාගත යුතුය.
💢 අදාල ඉඩමේ ප්‍රමාණය අක්කරයක් ඉක්මවන්නේ නම් එම ඉඩම පෞද්ගලිකව පරික්ෂා කර බලා දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් නිර්දේශය ලබා දිය යුතුය.
💢 ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කර ඇති ලේඛණ පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ඇතිවන්නේ නම් හෝ ඉඩමේ ප්‍රමාණය අක්කර 01 ඉක්මවන්නේ නම් දිස්ත්‍රික් භාර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය/ සහකාර කොමසාරිස්වරයා විසින් මෙම ඉඩම පෞද්ගලිකව පරික්ෂා කළ යුතුය.
💢 ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කර ඇති ලේඛණ පිළිබඳව සෑහීමකට වත්වන්නේ නම් හෝ දිස්ත්‍රික් භාර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය/ සහකාර කොමසාරිස්වරයා විසින් මෙම ඉඩම පෞද්ගලිකව පරික්ෂා කර බැලීමෙන් පසුව සෑහීමකට පත්වන්නේ නම් එම ඉඩම, ගොඩ ඉඩම් නාමලේඛණයට ඇතුලත් කරන ලෙසට අදාල ගොවිජන සේවා කාරක සභාව වෙත නියෝග කිරීමට දිස්ත්‍රික් භාර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය/ සහකාර කොමසාරිස්වරයා විසින් කටයුතු කරනු ඇත.
💢 දිස්ත්‍රික් භාර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය/ සහකාර කොමසාරිස්වරයා විසින් ලබාදෙන තීරණය පිළිබඳව සෑහීමකට පත් නොවන පාර්ශවයකට එම තීරණය ලැබී මාස 03ක් ඇතුලත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව අභියාචනා කළ හැක.
ගොඩ ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීමෙන් පසු තත්වය.
📌 ඉඩමේ නම කුඹුර ලෙස සඳහන්ව තිබූ යම් ඉඩමක් ගොඩ ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීමෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් එම ගොඩ ඉඩම් ලේඛණයේ සහතික කරන ලද උදෘතයක් ලබා ගත හැකිය.
📌 ගොඩ ඉඩම් ලේඛණයේ සඳහන් ඉඩම් කෘෂිකාර්මික නොවන කාර්යයන් සඳහා යොදා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් අවශ්‍ය නොවන අතර, ඒ් සඳහා කිසිදු නෛතික බාධාවක්ද නොමැත.
📌 අදාල ඉඩම සම්බන්ධයෙන් වෙනත් ආයතනයක් කටයුතු කිරීමේදී (බැංකු, ප්‍රාදේශීය සභාව, විදුලි බල මණ්ඩලය ආදී) එය ගොඩ ඉඩමක් බවට නියෝජ්‍ය/සහකාර කොමසාරිසවරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ සහතික කරන ලද පිටපත හා ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබාදෙන ගොඩ ඉඩම් ලේඛණයේ සහතික කරන ලද උදෘතය බැලූ බැල්මට පිළිගත හැකි සාක්ෂියක් ලෙස පිලිගත යුතුය.

31/07/2023
25/07/2023

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Futures by Yakovlev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Futures by Yakovlev:

Share

Category