Public Vibes

Public Vibes "Welcome to our page! 🎭
We share what’s happening in society – social activities, trending topics, funny moments, and real-life stories from everyday people.

Follow us for daily updates, entertainment, and the real talk of the streets! 🔥."

02/05/2026
Hats off police - Copiedදෙහිවලදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලු කර බිම දමා මුදල් කොල්ලකෑ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ දැලේසමා...
19/04/2026

Hats off police - Copied
දෙහිවලදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලු කර බිම දමා මුදල් කොල්ලකෑ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ දැලේ

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වු, දෙහිවල ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලු කර බිම දමා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (19) දින දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අප්‍රේල් 17 වන දින දෙහිවල, වෛද්‍ය පාරේ ගමන් කරමින් සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු තල්ලු කර බිම දමා, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 2100 ක මුදලක් කොල්ලකා සැකකරු පළා ගොස් තිබුණි. මෙම අමානුෂික ක්‍රියාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඒ වන විට ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5200 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 23 ක් වන ඔපන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

අත්අඩංගුවට ගත් සැකකරු 2026.04.20 වන දින ගල්කිස්ස ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

#මේ_ඔබේ_පොලිසියයි

  මේ අද දිනේ දැකපු අශිෂ්ට වීඩියෝ එක, හොරකම් කළා කියලා අම්මා කෙනෙකුගේ කොණ්ඩේ කපලා ඔය විදිහට ගහන්න පුළුවන් ද?ඇයි මේ වගේ ති...
17/04/2026


මේ අද දිනේ දැකපු අශිෂ්ට වීඩියෝ එක, හොරකම් කළා කියලා අම්මා කෙනෙකුගේ කොණ්ඩේ කපලා ඔය විදිහට ගහන්න පුළුවන් ද?
ඇයි මේ වගේ තිරිසන් උනේ?
හොරකම් කරලා අහුවුනාම මොනවාද කරන්න ඕනේ කියලා ඔබලාගේ බොස් කියලා දීලා නැද්ද? නැතිනම් ඔබලට කියලා දීලා තියෙන්නේ මේ වගේ වනචාරී විදිහට හැසිරෙන්න කියලද?
ආයෙ මේ කඩේට දන්න එකෙක් යන්න එපා. මේකේ බොස් මොලේ තියෙන කෙනෙක් නම් දැන් කරන්න ඕනේ ඒ අම්මගෙන් සමාව අරගෙන වන්දියක් දෙන්න. තව ඔය ගැහැණු ටිකව job එකෙන් ඉවත් කරලා තියන්න අවම වශයෙන් මාස 3ක්වත්, කරපු වැරැද්ද තේරුම් ගන්න.
තව දෙයක්, මේ වගේ හොරකම් කරලා කවුරුහරි අහුවුණොත් මොනවාද කරන්න ඕනේ කියලා staff එකට කියලා දෙන්න.

Hats off Sri lanka policeරාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ: ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවටරාගම ප්‍රදේශයේ ...
17/04/2026

Hats off Sri lanka police
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ: ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

විමර්ශණ කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමළය චිනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 2026.04.18 දින වැලිසර ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉදිරි විමර්ශණ කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරයි.

#මේ_ඔබේ_පොලිසියයි

අලුත් අවුරුදු නැකත් (Aluth Avurudu Nekath)නව සඳ බැලීමවැඩ ඇරඹීම (වැඩ අල්ලා ගැනීම)ගිනි මොලවීමආහාර පිසීමආහාර අනුභවයගනුදෙනු ...
13/04/2026

අලුත් අවුරුදු නැකත් (Aluth Avurudu Nekath)
නව සඳ බැලීම
වැඩ ඇරඹීම (වැඩ අල්ලා ගැනීම)
ගිනි මොලවීම
ආහාර පිසීම
ආහාර අනුභවය
ගනුදෙනු කිරීම
හිස තෙල් ගා ගැනීම

13/04/2026

ස්ථානය - ගල්කිස්ස
දිනය - 2026/04/12
බීමත් හෝ පිස්සු විකාරයෙන් හැසිරුණු සුද්දි...
අසල රැස්ව සිටි පිරිසට පහර එල්ල කරමින්, කලහකාරී ලෙස හැසිරී ඇති අතර, අවසානයේ පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කරන ලදී...
මෙහිදී පැමිණ සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට ස්තූති විය යුතු අතර, ඔවුන් ඉතා බුද්ධිමත් ලෙස කාන්තාවගේ අයිතිය තහවුරු කරමින් තත්ත්වය පාලනය කරන ලදී.
මෙහිදී පිරිමි ළමුන් කිහිපදෙනෙකුටම පහර දී ඇති අතර, ඒ කිසිවෙකුත් ප්‍රතිපහර එල්ල නොකර, කාන්තාවකට පහර නොදී සිටිය යුතුය යන ඉස්ථාවරයේ සිටීමට තරම් හික්මීමෙන් කටයුතු කිරීම ගැනද ස්තූති විය යුතුය.

12/04/2026

කොළඹට එන විදේශිකයො හොයන
Golden Building එක ♥️

Let's help themපිරිසුදුවට සකසන ලද කැවිලි. හෙට දිනයේදී පිළියන්දල මහරගම පාරේ , ලිබර්ටි ලංකා ජාත්‍යන්තර මොන්ටිසෝරි පාසල අසල...
11/04/2026

Let's help them
පිරිසුදුවට සකසන ලද කැවිලි. හෙට දිනයේදී පිළියන්දල මහරගම පාරේ , ලිබර්ටි ලංකා ජාත්‍යන්තර මොන්ටිසෝරි පාසල අසල.
උදැසන 9.00සිට.
ඔබට අවශ්‍ය කැවිලි මිලදී ගැනීමට පැමිණෙන්න.

  :  අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට
11/04/2026

: අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට

“මේ අදහස ගැන ඔබට මොකද හිතෙන්නේ?”
11/04/2026

“මේ අදහස ගැන ඔබට මොකද හිතෙන්නේ?”

11/04/2026

ඔයාලගේත් ගෑස් ස්ටෝව් එක හරි විදිහට ක්ලීන් කරගන්න ඕන නම්, මෙන්න ඉන්නවා හොඳම කෙනා…

Address

De Saram Road

10350

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94778873330

Website

Alerts

Be the first to know and let us send you an email when Public Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Public Vibes:

  • Want your business to be the top-listed Law Practice?

Share