18/02/2025
ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීම යනු ලෝකයේ අනන්‍ය වූ සිංහල ජාතිය සහ ඊට උරුම කම් ඇති සියලු කාරණා විනාශ කිරීමය. මේ රටේ වෙසෙන සියලු ම ජන වර්ග සහ පුරවැසියන්ට සිංහල ජාතිකයන් ලෙස කියන්නට හැකි ජනපති කෙනෙක් ඊළඟ ජනපතිවරණයේදී හෝ තොරා පත් කර ගැනීමට මේ රටේ ජනතාවට බුද්ධිය පෑදේවා!.. විවිධ ජාතීන් ඇති කිරීම තුළ බෙදීම් ඇති කිරීමෙන් පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය වෙනුවට ලෝකයේ අනන්‍ය වූ සිංහල ජාතිය සියලු දෙනාට උරුම කර දීම වඩා උචිත බව සහ බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් වන බව තේරුම් ගැනීමට හැකිවන්නේ මිනිසුන්ට මිනිසුන් ලෙස ගෞරව කළ හැකි මිනිසුන් සමාජය තුළ බිහිවුණොත් පමණි