Piyal Darshana Guruge

Piyal Darshana Guruge Piyal Darshana Guruge (Official)
Attorney-at-Law | Politician | Public Affairs & Policy | Civic Awareness

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමෙහි පෙට්ටියට ගසන අවසන් ඇණයයි. 22 සංශෝධනය මඟින් නඩු ඉක...
19/08/2026

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමෙහි පෙට්ටියට ගසන අවසන් ඇණයයි.

22 සංශෝධනය මඟින් නඩු ඉක්මන් වීම හෝ හොරුන්ට දූෂිතයින්ට දඬුවම් ලැබීම වැනි ජනතාව බලාපොරොත්තු වන යහපත් කිසිවෙක් ඉටු නොවේ. එය එසේ ඉටු නොවීමේ සම්භාවිතාව 100% කි.

එසේ නම් 22A කාගේ උවමනාවක් ද? මෙහි සැඟවුණු චේතනාවක් තිබේද?

ස්ටාර්ලින් පන්නයේ කොමියුනිස්ට් ඒකාධිපති වියරුවක් උදෙසා ආණ්ඩුව වේගයෙන් ගමන් කරනා මොහොතක අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් සුසුම් පොදත් රැකගැනීමට සටන් කරන්නෙමු.

බහුජන බලය අපි 22A එරෙහිව අධිකරණයට ගියෙමු. තීරණය ජනතාවට බාර දී ජනතා පරමාධිපත්‍යය සුරකින ලෙස අපි ඉල්ලා සිටියෙමු.

බහුජන බලය අධිකරණයට ගියේ ඇයි ?
19/08/2026

බහුජන බලය අධිකරණයට ගියේ ඇයි ?

මාධ්‍ය නිවේදනය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

2026 අගෝස්තු 19

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

සිවිල් සංවිධානයක් ලෙස අපගේ ස්ථාවරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංවරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බවයි.

යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් මෙම මූලධර්මවලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව අපගේ දැඩි අවධානය යොමුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදුකරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිදභාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදුකළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.

විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධිවිධානවලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමත විචාරණයක් මගින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතුය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේද අවධානය යොමුව තිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි. Commonwealth Lawyers Association (CLA), LAWASIA, International Association of Judges (IAJ) ඇතුළු ආයතන සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී Margaret Satterthwaite විසින් යෝජිත වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට ඇති කළ හැකි බලපෑම් පිළිබඳ කනස්සල්ල පළ කර තිබේ.

එවැනි පසුබිමක, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහයට දීර්ඝකාලීන බලපෑම් ඇති කළ හැකි සංශෝධනයක් සම්මත කිරීමට පෙර ඒ පිළිබඳ ගැඹුරු සහ ස්වාධීන ව්‍යවස්ථාමය විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

තවද, මෙතරම් වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා පැහැදිලි ජනවරමක් තිබිය යුතුය යන්න බහුජන බලයේ ස්ථාවරයයි. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජනතාව වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින්, මෙම වෙනස සඳහා සෘජු මැතිවරණ ජනවරමක් පවතින්නේද යන්න පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතුවේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, යෝජිත 22 වන සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එහි යම් විධිවිධාන සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යද යන්නත් තීරණය කරන ලෙසයි.

බහුජන බලය මෙහිදී පැහැදිලිව අවධාරණය කරන්නේ අප ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවන බවයි. අපගේ මැදිහත්වීමේ අරමුණ වන්නේ ඕනෑම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ජනතාවගේ අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන ආකාරයෙන් සිදුකිරීම තහවුරු කිරීමයි.

«“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට අයත් ලේඛනයක් නොවේ. එය මේ රටේ ජනතාව සතු උත්තරීතර නීතියයි. එබැවින් එය වෙනස් කරන සෑම අවස්ථාවකම අවසාන වශයෙන් ආරක්ෂා විය යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයයි.”»

බහුජන බලය
2026 අගෝස්තු 19

PRESS RELEASE

Bahujana Balaya Petitions the Supreme Court Against the Proposed 22nd Amendment to the Constitution

19 August 2026

Bahujana Balaya, a civil society organisation, has filed a petition before the Supreme Court seeking constitutional review of the proposed 22nd Amendment to the Constitution, which has been tabled in Parliament.

As a civil society organisation, we firmly believe that any amendment to the Constitution must strengthen democracy, safeguard the sovereignty of the people, uphold the rule of law, and preserve appropriate checks and balances among the institutions of the State.

Bahujana Balaya is concerned that certain provisions of the proposed 22nd Amendment may have significant implications for these fundamental principles, particularly judicial independence, the separation of powers, and the system of checks and balances that is essential to democratic governance.

The Constitution is the supreme law of the country. Any significant change to it must therefore be undertaken with the highest degree of transparency, proper constitutional scrutiny, and meaningful public consultation.

Where a constitutional amendment affects the sovereignty of the people or other entrenched provisions of the Constitution, it is our position that such an amendment must not only receive the constitutionally required majority in Parliament but must also, where required by the Constitution, be submitted directly to the people for approval at a national referendum.

Bahujana Balaya also notes the concerns expressed by respected international legal organisations and experts regarding the proposed changes. These include the Commonwealth Lawyers Association (CLA), LAWASIA, the International Association of Judges (IAJ) and Margaret Satterthwaite, the United Nations Special Rapporteur on the Independence of Judges and Lawyers. Concerns have been raised regarding the potential impact of aspects of the proposed amendment on judicial independence and the separation of powers.

These international observations further demonstrate why a constitutional amendment of such significance should be subjected to careful, independent and comprehensive constitutional scrutiny before it is enacted.

Bahujana Balaya further believes that a constitutional change of this magnitude should be supported by a clear mandate from the people. The proposed 22nd Amendment was not presented to the electorate as part of the National People's Power (NPP) election manifesto. In our view, this raises a legitimate question as to whether there is a direct electoral mandate for such a significant constitutional change.

For these reasons, Bahujana Balaya has petitioned the Supreme Court to determine whether the provisions of the proposed 22nd Amendment are consistent with the Constitution and whether any of its provisions require, in addition to the necessary parliamentary majority, the approval of the people at a referendum.

Bahujana Balaya wishes to make one point absolutely clear: we are not opposed to constitutional reform. Our intervention is intended to ensure that any reform is undertaken through the proper constitutional process and that it protects the rights of the people, the sovereignty of the people, judicial independence, the rule of law, and the democratic institutions of Sri Lanka.

«“The Constitution does not belong to any government or political party. It belongs to the people of this country. Whenever it is changed, the ultimate responsibility must be to safeguard the sovereignty of the people.”»

Bahujana Balaya
19 August 2026

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයිපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇ...
19/08/2026

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් සංවිධානයක් ලෙස අපගේ ස්ථාවරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංවරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බවයි බහුජන බලය අවධාරනය කරන්නේ.
යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් මෙම මූල ධර්ම වලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදු කරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිද භාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදු කළ යුතු බව බහුජන බලය අවධාරණය කරනවා.
විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධිවිධාන වලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සිවිල් සංවිධානයක් ලෙස අපගේ ස්ථාවරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංවරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බවයි බහුජන බලය අවධාරනය කරන්නේ.

යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් මෙම මූල ධර්ම වලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදු කරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිද භාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදු කළ යුතු බව බහුජන බලය අවධාරණය කරනවා.

විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධිවිධාන වලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

14/08/2026

විධායකය ව්‍යවස්ථාදායකය පැලවත්තේ කල්ලියකට. අධිකරණයටත් අත තියන්නද යන්නේ ?

#බහුජනබලය

14/08/2026

ආණ්ඩුවට ශක්‍රයගෙ වරම ලැබී නෑ. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට.

#බහුජනබලය

ඉන්දීය මහ කොමසාරිස්වරයා බහුජන බලය හමුවී පැය තුනක් සාකච්ඡා කළේ මොනවාද?ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා ම...
14/08/2026

ඉන්දීය මහ කොමසාරිස්වරයා බහුජන බලය හමුවී පැය තුනක් සාකච්ඡා කළේ මොනවාද?

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා සහ දේශපාලන කටයුතු භාර උපදේශක හා ප්‍රධාන පරිපාලන නිලධාරී වෛද්‍ය රම්බාබු සී. මහතා සමඟ බහුජන බලය නියෝජිත පිරිස අතර පැවැති හමුව පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවතුණි. එය සාමාන්‍ය හමුවකට වඩා බොහෝ දුර ගිය, දෙපාර්ශ්වයම විවෘතව අදහස් හුවමාරු කරගත් ගැඹුරු සංවාදයක් විය. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රවණතා පිළිබඳ විවිධ පාර්ශ්ව සමඟ සෘජුවම සම්බන්ධ වී කටයුතු කිරීම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයේ වැදගත් අංගයක් වන අතර, එම සන්දර්භය තුළ මෙම හමුව විශේෂ අවධානයට ලක්විය.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උතුර හා දකුණ අතර සබඳතා ඇතුළු පුළුල් කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු විය. ඉන්දියාවේ පාලන ක්‍රමය, එහි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පිළිබඳ ශ්‍රී සන්තෝෂ් ජා මහතා කළ පැහැදිලි කිරීම් අපගේ නියෝජිත පිරිසට ඉතා වටිනා පුළුල් දැනුම් සම්භාරයක් එකතු කර ගැනීමට අවකාශයක් විය. එය සංවාදයකට පමණක් සීමා නොවී, එකිනෙකාගේ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙස අපි දකිමු.

මෙම හමුවේදී බහුජන බලය නියෝජිතයන් කිසිදු අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා හෝ රජය විවේචනය කිරීමට හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නැත. අපගේ ස්ථාවරය පැහැදිලිය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී පළමුවෙන්ම තිබිය යුත්තේ රටේ ජාතික අවශ්‍යතාය. ඒ අනුව සංවාදය පුරාම අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන කරුණු පිළිබඳ විවෘතව අදහස් හුවමාරු කර ගැනීමටය.

මෙම හමුව සිහිවීමක් ලෙස බහුජන බලය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයේ සුවිශේෂී සංකේතයක් වන නාග රක්ෂ වෙස් මුහුණේ අනුරුවක් පිළිගන්වන ලදී. නාග රක්ෂය ආරක්ෂාව, ප්‍රඥාව, අවදියෙන් සිටීම සහ අයහපතට එරෙහිව යහපත ජය ගැනීම නිරූපණය කරයි. එහි නාග හිසකඩ දිව්‍යමය ප්‍රඥාව සහ අමරණීයත්වය සංකේතවත් කරන අතර, විශාල ඇස් අසුභ බලවේග දුරලන ආරක්ෂාවේ සංකේතයක් ලෙස සැලකේ. දිව නෙරා ඇති ආකාරය සත්‍යය නිර්භීතව ප්‍රකාශ කිරීම, සැමවිටම අවදියෙන් සිටීම සහ නිවැරදි දේ හඳුනා ගැනීම නිරූපණය කරයි. රතු සහ රන්වන් වර්ණ ජීව ශක්තිය, පවිත්‍රත්වය සහ ආරක්ෂාවේ බලය සංකේතවත් කරයි.

මෙම හමුව සඳහා බහුජන බලය නියෝජනය කරමින් සභාපති මිලින්ද රාජපක්ෂ, ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්, ජාතික සංවිධායක පියල් දර්ශන ගුරුගේ, මාධ්‍ය ලේකම් අංජන උදාර, උප සභාපතිනි කුමුදිනී බණ්ඩාර සහ විධායක සභික සෝනාල ගුණවර්ධන සහභාගී වූහ. ඔවුන් සියලු දෙනාම ජාතික අභිලාෂයන් මුල්කරගත් ගෞරවාන්විත හා නිර්මාණාත්මක සංවාදයකට දායක වූහ.

අවසානයේ, ශ්‍රී සන්තෝෂ් ජා මහතා සහ ආචාර්ය රම්බාබු සී. මහතා අප සමඟ විවෘතව සහ ගෞරවාන්විතව අදහස් හුවමාරු කර ගැනීමට කාලය වෙන් කිරීම පිළිබඳ අපගේ ස්තුතිය පුද කරමු. ශක්තිමත් අසල්වැසි සබඳතා ගොඩනැගෙන්නේ සංවාදය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකා තේරුම් ගැනීම මතය. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ඉන්දියාව හා මෙරට වගකීමෙන් කටයුතු කරන ජාතික පාර්ශ්ව අතර මෙවැනි නිර්මාණාත්මක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වේවායි අපි විශ්වාස කරමු.

Why Did the Indian High Commissioner Meet Bahujana Balaya for more than Three Hours? What Did we discuss?

The recent meeting between the High Commissioner of India to Sri Lanka, Shri Santosh Jha, accompanied by Dr. Rambabu C., Counsellor (Political) & Head of Chancery, and representatives of Bahujana Balaya lasted for nearly three hours, reflecting the importance both parties attached to an open and meaningful exchange of views. The meeting demonstrated India's continued engagement with a broad spectrum of political and social stakeholders in Sri Lanka, including emerging nationalist movements. Rather than being a ceremonial courtesy call, the discussion provided an opportunity to better understand each other's perspectives on issues of mutual importance.

The discussions covered a wide range of subjects, including Sri Lanka – India diplomatic relations, trade and economic cooperation, regional security, the 13th Amendment, and the relationship between the Northern and Southern communities. One of the most insightful aspects of the meeting was the High Commissioner's explanation of India's system of governance, its democratic institutions, and the principles that guide Indian diplomacy.

The Bahujana Balaya delegation approached the meeting in a constructive spirit. The discussion was not used as a platform to criticize the President or the Government of Sri Lanka, nor was it intended to present complaints. Instead, the focus remained firmly on matters of national importance. Our belief is simple: in diplomacy, the nation must always come first. Open dialogue, even where differences may exist, is essential for building trust and promoting long-term cooperation.

As a token of appreciation, Bahujana Balaya presented the High Commissioner with a replica of the renowned Naga Raksha mask, one of Sri Lanka's most iconic cultural symbols. The mask embodies protection, wisdom, vigilance, and the triumph of truth over evil. Its cobra hood signifies divine knowledge, spiritual transformation, and immortality, while its striking bulging eyes are believed to ward off the "evil eye" and intimidate malicious spirits. The lolling tongue represents constant vigilance, fearless communication, and the discernment to filter truth from falsehood, while the vibrant red and gold scales symbolize vital energy, cosmic power, and purification.

The Bahujana Balaya delegation comprised Chairman Milinda Rajapaksha, General Secretary Iranga Mendis, National Organiser Piyal Dharshana Guruge, Media Secretary Anjana Udara, Deputy Chairwoman Kumudini Bandara, and Executive Committee Member Sonala Gunawardene.

We sincerely appreciate the openness and willingness of Shri Santosh Jha and Dr. Rambabu C. to engage in an honest and meaningful discussion. Diplomacy is strengthened through mutual respect, understanding, and continuous dialogue. As Sri Lanka moves forward, constructive engagement between India and all responsible national stakeholders will continue to play an important role in promoting peace, stability, and shared prosperity.

#බහුජනබලය

It was a great and productive three-hour discussion with Shri Santosh Jha, High Commissioner of India to Sri Lanka, and ...
14/08/2026

It was a great and productive three-hour discussion with Shri Santosh Jha, High Commissioner of India to Sri Lanka, and representatives of Bahujana Balaya, covering a wide range of important areas.

The extensive dialogue reflects the commitment of the Indian High Commission to engage with nationalist youth leaders from the South and to better understand our perspectives, concerns, and aspirations.

We believe such open and constructive engagement can contribute towards building greater mutual understanding between the South and the North of Sri Lanka, while also strengthening understanding, trust, and cooperation between Sri Lanka and India.

Meaningful dialogue is an important foundation for overcoming differences, building confidence, and creating stronger relationships for the future.

14/08/2026

විනිසුරු ධූරකාලයට ජනමත විචාරණයක් අවශ්‍යයි. 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

#බහුජනබලය

14/08/2026

නඩු 95.05% ක් මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල. විශ්‍රාම වයස වැඩිකිරීමෙන් නඩු ඉක්මන් නොවේ!

#බහුජනබලය

14/08/2026

ආණ්ඩුව වපුරන ජනකාන්ත මිථ්‍යා මත!
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව.

#බහුජනබලය

Address

Wanduramba
Galle

Alerts

Be the first to know and let us send you an email when Piyal Darshana Guruge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share