Pramith Ganearachchi

Pramith Ganearachchi Attorney at Law of Supreme Court Of Sri Lanka 🇱🇰 නීතීඥයෙක් | ගායකයෙක් | මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින මානවවාදියෙක්.!!!

02/06/2026

යාපනයේ වෙසක් කූඩු තහනම්..???

සති දෙක තුනකට කලින් Facebook එකේ පහළට යනකොට මේ පොත් සෙට් එක මේ විදියටම තිබුණ Photo එකක් දැක්කා.ඉතින් ආස හිතුණා.මේ ටික අද...
21/05/2026

සති දෙක තුනකට කලින් Facebook එකේ පහළට යනකොට මේ පොත් සෙට් එක මේ විදියටම තිබුණ Photo එකක් දැක්කා.

ඉතින් ආස හිතුණා.

මේ ටික අද එනකොට මේ දවස් වල කියව කියව ඉන්නෙ අනුරුද්ධ ප්‍රදීප් මහත්මයගේ කොළ පාට සමාජයේ අවසානය? පොත.

කාලයක් Film, TV Series බලන්න නිදහස් වෙලාවෙන් වැඩි කාලයක් ගත කරා.

මොකක්දෝ හේතුවක් එක්ක ඒක පොඩ්ඩක් වෙනස් වෙලා යට ගිහිල්ලා තිබුණු පොත් කියවන වැඩේට ආයෙ පොඩ්ඩක් නැඹුරු වෙලා වගේ හිතෙනවා.

ඒකත් නරකම නෑ..!!! ❤️

07/05/2026

මේ ගෙවෙන්නේ ඉතාම කාර්යබහුල දවස්.

උදේ ලෑස්තිවෙලා උසාවි ගිහින් උසාවි වැඩ ඉවර කරලා එහෙමම ජිම් එකටත් ගිහින් ගෙදර එනකොට හවස 5යි.

ඇවිල්ලා නාගෙන හවස තේ එක බීලා ඔෆිස් එකට ඇවිල්ලා හිටපු කට්ටියකගේ වැඩකට ගියා.

හවස ඉඳන් වහිනවා. ඔෆිස් එකේ ඉඳන් ගෙදර එනකොටත් වහිනවා. වාහනේ එන ගමන් ඇඟට මහන්සියටත් එක්ක පොඩි සින්දුවක් අහගෙන ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඔළුවට ඕඩිකොලොන් ටිකක් හලාගෙන ඇඳේ ඇලවුණා.

පොඩි මසාජ් එකක් තිබුණනම් සනීපයි.ඒත් දවසම පුතා එක්ක ඔට්ටු වෙලා චුට්ටකට කලින් පුතාව නිදි කරා කියපු නිසා මසාජ් එක ගැන හිතේ තිබුණත් කියන්න ලෝබයි. පිරිමි එහෙමයි.

හැබැයි වෙනදා වගේ මසාජ් එකක් ගැන නොකියා මම තනියම ඕඩිකොලොන් ටිකක් ඔළුවට හලාගෙන ඇඳේ ඇලවෙනවා පුතාගෙ කොට් එක ගාව පුටුවක් තියාගෙන හිටපු එයා තප්පරයක් බලාගෙන හිටියා.

ඊට පස්සෙ එයාම පුටුවෙන් නැගිටලා ඇවිල්ලා ඇඳේ වාඩිවෙලා හෙමින් මගේ ඔළුව අතගාන්න පටන් ගත්තා.

ඒක තමයි පිරිමි ලෝබ ආදරණීය සුන්දර සෞම්‍ය ගැහැණුකම. ❤️

ගැහැණුකම පිරුණු එහෙම සෞම්‍ය ගැහැණු පිරිමින්ව ආදරණීය කරනවා..!!! ❤️

ශ්‍රී ලාංකික බෞද්ධයා විහිළුවට, අවමානයට පත් කිරීමේ මානසික මෙහෙයුම් 🛑මං හිතන්නෙ මේ දිනවල හැමෝම දැකපු ඡායාරූපයක් තමයි අර කා...
22/04/2026

ශ්‍රී ලාංකික බෞද්ධයා විහිළුවට, අවමානයට පත් කිරීමේ මානසික මෙහෙයුම් 🛑

මං හිතන්නෙ මේ දිනවල හැමෝම දැකපු ඡායාරූපයක් තමයි අර කාන්තාවක් ආලෝකා කියන බල්ලාට වැඳගෙන ඉන්න ආකාරයේ ඡායාරූපය.

ඒ ඡායාරූපය Facebook එකේ සංසරණය වෙන්න පටන් ගත්තෙම ශ්‍රී ලාංකික බෞද්ධයන් යනු බල්ලෙක්ටත් දණ ගහලා වඳින නූගත් ග්‍රාමීය මෝඩ රැළක් කියන අර්ථයෙන්.

දැන් තමයි හැබැයි වැඩේ ලස්සනට එළියට ඇවිල්ලා තියෙන්නෙ.

දැනගන්න ලැබෙන විදියට මුලින්ම මේ ඡායාරූපය Facebook එකේ පළ කරලා තියෙන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි.

තොරතුරු හෙළි වෙලා තියෙන විදියට ඔහු ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු සහ ඡායාරූප ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන තැනැත්තෙක්.

මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලි වෙලා තියෙනවා ඒ ඡායාරූපයේ ඉන්න අම්මා වඳින්නේ බල්ලට නෙවෙයි බල්ලා එක්කම ඇවිදගෙන යන හාමුදුරුවන්ට කියලා. (මොළයක් තියෙන එකෙක් නම් මුලින්මත් ඒක තේරෙන්න ඕන කියන එක වෙනම කතාවක්.)

කොහොම නමුත් දැන් මං හිතන්නෙ හැමෝටම තේරිලා හෝ පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා ඒ වඳින්නෙ බල්ලට නෙවෙයි හාමුදුරුවන්ට කියලා.

හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි.

මේ ඡායාරූපය මුලින්ම පළ කරපු ඔය ඉහත කියන ලද ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා මේ ඡායාරූපය පළ කරලා තිබුණේ පහත සඳහන් "ආලෝකා කියන බල්ලා ලාංකික බැතිමතුන්ගේ ගෞරව වන්දනාවට ලක් වූ අයුරු" කියන Caption එක සහිතව.

ඒ අනුව ඉතාම පැහැදිලිව තහවුරු වෙනවා මේ පුද්ගලයා විසින් මේ ඡායාරූපයේ මේ අම්මා වඳින්නේ හාමුදුරුවන්ට මිස බල්ලාට නොවේ කියන එක හොඳාකාරවම දැනගෙනම තමයි හිතාමතාම ඉතාම නිර්ලජ්ජිත සහ ජඩ අරමුණකින් මේ Photo එක පළ කරලා තියෙන්නෙ කියලා.

වැඩේ පත්තු වුණාම මොහු මේ ඡායාරූපය සහිත Post එක තමන්ගේ පිටුවෙන් ඉවත් කරගෙන තියෙනවා කියලා ආරංචියි.

හැබැයි මේ වැඩෙන් මේ ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ ඉහළ පෙළේ අයගේ මානසිකත්වය නැවත නැවත තහවුරු වෙනවා.

මේ මිනිස්සු මොන තරම් හංගගෙන ඉන්න හැදුවත් මේ අයට බෞද්ධයන් පේන්න බෑ. බෞද්ධකම පේන්න බෑ. බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සභ්‍යත්වය පේන්න බෑ. කොටින්ම කිව්වොත් මේ අය අපේ බෞද්ධ උරුමයට වෛර කරනවා.

ඒ නිසාම තමයි මේ අහිංසක අම්මා කෙනෙක් තමන්ගේ හිතේ ඇතිවුණ ශ්‍රද්ධාවෙන් හාමුදුරු නමකට වඳින ඡායාරූපයක් බල්ලෙක්ට දණගහලා වඳින ඡායාරූපයක් විදියට අර්ථ ගැන්වෙන වදනක් සහිතව පළ කරලා සමස්ථ සිංහල බෞද්ධයන් යනු රැල්ලට බල්ලන්ටත් දණ ගහලා වඳින නූගත් මෝඩයන් කියලා සමාජයේ අවමානයට ලක් කරේ.

තවත් දිගට ලියන්න ඕන නෑ.

තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් තේරුම් ගන්න.

මේ සිද්ධියම ඇති මේ මොහොතේ අපේ සමාජය දක්කමින් තියෙන්නෙ කොතනටද කියන එක සහ ඔබ විසින්ම ඔබේ උරුමයට හිනාවෙන විහිළු කරන තැනකටම ඔබව අරගෙන යන මානසික මෙහෙයුමේ තරම හිතාගන්න..!!!

චන්දිමාල් ජයසිංහ වහාම අත්අඩංගුවට ගත යුතුය..!!! 🛑2023 අවුරුද්දෙ Ceylon Today පුවත්පතේ Public Indecency Threatens Social F...
20/04/2026

චන්දිමාල් ජයසිංහ වහාම අත්අඩංගුවට ගත යුතුය..!!! 🛑

2023 අවුරුද්දෙ Ceylon Today පුවත්පතේ Public Indecency Threatens Social Fabric කියලා ලිපියක් පළ වෙනවා.

ඒ ලිපිය ආරම්භ වෙන්නෙ මෙහෙමයි.

"Public indecency is a societal menace that presents a challenge to maintaining public order and the culture and values of a nation. In Sri Lanka, a country well-known for its rich cultural heritage and traditions"

අපේ රට කියන්නෙ ඇත්තටම ඉතාමත් ඉහළ සංස්කෘතික වටිනාකම් තිබුණු ඒවාට ගරු කරපු රටක්.

හැබැයි අද වෙනකොට අපේ රටේ සංස්කෘතිය, අපේ හර පද්ධතිය මුළුමනින්ම විනාශ කරලා දාන Project එකක් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාම නින්දිත විදියට ක්‍රියාත්මක වෙනවා.

මේ විකෘතිය විසින් අද අපේ සමාජයේ කාන්තාව කියන එක මුළුමනින්ම "ළිංගික උපකරණයක්" බවට පරිවර්තනය කරලා තියෙනවා.

ඉතාම ඛේදවාචකය තමයි සමාජයේ අවධානය දිනාගැනීම වෙනුවෙන් තමන් විසින්ම තමන්ව ළිංගික උපකරණයක් බවට පත් කරන තරුණියන් විශාල ප්‍රමාණයක් අද වෙනකොට සිටීම.

සමාජයේ මිනිස්සු දන්න කියන කෙනෙක් වීම වෙනුවෙන් "ඕනෑම මිලක්" ගෙවීමට සූදානම් තරුණියන් අද මේ සමාජයේ බිහිවෙලා තියෙනවා.

නොදැනුවත්වම අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ Project එකේ ගොදුරක් වෙලා.

මට මේක ලියන්න හිතුණේ චන්දිමාල් ජයසිංහ නැමැති පුද්ගලයා විසින් සංවිධානය කරපු අමුතු තාලේ "අවුරුදු උත්සවයක" Video කිහිපයක් දැකලා.

ඔහු මේ වැඩේ පටන් ගත්තේ ඔහුගේ උපන්දිනයට නිළියන්(?), නිරූපිකාවන්(?) වැනි කාන්තාවන් ගෙනල්ලා ඔවුන්ව නටවලා.

එහෙම පටන් ගත්ත වැඩේ අද ඔහු අපේ ඉහළම සංස්කෘතික මංගල්‍යය වුණු සිංහල අලුත් අවුරුද්දට අරගෙන ඇවිල්ලා තියෙනවා.

අද අවුරුදු කුමරියන් කියලා තෝරන්නේ අවුරුදු කුමරියන්ද එහෙමත් නැත්තන් "වෙනත් වැඩක්" සඳහා පවත්වන සම්මුඛ පරික්ෂණද කියලා හිතෙම තරමට අවුරුදු කුමරිය තරඟ ලිංඟික තරඟ බවට පත් කරවලා.

ආඩම්බරයෙන් ලස්සනට ඇවිදගෙන ඇවිල්ලා ආයුබෝවන් කියපු කුමරියන් වෙනුවට බාගෙට ඇඳගෙන රාත්‍රී සමාජශාලා වල වැනි නර්ථනයන් ඉදිරිපත් කරන "සැපයුම්කාරියන්" දකින්නට ඇත.

මා මේ සටහන ලියන්නට හේතු වුණ අවුරුදු උත්සවය යන නමින් පැවැත්වූ වැඩසටහනක ඉතාම පහත් ආකාරයේ ළිංගික උද්වීපන සහිත ළිංගිකමය තරඟ ප්‍රසිද්ධියේ පැවැත්වෙනු දුටුවා.

ඒ video සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.

සරම අස්සෙ දාගෙන දුවන තරඟ, බඩ උඩ බනිස් කෑමේ තරඟ වැනි දේවල් වලින් පෙන්වන්න උත්සහ කරන දේ පැහැදිළිය.

ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම අපේ රටේ නීතිය අනුව වරදකි.

මේ කියන ළිංගික උද්වීපන විකාර ක්‍රීඩා පැහැදිළිවම අශෝභන ක්‍රියා ගණයට පැහැදිළිවම වැටෙනවා යන්න මගේ අදහසයි.

ඒ අනුව එවැනි ක්‍රියාවන්හි නිරත වීම සහ එවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පැහැදිලිවම වරදකි.

මේ ළිංගික උද්වීපන ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි නීති සොයා ගැනීම වැඩි අමාරුවක් වෙන එකක් නැහැ.

යම් ආගමික කණ්ඩායමක, සංස්කෘතික කණ්ඩායමක හැඟීම් වලට තුවාල වෙන දේවල් කරන්න නීතියෙන් ඉඩක් නැත.

පැහැදිලිව චන්දිමාල් ජයසිංහ නම් තැනැත්තා විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් මහා ඉහළින් සමරන සිංහල අලුත් අවුරුද්ද අවමානයට, අපහාසයට ලක් කරලා තියෙනවා.

මේක මේ විදියට ගියොත් අපේ රටේ ලැජ්ජාවක් බයක් කියලා දෙයක්, සංස්කෘතියක් කියලා දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

ඒ නිසාම චන්දිමාල් ජයසිංහ නම් තැනැත්තා වහාම අත්අඩංගුවට ගත යුතුය..!!!

10/04/2026

මං මේ අද ඊයේ පෙරේදා දවස් කිහිපයේම දැක්ක දෙයක් තියෙනවා.

දැන් ඔය ගල් අඟුරු වංචාව කියන එක කොහොමවත්ම හෝදන්න බැරි එකක්නෙ.

අඩුම ගාණෙ හේදීම කෙසේවෙතත් වැලි ටිකක්, අයිසිං ටිකක් දාලා වහන්න හැදුවත් දරාගන්න බැරි ගඳක් එන වැඩක්නෙ.

ඒ නිසා මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කඩේ යන "උගත් බුද්ධිමත් මධ්‍යම පන්තිය" කියලා කියන එකට ආමන්ත්‍රණය කරන මධ්‍යම පාංතික "වැදගත්", "මධ්‍යස්ථ" ඩෝබිලා මේ දවස් ටිකේම දාන්නෙ මේ ගල් අඟුරු වංචාව කරපු අඟුරු කුමාරගේ ගෝලයා නිර්ලජ්ජිත විදියට රැකපු එකෙන් ආණ්ඩුවේ සුජාතභාවය නැති වුණා ය වගේ වැල් බයිලා.

හැබැයි දැන් මේකෙන් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වුණා කියලා මේ "මධ්‍යස්ථ" ඩෝබිලා හෙට ඉඳන් තක්කඩි ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න එක නවත්තනවද..? නෑ.. මොන පිස්සුද.

උන් මේ උණුසුම පොඩ්ඩක් යට ගියපු ගමන් ආයෙ වැඩේ පටන් ගන්නෙ "ගල් අඟුරු වංචාවක් වුණා තමයි. හැබැයි මෙහෙමයි......" කියලා.

උන් මේ වෙලාවෙ ආණ්ඩුවේ සුජාතභාවය නැති වුණා වගේ බයිලා ගහ ගහ ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ උන්ට ආණ්ඩුවේ සුජාතභාවයක් ගැන තියෙන මඟුලේ කැක්කුමක් නිසා නෙවෙයි. උන්ට ඇත්තටම තියෙන්නෙ උන් පශ්චාත් භාගය ඉරාගෙන දඟලලා හොරු අල්ලන්න කියලා ගෙනාපු නෙළුම් මල් හතේ සුපිරිසිදු ආණ්ඩුව උන්ට අරින ඇරිල්ලේ ලැජ්ජාව දරාගන්න බැරි නිසා.

ඒ නිසා උන් දවසකට දෙකකට මේ වංචාවෙ පරිමාව ගැන අදහසක් තියෙන තම තමන්ගේ Circle වල යමක් කමක් තේරෙන උන්ගෙ තනි බයිට් එක තමන් වීම වළක්වා ගන්න මේ වංචාවට මුල ඉඳන් විරුද්ධ වෙච්ච මිනිස්සු එක්ක හිටගෙන තමනුත් මේ මහා වංචාවට විරුද්ධයි වගේ හෙන මධ්‍යස්ථයි වගේ මොකක්ද එකක් පෙන්නන්න හදනවා.

අදින් ඒ අමාරු කාලය අවසන්. තව උපරිම දවසක් දෙකක් ඕන නම් උන් ඔහොම ඉඳීයි.

ඊට පස්සෙ ආයෙත් ඕකුන් මේ ජඩ ආණ්ඩුව වෙනුවෙන් "නියමිත මාත්‍රාවෙන්" ආයෙ පෙනී ඉන්න පටන් ගන්නවා.

මං කියන්නෙ ඔන්න ඔය මම උඩ කියපු කොටස තමයි තක්කඩිම සෙට් එක.

ගොඩදාන්නම බැරි වෙලාවල් වල උන්ට උන්ගෙ නම්බුව බේරගන්නත් ඕන. හැබැයි දිර්ඝකාලීනව ආණ්ඩුවෙ වෙනුවෙන් පෙනී ඉන්නත් ඕන.

එක අතකටමේ ගල් අඟුරු වංචාවල්,රුපියල් බිලියන ගණන්වල පාඩු අරවා මේවා මොකවත් අදාළ නැති හද්ද නූගත්, තමන්ට කියලා රැකගන්න "නමක්", නම්බුවක් නැති, Maintain කරන්න Social Media Image එකක් නැති,මේ බැරෑරුම් දේවල් මෙලෝ මළ සංසාරයක් තේරෙන්නෙ නැති මෝඩකමයි, කුහකකමයි, සමාජ වෛරයයි නිසා මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා අර අනුරගේ අතිජාත මිත්‍රයා වෙච්ච මානසික රෝගී Youtube දඩෝරියා වගේ උන්ගේ කුණුහරප ටිකක් අහගෙන ඒවට Comment එකක් දාගෙන ඉන්න උන් වැඩේට අවංකයි.

මම කියන්නෙ මිනිහෙක් නූගත් මෝඩයෙක් වීම නිසා නරකක් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් සහ ඉතාම දැනුවත්ව නරකක් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් කියන දෙන්නගෙන් වඩාත් තක්කඩියා දෙවෙනි වර්ගයේ මිනිසුන්ය.!!!

කුමාර ඊයේ පාර්ලිමේන්තු ආවේ ඉතුරු වෙලා ඉන්න ඩෝබින්ට දවස් කිහිපයක් ගොඩ දාගන්න පුළුවන් "සහන මල්ලක්" දෙන්න කියලා.හැබැයි ඒ "ස...
08/04/2026

කුමාර ඊයේ පාර්ලිමේන්තු ආවේ ඉතුරු වෙලා ඉන්න ඩෝබින්ට දවස් කිහිපයක් ගොඩ දාගන්න පුළුවන් "සහන මල්ලක්" දෙන්න කියලා.

හැබැයි ඒ "සහන මල්ල" ගැන කවුරුවත් එහෙම වැඩි කතාවක් නෑ.

දිට්වා කුණාටුව වෙලාවෙ ආණ්ඩුවේ නායකයින්ගෙන් සිදු වූ ප්‍රමාදයන් සහ නොසැලකිල්ල නිසා බේරගත හැකිව තිබූ ජීවිත විශාල ගණනක් අහිමිවීම කියන කාරණය සමාජගත වේගෙන ආණ්ඩුවට එරෙහිව විශාල වෛරයක් නිර්මාණය වෙමින් තියෙනකොටත් කුමාර නත්තල් පප්පා වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය වගේම "සහන මල්ලක්" දුන්නා.

තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා. සම්පූර්ණ ගෙදර විනාශ වුණානම් කෝටියක් දෙනවා වගේ පට්ටපල් බොරු විද්දා එදා.

මට මතකයි එක දාර ඩෝබියෙක් දාලා තිබුණා දිට්වා වලට ගෙදර අහුවුණානම් වාසියි වගේ Post පවා.

හැබැයි පච කුමාරගේ තරම දැනගත්ත නිසාද මන්දා කුමාරගේ මේ පාර සහන මල්ල ගැන බලු බල්ලෙක් කතා කරනවා දැක්කෙ නෑ ලොකුවට.

ඒ වෙනුවට ඊයේ බුකියේ වැඩියෙන්ම කතා වුණේ ගල් අඟුරු කාලා බලලා නෙවෙයි ගෙනාවෙ කියපු ජනාධිපතිවරයෙක්ට කිසිසේත් නොගැළපෙන තුප්පහි කතාව.

ගල් අඟුරු කාලා නෙවෙයි ගෙනාවෙ කියනකොට කුමාරට අමතක වෙනවා ගෝඨාභයගෙ කාලෙ ගෙනාපු "අසූචි නැව" ගැන කතා කරේ කාලා බලලද කියලා.

ගල් අඟුරු කාලා බලලා නෙවෙයි ගෙනාවේ කියන කතාවේ Post දැක්කම මට මුලින්ම හිතුණේ ඒවා බොරු Post කියලා.

ජනාධිපතිවරයෙක් එහෙම කතාවක් කරලා කියන එක ඇත්තටම පිළිගන්න අමාරු වුණා.

කොහොම වුණත් දැන් එකක් පැහැදිලියි.

අඟුරු කුමාර මේ සිදුවීමෙදි හිටගෙන තියෙන්නේ බාල ගල් අඟුරු ගෙනාපු තමන්ගේ ගෝලයා වුණු පල් හොරාගෙ පැත්තෙ මිසක් බාල ගල් අඟුරු නිසා අමතර විදුලි පිරිවැයක් දරන්න සිද්ධ වෙන මිනිස්සුන්ගේ පැත්තෙ නෙවෙයි.

ඒ නිසා සිහිබුද්ධියක් තියෙන ඕන මිනිහෙක්ට පේනවා ගල් අඟුරු කාලා බලලා ගෙනාවෙ නෑ කිව්වට ඇත්තටම අඟුරු කුමාරයි අඟුරු කුමාරගේ ගෝලයයි දෙන්නම හොඳම එකෙන් ගල් අඟුරු කාලා තියෙනවා කියලා.

ජනාධිපතිකම් ඇමතිකම් කියන ඒවා සදාකාලික නෑ.

අඟුරු කුමාර විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ජනාධිපති මුක්තිය කියන එක ඔයාට තියෙන්නෙ උපරිම තව අවුරුදු 3කට විතරයි කියන එක..!!!

01/04/2026

ජාත්‍යන්තර කාලගුණ විශ්ලේෂක එල් නිනෝ නෝනා Post එකක් දාලා තියෙනවා දැක්කා සමාජවාදී අය ලාල්ගෙ ගෙදර දැකලා සතුටු වෙනවා ධනවාදී කට්ටිය ලාලාකාන්තගේ ගෙදර දැකලා අඬනවා කියලා.

මම හිතන්නෙ නෑ ඒ නොනට මෙතන තියෙන ප්‍රශ්නෙ නොතේරෙනවා කියලා. හැබැයි ඒ නෝනට පැවරිලා තියෙන Project එක තමයි ඒ නෝනලට තේරෙන දේවල් නොතේරෙන මැටි මෝල්ලුන්ට කරේ තියන්‍ යන්න විවිධ ආඛ්‍යාන සමාජගත කරන එක.

කාලකණ්ණි කුහක ජෙප්පන්ට වගේ මිනිස්සු කාලා ඇඳලා ඉන්න එක ගැන අපිට අවුලක් නෑ. අපි ඒකට ඇත්තටම සතුටුයි.

මෙතන මිනිස්සු කතා කරන්නේ/හිනාවෙන්නේ/විවේචනය කරන්නේ උන් විසින්ම බලය ගන්න කලින් තමන් අමු හිඟන්නෝ වගේ අනුන්ගෙන් කකා ගෙවල් වල ජනෙල් වලට ඉටිකොළ ගහගෙන, කාගෙන් හරි හම්බෙන පොල් ගෙඩියක් කෙහෙල් කැනක් කාලා, අනුන්ගේ ඇඳුම් ඉල්ලගෙන ඇඳලා අහිගුණ්ඨිකයෝ වගේ ජීවත් වෙනවා කිය කිය රටේ බහුතරයක් උන්ව අන්දලා දැන් උන්ගේ ජීවිත වල ඇත්ත තත්වය එළියට ඇවිල්ලා තියෙන නිසා.

ඇත්තම කතාව වත්කම් බැරකම් හෙළි කරන්න වුණේ නැත්තන් මුං තාමත් කියන්නෙ උන් ලෝක හිඟන්නො කියලා.

වත්කම් බැරකම් ප්‍රකාශ වලින් රෙද්ද කැඩුණම තමයි උන්ම තමන් අමු හිඟන්නෝ කියලා පෙන්නපු වෙස් මුහුණ ගලවලා උන් එක රැයින් ඉඩම් හිමි වැවිලිකාරයෝ,පාරම්පරික ධනවතුන්, දක්ෂ ව්‍යවසායකයෝ වුණේ.

අනිත් එක සමාජවාදීන් ලාල්ගේ ගේ දැකලා සතුටු වෙනවා කිව්වට ඒ කතාවත් වැරදියි.

ඒ ගෙදර හොඳට සනීපෙට සැපට වාඩිවෙලා කන්න පුළුවන්කම තියෙද්දි ප්ලාස්ටික් පුටු කෑල්ලක වාඩිවෙලා කිරිබත් ගිලින Post එකක් දාලා සරලකම ගැන හෑලි ලියන්නෙ මුංට ඡන්දෙ දුන්න සිඟිති මොළකාරයො චූන් කරවන්න කියන එකත් ඒ නෝනට අමතක වෙලා..!!!

Facebook එකේ දැකපු Video කෑල්ලක් නිසා Youtube එකට ගිහින් මේකෙ සම්පූර්ණ සින්දුව අහලා ආවා. ආවා කිව්වට වැඩසටහනේ ඔක්කොම සින්...
29/03/2026

Facebook එකේ දැකපු Video කෑල්ලක් නිසා Youtube එකට ගිහින් මේකෙ සම්පූර්ණ සින්දුව අහලා ආවා. ආවා කිව්වට වැඩසටහනේ ඔක්කොම සින්දු ටිකයි තව පරණ ඒවා ටිකකුයි අහලා ආවෙ.

අර පොඩි ළමයි පොඩි කාලේ කක්කා කරලා ඒක උඩ වාඩි වෙලා අතින් මිරික මිරික සෙල්ලම් කරනවා වගේ තමන්ගේම සින්දු තමන්ම අනුභව කරන සමහර ජනප්‍රිය ගායකයො වගේ නැතුව සුපුන් තමන්ගේ සින්දුව 100%ක්ම කියනවා. තමන්ගේ සින්දුවට උපරිම සාධාරණය කරනවා. ආයේ ඒ ගැන කතා දෙකක් නෑ.

හැබැයි චන්දන ලියනාරච්චි මහත්මයා සුපුන්ගේ සින්දුව 150%ක් කියනවා.

මම බොහෝ වෙලාවට චන්දන ලියනාරච්චි මහත්මයට කැමති වෙලා හිටියේ ඔහුගේ Voice එකේ තියෙන කනට සනීප ගතියට.

මට ඒ Voice එක පැහැදිලි කරන්න තියෙන වචනය තමයි ඒක.

හැබැයි ඊයේ ප්‍රාතිහාරී එකේ චන්දන මහත්මයා දාන Variations ටික තනිකරම පිස්සුවක්.

ඒකෙ තියෙන මාරම ලස්සන වැඩේ තමයි ඒ Variations ගන්න effortless විදිය.

Sing කරගෙන යද්දි එක පාරට ඔළුවට නොවෙන පට්ටම රහ,භයානක Variations තිතට නිකන් කියලා දානව තමන් නෙවෙයි කිව්වෙ වගේ.

සින්දුවේ දෙවෙනි Verse එක චන්දන ලියනආරච්චි මහත්මයා කියන කොටස තනිකරම දිව්‍යමය රහක්.

ඒ කොටසේ සුපුන්ටම නොදැනී ඔහුගෙන් එන Reaction දකිනකොට පේනවා චන්දන මහත්මයා තමන්ගේ සින්දුවට දෙන Musical Treatment එකට සුපුන් කොච්චර Love ද කියලා.

අවසාන වශයෙන් මේ සටහනේදි සුපුන්ටත් සාධාරණයක් වෙන්න කියන්න ඕන මම ඉස්සර ඉඳන්ම ඉතාම ආස සින්දුවක් වෙච්ච "සමාවෙන්න රත්තරනේ" සින්දුව ඇස් දෙක පියාගෙන අහනකොට චන්දන මහත්මයා ඒක 101%ක් රහට කියනකොට මගේ කනට අනුව සුපුන් ඒ සින්දුවට ගෙනාපු අලුත් කලර් එක එක්ක සුපුන් ඒක 101.5%ක් රහට කිව්වා.

මේ වගේ වැඩසටහන් වලින් පරණ සින්දු වලට ගේන රහ එක්ක ඒ ගීත තව සෑහෙන්න කාලයක් ‍රසවින්දනයක් තියෙන ලස්සන මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරාවි..!!! ❤️

මේ ඡායාරූපයේ ඇති මොහොත ඓතිහාසික මොහොතක්.මේ රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ...
24/03/2026

මේ ඡායාරූපයේ ඇති මොහොත ඓතිහාසික මොහොතක්.

මේ රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් රාජකාරි භාරගත්ත මොහොත.

මේ රටේ තියෙන ජඩම මාධ්‍ය නාළිකාවේ උසි ගැන්වීම මත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවස පවා ගි ණි තබා ඇති පසුබිමක රටේම ගින්දර නිවීමේ ඓතිහාසික වගකීම තමන්ගේ කර මතට ගත්ත මොහොත.

මට අනුව මේ මොහොත සමාන වෙනවා නම් සමාන වෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් LTTE එක පොඩි පට්ටම් කරලා බිමට සමතලා කරලා දාලා මේ රට එක්සේසත් කරනවා කියන ඓතිහාසික තීරණය ගන්නා ලද ඒ නිශ්චිත මොහොතට පමණයි.

අද නෙවෙයි 2024 සැප්තැම්බර් 21 වෙනකොටත් බොහෝ දෙනෙක්ට ඒ මොහොත අමතක වුණාට ඒ මොහොත කියන්නෙ මුළු රටම මහා භයානක අවිනිශ්චිත අන්ධකාරයක ගිලිලා තිබුණ මොහොතක්.

රටට නායකයෙකු නැති මොහොතක්. යුධ හමුදාවට, පොලිසියට අණ දෙන්න කෙනෙක් නැති මොහොතක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පටන් ගත්තට පස්සේ එහෙම අවිනිශ්චිත මොහොතක් මේ රටේ තිබිලා නැහැ.

එදා රනිල් වික්‍රමසිංහ නොසිටින්න මේ රට මෙහෙම නෙවෙයි තියෙන්නෙ. ඒවා දැන් කතා කරලා වැඩක් නැහැ.

මම මේක ලියන්නෙ වෙන මොකකටවත් නෙවෙයි. මේ රටේ ඉන්න හැමෝම අකෘතඥ ගුණමකුවෝ නෙවෙයි කියන එක සටහන් වෙන්න ඕන නිසා.

මං දකිනවා රනිල් වික්‍රමසිංහවාදීන් හැමවෙලාවකම වගේ "රනිල් ආයෙ රටට ඕන වෙනවා", "රනිල් ආයෙ එනවා", "ආයෙ රනිල්ට රට භාරගන්න වෙනවා" වගේ කතා කියනවා.

ඒ අය ආයෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න උත්සහා කරනවා හෝ ප්‍රාර්ථනා කරනවා.

රනිල්ට රනිල් 2022-2024 තුළ කරපු ඓතිහාසික කාර්යභාරයට මගේ අවංක හෘදයාංගම කෘතවේදීත්වය හිස නමා පුද කරන ගමන්ම මම කීයටවත් රනිල් ආයෙ ජනාධිපති වෙනකන් බලන් ඉන්නෙ නැහැ.

ඒකට හේතුව වෙන මොකක්වත්ම නෙවෙයි.

2024 දී මේ රටේ මිනිස්සු රනිල්ට තව අවුරුදු 5ක් දිය යුතුව තිබුණා. ඒකට හේතුව දේශපාලනය ගැන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන මෙලෝ මල සංසාරයක් නොදන්න රටේ කරුමෙට ඡන්ද බලය ලැබිලා තියෙන නූගත් පට්ටපල් මෝඩයෝ පස් පාරක් අගමැති, 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ගගා හුච හුච ගෑවට ඔහුගේ ජීවිත කාලය පුරා ඔහුට පරිහරණය කරන්න නොලැබුණු සැබෑ බලය ඔහුට ලැබුණේ 2022. ඒ අවුරුදු දෙකට විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු තමන්ගේ ශක්‍යතාවය ඕනවටත් වඩා ඔප්පු කරලා පෙන්නපු නිසා.

ඒත් මේ රටේ මිනිස්සු තමන් වළෙන් ගොඩට ආපු පළවෙනි මොහොතේම ඉණිමඟට පයින් ගහන්න තීරණය කරා.

මම කියන්නෙ ආයෙ රනිල් මේ රටට ඕන කරන මොහොතක් ආවා වුණත් 77 වියැති රනිල් වික්‍රමසිංහ කළ යුතු එකම දේ කුමාර සහ කුමාර ඇතුළු වැඩ බැරි කල්ලිය කරේ තියාගෙන ආපු කුමාරලා නියෝජනය කරන "සෙනඟ" ට ඕනෑම දෙයක් කරගන්න කියා පොතක් පතක් කියවගෙන Netflix එකේ ෆිල්ම් එකක් බලාගෙන ගෙදරට වෙලා සිටීමය.

රනිල් වික්‍රමසිංහ විසින් ඉතිහාසය විසින් ඉල්ලා සිටි නිශ්චිත මොහොතේ ඉටු කළ ඓතිහාසික කාර්යභාරයේ බර වඩ වඩාත් වැඩි වෙන්නේ එවිටය.

රනිල් වික්‍රමසිංහ වර්තමාන ලිලිපුට්ටන්ගේ දේශපාලන භූමියෙන් එළියේ සිටීම හරහාම තමයි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පුරාවෘත්තයේ සෙවණල්ලෙන් වර්තමාන පුංචි පාලකයින් වැසී යන්නෙ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබට නිදුක් නීරෝගී සුබ උපන් දිනක්..!!!

Address

Embilipitiya

Telephone

+94770628548

Website

Alerts

Be the first to know and let us send you an email when Pramith Ganearachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pramith Ganearachchi:

Share