නීති පොත - The LAWbook

නීති පොත - The LAWbook Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නීති පොත - The LAWbook, Colombo.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බැංකු ගිණුම් හැක් කිරීම් වලින් සහ මූල්‍ය වංචාවන්ගෙන් ඔබේ මුදල් ආරක්ෂා ...
27/04/2026

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බැංකු ගිණුම් හැක් කිරීම් වලින් සහ මූල්‍ය වංචාවන්ගෙන් ඔබේ මුදල් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

මේ වීඩියෝව ඔස්සේ වංචාකරුවන් ඔබව නොමග යවන විවිධ උපක්‍රම මොනවාද යන්න සහ එම උත්සාහයන්ට හසු නොවී බේරී සිටින ආකාරය පැහැදිලි කරයි.

​📌 මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේ:

👉 ​බැංකු ගිණුම් හැක් කරන නවතම ක්‍රම (Scams & Phishing).
👉 ​OTP කේත සහ පුද්ගලික දත්ත ලබාගෙන මුදල් සොරකම් කරන හැටි.
👉 ​වංචාකරුවන්ගේ ඇමතුම් සහ කෙටි පණිවිඩ (SMS) හඳුනා ගන්නේ කෙසේද?
👉 ​ඔබ දැනටමත් වංචාවකට හසු වී ඇත්නම් ගත යුතු නීතිමය පියවර.
👉 ​ඔබේ බැංකු ගිණුම සහ Online Banking ආරක්ෂිතව තබා ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස්.

​වංචාකරුවන්ට ඔබේ මහන්සි වී උපයාගත් මුදල් කොල්ලකෑමට ඉඩ නොදෙන්න!

මෙම වීඩියෝව නරඹා හොඳින් දැනුවත් වන්න.

ඔබේ හිතවතුන්වත් දැනුවත් කිරීමට මෙය share කරන්න.


Sagara Vitharana
නීති පොත - The LAWbook

රජයේ බලපත්‍ර  ඉඩම්  / ප්‍රදානපත්‍ර ඔප්පුවල පසු අයිතිය කාටද? ===================================| 2022 අංක 11 ඉඩම් සංවර්ධ...
26/04/2026

රජයේ බලපත්‍ර ඉඩම් / ප්‍රදානපත්‍ර ඔප්පුවල පසු අයිතිය කාටද?
===================================
| 2022 අංක 11 ඉඩම් සංවර්ධන සංශෝධන පනත මගින් ඉඩම් සංවර්ධන ආඥා පනතට එකතු වූ නව සංශෝධන ඔස්සේ පැවති නීතිමය තත්වය වෙනස් වී ඇත.

රජයෙන් ලබාදුන් ස්වර්ණභූමි, ජයභූමි වැනි බලපත්‍ර සහ ප්‍රදානපත්‍ර (Grants) හිමි ඉඩම්වල අයිතිය ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද?

2022 වසරේදී ඉඩම් සංවර්ධන ආඥා පනතට එක් කළ නව සංශෝධන මගින් ඔබේ ඉඩම් අයිතියට ලැබී ඇති සහන සහ නීතිමය තත්ත්වයන් මොනවාද?

​බොහෝ දෙනෙකුට ගැටලුවක් වන "අනුප්‍රාප්තිකයන් නම් කිරීම" සහ මුල් අයිතිකරුගෙන් පසු අයිතිය හිමිවන ආකාරය ගැන පවතින නවතම නීතිමය තත්ත්වය මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කර දෙයි.

​මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේ:
👉 ​2022 අංක 11 සංශෝධන පනත: නව සංශෝධනයෙන් ඉඩම් හිමියන්ට ලැබුණු වාසි.

👉 ​අනුප්‍රාප්තිකයන් නම් කිරීම: බලපත්‍ර හෝ ප්‍රදානපත්‍ර ඉඩමක මීළඟ අයිතිකරු නීත්‍යානුකූලව පත් කරන්නේ කෙසේද?

👉 ​පසු අයිතිය (Succession): මුල් අයිතිකරුගේ මරණයෙන් පසු අයිතිය පැවරෙන නීතිමය අනුපිළිවෙල.

👉 ​නීතිමය ගැටලු: පවුලේ සාමාජිකයන් අතර අයිතිය බෙදී යන ආකාරය සහ පවතින සීමාවන්.

#ඉඩම්සංවර්ධනආඥාපනත
​ #ඉඩම්නීතිය නීති පොත - The LAWbook


Sagara Vitharana

ඔප්පුවක් නොමැති ඉඩම් සඳහා ප්‍රකාශන ඔප්පු සකස් කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු රාශියක් ඇත. 👇 මෙම වීඩියෝවෙන් අප ප්...
04/04/2026

ඔප්පුවක් නොමැති ඉඩම් සඳහා ප්‍රකාශන ඔප්පු සකස් කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු රාශියක් ඇත.

👇 මෙම වීඩියෝවෙන් අප ප්‍රකාශන ඔප්පු වල නීතිමය වලංගුභාවය, බැංකු ණය ලබා ගැනීමේ හැකියාව සහ මුද්දර ගාස්තු වැනි වැදගත් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නෙමු.

නීති පොත - The LAWbook ​ #ප්රකාශනඔප්පු #ඉඩම්නීතිය

👉 ඔබ සතුව ස්වර්ණභූමි හෝ ජයභූමි ඔප්පුවක් සහිත රජයේ ඉඩමක් තිබේද? එය විකිණීමට හෝ වෙනත් අයෙකුට පැවරීමට ඔබ සිතමින් ඔන්නවද?👉  ...
29/03/2026

👉 ඔබ සතුව ස්වර්ණභූමි හෝ ජයභූමි ඔප්පුවක් සහිත රජයේ ඉඩමක් තිබේද? එය විකිණීමට හෝ වෙනත් අයෙකුට පැවරීමට ඔබ සිතමින් ඔන්නවද?
👉 ඉඩමක් ගන්න බලද්දි ඔබට රජයේ ප්‍රදානපත්‍ර ඔප්පුවක් තියෙන ඉඩමක් හම්බ වෙලා තවමක් ගන්නවද නැද්ද කියල කල්පනා කරනවද? අරගෙන අමාරුවෙ වැටෙයිද ?

👇 බොහෝ දෙනෙක් නොදන්නා නමුත්, රජයේ ඉඩම් විකිණීමේදී අනුගමනය කළ යුතු විශේෂ නීතිමය ක්‍රියා පටිපාටියක් තිබේ.
මෙම වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ:
* ස්වර්ණභූමි සහ ජයභූමි ඔප්පුවල ඇති සීමාවන් මොනවාද?
* රජයේ ඉඩම් පැවරීම කල හැක්කේ කාහටද?.
* රජයේ අවසරයකින් තොරව ඉඩම් විකිණීමේ අවදානම.
* ඉඩමක් පැවරීමට ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසර ගන්නේ කෙසේද?
* ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඔබේ අයිතිවාසිකම් සහ එහි සීමා.

👉 නරඹන්න - දනුවත් වෙන්න - නොදන්න අයටත් දැනගන්න Share කරන්න.

නීති පොත - The LAWbook

👉 මුහුද අයිති කාටද? 👉 රටකට හිමි මුහුදු සීමාව තීරණය වන්නේ කෙසේද? මේ සියල්ල පාලනය වන ජාත්‍යන්තර නීති පද්ධතිය වන්නේ UNCLOS ...
21/03/2026

👉 මුහුද අයිති කාටද?

👉 රටකට හිමි මුහුදු සීමාව තීරණය වන්නේ කෙසේද?

මේ සියල්ල පාලනය වන ජාත්‍යන්තර නීති පද්ධතිය වන්නේ UNCLOS (United Nations Convention on the Law of the Sea) හෙවත් එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය හා සම්බන්ධ සම්මුතියයි.
​මෙම වීඩියෝව මගින් අප සාකච්ඡා කරනු ලබන්නේ ඒ ගැනයි.
👇 #නීතිපොත #මුහුදුනීතිය

දෙමාපියන් සතු ඉඩකඩම් සහ දේපළ අනිවාර්යයෙන්ම දරුවන්ටම පැවරිය යුතුද? අන්තිම කැමති පත්‍රයක් තිබෙන විට සහ නොමැති විට දෙමාපියන...
08/03/2026

දෙමාපියන් සතු ඉඩකඩම් සහ දේපළ අනිවාර්යයෙන්ම දරුවන්ටම පැවරිය යුතුද? අන්තිම කැමති පත්‍රයක් තිබෙන විට සහ නොමැති විට දෙමාපියන්ට අයිතිව තිබූ දේපළ බෙදී යන ආකාරය පිළිබඳව ඔබ දැනුවත්ද?
#නීතිපොත

⚖️ නීතිඥ වෘත්තිය , සාධාරණ නඩු විභාගයක අයිතිය සහ ම්ලේච්ඡත්වය: අපි කොතැනටද? ******************************************සංවි...
16/02/2026

⚖️ නීතිඥ වෘත්තිය , සාධාරණ නඩු විභාගයක අයිතිය සහ ම්ලේච්ඡත්වය:
අපි කොතැනටද?
******************************************
සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු කටයුතු වෙනුවෙන් නීතීඥවරුන් ගරු අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් කතිකාවක් සමාජය තුල මතුව ඇත. අපරාධ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි බව කියන තරුණ නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ මහමගදී පසුගිය දා ඝාතනයට ලක්විය.

මෙම ඝාතන සම්බන්ධව විමර්ශන ආරම්භයේදීම , මෙම නීතීඥවරයා (අපරාධ ක්‍රියාකාරිකයන් වෙනුවෙන් නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නිසාවෙන්) එම කණ්ඩායම් සමග සම්බන්ධයන් පැවැත්වූයේ යැයි චෝදනා කිරීම කෙතරම් යුක්ති සහගත වේද ?.

එවැනි නඩු කටයුතු වෙනුවෙන් නීතීඥවරුපෙනී සිටීම අද ඊයේ ආරම්භ වූවක් නොවන අතර එවැනි කටයුතු වලදී තම සීමා සහ වෘත්තීය ආචාර ධර්ම නොදැන නීතීඥවරු එසේ සිදු නොකරනු ඇත.

නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මහමගදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවත ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස අප සැමගේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන්නකි. වෘත්තීයමය වශයෙන් නඩුවකට පෙනී සිටීම හෝ ඒ ආනුෂංගික කරුණ මත හෝ වෙනත් ඕනෑම කරුණක් මත පදනම්ව පුද්ගල ජීවිත දඩයම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

මෙම සිදුවීමත් සමඟ "අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටිය යුතුද?" යන කතිකාව සමාජය තුළ නැවතත් නිර්මාණය වී තිබේ:

අපි මේ ගැන නිවැරදිව සිතා බැලිය යුතුය:

🗞️ වෘත්තීය වගකීම: වෛද්‍යවරයෙකු තමා වෙත එන රෝගියා අපරාධකරුවෙකුද නැද්ද යන්න නොබලා ප්‍රතිකාර කරන්නා සේම, නීතිඥවරයෙකුගේ කාර්යය වන්නේද නීතියේ පාලනය තහවුරු කිරීම සඳහා තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමයි. නීතිඥයකු යනු නීතිමය ක්‍රියාවලියක කොටස්කරුවෙකි. ඔහු පෙනී සිටින්නේ පුද්ගලයා වෙනුවෙන් නොව, එම පුද්ගලයාට හිමි නීතිමය අයිතිය වෙනුවෙනි.

🗞️ විභාග නොවූ චෝදනා: ඕනෑම අයෙකු අධිකරණයකින් වැරදිකරු කරන තෙක් "නිවැරදි කරුවෙකු" ලෙස සැලකීම නීතියේ මූලික සිද්ධාන්තයකි. විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම යනු ඔහු කළ අපරාධය අනුමත කිරීමක් නොවේ.

🗞️ පද්ධතියේ පැවැත්ම: සැකකරුවෙකුට තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට ඇති අයිතිය අහිමි වූ දිනට, සාධාරණ නඩු විභාගයක් පිළිබඳ බලාපොරොත්තුව මුළුමනින්ම ගිලිහී යනු ඇත.

නීතිඥවරයා යනු අධිකරණ පද්ධතියේ එක් පුරුකක් පමණි.ඔහුට එල්ල කරන වෙඩි උණ්ඩය ඇත්ත වශයෙන්ම එල්ල වන්නේ රටේ නීතියට සහ යුක්ති ධර්මයටයි.

නීතීඥ සංගමය වෙත මාධ්‍ය වේදීන් යොමු කල ප්‍රශ්නය:
******************************************
මෙම නීතිඥවරයා මැරූ සැකකරුවන් වෙනුවෙන් නඩු කටයුත්තකදී නීතිඥවරු පෙනී සිටිනවාද යන්න නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් විමසා සිටියා. එය නීති වෘත්තියේ ඇති අසීරුතම අභියෝගයයි. තමන්ගේ සංගමයේ සාමාජිකයකු මරා දැමූවන් වෙනුවෙන් වුවද නීතිමය නියෝජනයක් තිබීම නීතියේ පාලනය (Rule of Law) පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වේ. එය කෙසේ වන්නේද යන්න ගැන අනාගතයේදි දැක ගත හැකි වේවි.කවරෙකුට වූවද නීතීඥ සහ ලබා ගැනීමේ සාධාරණ අයිතියක් තිබේ.එය නීතියේ ආධිපත්‍යය සුරකින, සමාජයක ලක්ෂණයක් වේ.

නමුත්,
"අදහස් ප්‍රකාශ කිරීම සහ වෘත්තීය නිදහස මූලික අයිතියක් සේ සුරැකෙන රටක, වෘත්තිය නිසාවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම අතිශය ඛේදනීයයි." වෘත්තීවේදීන්ට සේම සෑම පුරවැසියෙකුටම මහමග තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවන වටපිටාවක් මේ වන විට මුලු සමාජයක්ම ඉල්ලා සිටී.

⚖️ නීතිඥ වෘත්තිය සහ සංවිධානාත්මක අපරාධකරුවන්
********************************************
"සල්ලි වෙනුවෙන් කුඩුකාරයෝ, මිනීමරුවෝ බේරන නීතිඥයෝ" ලෙස ඇතැමුන් කරන චෝදනාව ගැඹුරින් විමසිය යුත්තකි. ඇතැම් නීතිඥවරුන් සහ අපරාධකරුවන් අතර පවතින අසම්මත සබඳතා සහ මුදල් මතම තීරණය වන වෘත්තීය භාවිතය පිළිබඳව සමාජය තුළ ඇත්තේ සාධාරණ කෝපයකි. රැල්ලට චෝදනා නොකර , එවැනි නඩු වලට පෙනී සිටින සියලු නීතීඥවරු එම බාස්කට් එකටම දමන්නේද යන්න ඔබම සිතා බලන්න.

නීතිඥවරුන් "මුදල් පසුපසම හඹායන" බවට "අධික මුදලක් අය කරමින් අපරාධකරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා" යන මැසිවිල්ල සමාජය තුළ තදින්ම, ඇති චෝදනාව නීතිඥ ප්‍රජාව විසින්ම ස්වයං විවේචනයකට ලක් කරගත යුත්තකි. නමුත්, එම චෝදනාව මත පදනම්ව මිනීමැරුම් සාධාරණීකරණය කිරීම සමාජයක් ලෙස අප අගාධයට ඇද වැටීමකි.

නීතීඥවරු යනු අපරාධකරුවන් සුරකින පාර්ශවයක් නොවේ. එසේ කිරීමට හැකියාවක් සහිත සුවිශේෂී බලතල, වරප්‍රසාද ඔවුනට නැත. නීතීඥයන් යනු ඕනෑම පුද්ගලයෙකුට නීතිය ඉදිරියේ සාධාරණය ඉටුකිරීමට බැඳී සිටින යුක්තිගරුක නීති පද්ධතියක අත්‍යාවශ්‍යම වෘත්තිකයින් බව සැවොම මතක තබා ගත යුතු සේම එය එසේම කිරීමේ වගකීමද එම කාර්‍යයේ නියැළෙන සැවොමත් මනාව තේරුම් ගත යුතුය.

නඩු කටයුත්තකදී වෘත්තීයමය වශයෙන් පෙනී සිටීමත්, අපරාධකරුවන් සමග පුද්ගලික සබඳතා පැවැත්වීමත් අතර පැහැදිලි රේඛාවක් තබා ගත යුතුය. එසේම කිසිදු නඩුවක් නිසා පුද්ගල ජීවිත අහිමි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එවන් ම්ලේච්ඡ ක්‍රියා හමුවේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට ඉඩ නොදිය යුතුය.

යුක්තිගරුක සමාජයක් යනු නීතිය කාටත් සමානව සහ නිසි පරිදි ක්‍රියාත්මක වන සමාජයකි.

✒️ සටහන : නීතීඥ සාගර හේමාල් විතාරණ

#නීතිපොත

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when නීති පොත - The LAWbook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share