Next Step In Australia

Call Contact the business

Next Step In Australia We are a trusted team of immigration lawyers and education consultants, offering clear and reliable support for your visa and university needs.

🇦🇺 Australia වලදී තමන්ගේ සහකාරීයෙන්ගෙන් වෙන් වෙන්න හිතුවද? කෙටියෙන් කියනවානම් Divorce වෙන්න හිතනවාද? එහෙනම් ඊට කලින් මේ ...
14/10/2026

🇦🇺 Australia වලදී තමන්ගේ සහකාරීයෙන්ගෙන් වෙන් වෙන්න හිතුවද? කෙටියෙන් කියනවානම් Divorce වෙන්න හිතනවාද? එහෙනම් ඊට කලින් මේ ටික දැනගෙන ඉන්න....

විවාහ ජීවිතයේ වෙන්වීමක් කියන්නේ ලේසි තීරණයක් නෙවෙයි. ඒ කාලය තුළ මානසික පීඩනය, අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය සහ නීතිමය ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම Australia වල ඉගෙනුම ලබන Sri Lankan Studentsලාට, රැකියා කරන අයට සහ තම පවුල් ජීවිතය Australia තුළ ගොඩනඟාගෙන සිටින අයට මේ ගැන නිවැරදි අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

Next Step In Australia හරහා අපි බලාපොරොත්තු වෙන්නේ, ඔබට අදාළ නීතිමය ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමයි.
එහෙනම්, Australia වල දික්කසාද ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර බලමු.

👉 පියවර 1: Divorce Application එකක් ඉදිරිපත් කරන්නේ කොහොමද?

Australia වල දික්කසාදය සඳහා අයදුම් කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා.

1. Joint Application (දෙදෙනාම එකඟ වී අයදුම් කිරීම)
ඔබත් ඔබේ සහකරු හෝ සහකාරියත් දික්කසාද වීමට එකඟ නම්, දෙදෙනාටම එකට අයදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය ලියකියවිලි නිවැරදිව සකස් කර ඉදිරිපත් කිරීම වැදගත්.

2. Sole Application (එක් අයෙකු පමණක් අයදුම් කිරීම)
ඔබේ සහකරු හෝ සහකාරිය දික්කසාදයට එකඟ නොවුණත්, ඔබට තනිවම අයදුම් කළ හැකියි. එවැනි අවස්ථාවක අයදුම්පතේ පිටපත සහ අදාළ ලියකියවිලි නීතියට අනුව අනෙක් පාර්ශ්වයට භාර දිය යුතු වෙනවා.

අනෙක් පාර්ශ්වය සම්බන්ධ කරගැනීමට නොහැකි නම්, ඒ සඳහා අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගැනීමට සිදු විය හැකියි.

👉 Australia වල Divorce එකකට අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද?
දික්කසාදය සඳහා අයදුම් කිරීමට පහත කරුණුවලින් අවම වශයෙන් එකක් සම්පූර්ණ කළ යුතුයි.

- ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය Australian Citizen කෙනෙක් වීම.
- Australia ඔබේ ස්ථිර නිවස ලෙස සලකා, දිගටම මෙහි ජීවත් වීමට අදහස් කිරීම.
- අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර මාස 12ක කාලය පුරා Australia හි සාමාන්‍ය පදිංචිකරුවෙකු ලෙස ජීවත් වී තිබීම.

ඊට අමතරව, දික්කසාදය සඳහා අයදුම් කිරීමට පෙර අවම වශයෙන් මාස 12ක් සහ එක් දිනක් වෙන්ව ජීවත් වී තිබිය යුතුයි. විශේෂ අවස්ථාවලදී එකම නිවසේ ජීවත් වෙමින් වෙන්ව සිටීමද සලකා බැලිය හැකියි.

👉 වැදගත්: Student Visa හෝ Work Visa එකක් තිබීම පමණක් දික්කසාදය සඳහා සුදුසුකම් සපුරාලීමට ප්‍රමාණවත් නැහැ. ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය ඉහත නීතිමය සුදුසුකම් සපුරාලනවාද යන්න පරීක්ෂා කළ යුතුයි.

👉 වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටිනවා නම් මොකද කරන්නේ?
දරුවන් සිටින පවුල් සඳහා මෙය ඉතා වැදගත් කරුණක්. අවුරුදු 18ට අඩු දරුවන් සිටින විට, ඔවුන්ගේ රැකවරණය සහ යහපැවැත්ම සඳහා සුදුසු විධිවිධාන සලසා තිබෙනවාද යන්න අධිකරණය සලකා බලනවා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් අතර එකඟතාවකට පැමිණීමට හැකි නම්, එය බොහෝ අවස්ථාවලදී වඩාත් සුදුසුයි.

👉 දරුවන් සම්බන්ධ එකඟතාවයන් ලිඛිතව සකස් කරගැනීමට ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා.

1. Parenting Plan:
දෙමාපියන් දෙදෙනා එකඟ වී දරුවන්ගේ රැකවරණය, ජීවත් වන ස්ථානය සහ දෙමාපියන් සමඟ ගත කරන කාලය වැනි කරුණු සඳහන් කර සකස් කරන ලිඛිත එකඟතාවයක්. මෙය සාමාන්‍යයෙන් නීතියෙන් සෘජුව ක්‍රියාත්මක කළ හැකි අධිකරණ නියෝගයක් නොවෙයි.

2. Consent Orders:
දෙමාපියන් එකඟ වූ කරුණු අධිකරණය මඟින් අනුමත කර නීත්‍යානුකූලව බැඳී පවතින නියෝග බවට පත් කරගන්න පුළුවන්.

3. Parenting Orders:
දෙමාපියන්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි නම්, අධිකරණයෙන් තීරණයක් ඉල්ලා සිටිය හැකියි. එහිදී දරුවාගේ යහපත ප්‍රධාන වශයෙන් සලකා බලනවා. මෙවැනි ගැටලු ඇති වූ විට අධිකරණයට යාමට පෙර පවුල් මැදිහත්වීම් සේවාවක් (Family Dispute Resolution) හරහා ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කිරීම බොහෝ අවස්ථාවලදී අවශ්‍ය වෙනවා. නීතියෙන් නියම කර ඇති ව්‍යතිරේක ද පවතිනවා.

👉 පියවර 2: Divorce Hearing එකට සහභාගී විය යුතුද?
අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් විභාග දිනයක් ලබා දෙනවා. නමුත් සෑම අවස්ථාවකදීම ඔබ පෞද්ගලිකව විභාගයට සහභාගී විය යුතු නැහැ.

සාමාන්‍යයෙන් ඔබට සහභාගී වීමට සිදු විය හැක්කේ:
- ඔබ තනිවම (Sole Application) අයදුම් කර ඇති අතර, අදාළ නීතිමය කොන්දේසි අනුව සහභාගී විය යුතු නම්.
- වයස අවුරුදු 18ට අඩු දරුවන් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයක් විභාගයට සහභාගී වීමට ඉල්ලා තිබේ නම්.
- අනෙක් පාර්ශ්වය දික්කසාදයට විරුද්ධ වී තිබේ නම්.
- අධිකරණය විසින් ඔබේ සහභාගීත්වය අවශ්‍ය කර තිබේ නම්.

විශේෂයෙන්ම ඔබේ අයිතිවාසිකම්, දරුවන්ගේ රැකවරණය සහ දේපළ සම්බන්ධ ගැටලු තිබෙනවා නම්, සුදුසු නීති උපදෙස් ලබා ගැනීම වැදගත්.

👉 පියවර 3: Divorce Order එක අවසන් වන්නේ කවදාද?
අධිකරණය දික්කසාද නියෝගය ලබා දුන් පමණින් විවාහය එම මොහොතේම නීත්‍යානුකූලව අවසන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දික්කසාද නියෝගය ලබා දුන් දින සිට මාසයක් සහ එක් දිනක් ගත වූ පසු දික්කසාදය අවසන් වෙනවා. අධිකරණය වෙනත් නියෝගයක් ලබා දෙන විශේෂ අවස්ථා තිබිය හැකියි.

👉 Divorce එකට අමතරව දැනගත යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු.

• දරුවන්ගේ රැකවරණය සහ ආච්චිලා සීයලාගේ අයිතිවාසිකම්:
දරුවන්ගේ රැකවරණය සම්බන්ධ තීරණ ගැනීමේදී Australia නීතිය ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ දරුවාගේ යහපතයි. දෙමාපියන්ට දරුවන් සම්බන්ධ වගකීම් තිබුණත්, දරුවා දෙමාපියන් දෙදෙනා සමඟ සමාන කාලයක් ගත කළ යුතු බවට ස්වයංක්‍රීය නීතියක් නැහැ. තීරණ ගනු ලබන්නේ අදාළ තත්ත්වයන් සහ දරුවාගේ යහපත අනුවයි.

ඒ වගේම, දරුවෙකුගේ රැකවරණය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වන ආච්චිලාට, සීයලාට සහ වෙනත් සුදුසු පුද්ගලයන්ටද Parenting Orders සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් එම අයදුම්පත ඉදිරිපත් කළ පමණින් ඉල්ලා සිටින නියෝගය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ.

• දේපළ බෙදාගැනීම සහ මුදල් සම්බන්ධ එකඟතා:
දික්කසාදයෙන් පසු දේපළ, නිවාස, ඉතුරුම් සහ වෙනත් මූල්‍ය වත්කම් බෙදාගැනීම සම්බන්ධ ගැටලු ඇති විය හැකියි. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ එකඟතාවයකට පැමිණීමට හැකි නම්, ප්‍රධාන වශයෙන් පහත ක්‍රම සලකා බැලිය හැකියි.

1. Binding Financial Agreement (BFA);
විවාහයට පෙර, විවාහය අතරතුර හෝ විවාහයෙන් පසුව මූල්‍ය හා දේපළ සම්බන්ධ එකඟතාවයක් ඇති කරගැනීමට භාවිත කළ හැකි නීතිමය ගිවිසුමක්. මෙය සකස් කිරීමේදී දෙපාර්ශ්වයම තමන්ට වෙන වෙනම ස්වාධීන නීති උපදෙස් ලබා ගත යුතුයි. නීතියෙන් නියම කර ඇති කොන්දේසි සපුරාලීමද අත්‍යවශ්‍යයි.

2. Consent Orders;
දේපළ බෙදාගැනීම පිළිබඳ දෙපාර්ශ්වය එකඟ වී සිටිනවා නම්, එම එකඟතාවය අධිකරණයෙන් අනුමත කර නීත්‍යානුකූල නියෝගයක් බවට පත් කරගන්න පුළුවන්. එකඟතාවයකට පැමිණීමට නොහැකි නම්, අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සිදු විය හැකියි.

👉 විවාහක යුවළක් දික්කසාද නියෝගය අවසන් වූ පසු දේපළ සම්බන්ධ අධිකරණ නියෝගයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා නම්, සාමාන්‍යයෙන් දික්කසාදය අවසන් වූ දින සිට මාස 12ක් ඇතුළත අයදුම් කළ යුතුයි. මෙම කාල සීමාව ඉක්මවා ගියහොත් අධිකරණයේ අවසරය අවශ්‍ය විය හැකි අතර, එම අවසරය අනිවාර්යයෙන් ලැබෙන බවට සහතිකයක් නැහැ.

👉 එහෙමනම් ඇයි Next Step In Australia සමඟ සම්බන්ධ විය යුත්තේ?
පවුල් ජීවිතයේ අසීරු අවස්ථාවකදී නිවැරදි තොරතුරු සහ සුදුසු මඟපෙන්වීම ලබා ගැනීම ඉතා වැදගත්. දික්කසාදය, දරුවන්ගේ රැකවරණය සහ දේපළ බෙදාගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔබේ තත්ත්වයට ගැළපෙන නීතිමය උපදෙස් ලබා ගැනීමෙන් ඉදිරි පියවර වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්.

Next Step In Australia හරහා ඔබට අදාළ තොරතුරු දැනගෙන, අවශ්‍ය අවස්ථාවලදී සුදුසු නීති වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීමට මඟපෙන්වීම ලබාගත හැකියි.

Next Step In Australia කියන්නේ ඔබේ ඉදිරි පියවරට නිවැරදි මඟපෙන්වීමක්! Australia වල Divorce, Parenting හෝ Property Settlement සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න තිබෙනවාද? ඉතින් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail:[email protected]

*Disclaimer:
This content is for general informational purposes only and does not constitute legal advice. Australian divorce, parenting, and property settlement laws may vary depending on individual circumstances. Please consult a qualified Australian family lawyer for advice specific to your situation. Next Step In Australia does not guarantee any legal outcome.

12/10/2026
🇦🇺 Australia Student Visa Rules වෙනස් වුණා – Sri Lankan Studentsලා මේ ටික නම් අනිවාර්‍යෙන්ම දැන ගන්න ඕනේ! අපිව Follow කර...
01/10/2026

🇦🇺 Australia Student Visa Rules වෙනස් වුණා – Sri Lankan Studentsලා මේ ටික නම් අනිවාර්‍යෙන්ම දැන ගන්න ඕනේ! අපිව Follow කරලත් තියාගන්න....

Australia වල දැනට ඉගෙන ගන්න studentsලාටත්, Australia වල study කරන්න බලාපොරොත්තු වෙන studentsලාටත් මේ අලුත් වෙනස්කම් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. 2026 ඔක්තෝබර් 2 සිට Student Visa applications සහ education provider මාරු කිරීම සම්බන්ධයෙන් වැදගත් නීති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා.

මේ වෙනස්කම් වල ප්‍රධාන අරමුණ Australia තුළ Student Visa එක භාවිතා කරමින් නැවත නැවත stay එක දිගු කරගැනීම සීමා කිරීම සහ student visa system එක වඩාත් පාලනය කිරීමයි.

👉 මේ වෙනස්කම් ක්‍රියාත්මක වෙන්නේ කවදා සිටද?
2026 ඔක්තෝබර් 2 හෝ ඊට පසුව lodge කරන Student Visa applications සඳහා මේ නව නීති අදාළ වෙනවා. ඔබ ඔක්තෝබර් 2ට පෙර application එක lodge කරලා තිබුණා නම්, ඒ application එකට සාමාන්‍යයෙන් application එක lodge කළ අවස්ථාවේ තිබූ නීති අදාළ වෙනවා.

👉 Australia ඇතුළේ ඉඳලා අලුත් Student Visa එකක් Apply කරන්න පුළුවන්ද?
මෙතන තමයි ලොකුම වෙනසක් වෙන්නේ. දැනට Student Visa (Subclass 500) එකක් තියෙන කෙනෙක්, නැවත Student Visa එකක් main applicant ලෙස apply කරනවා නම්, සාමාන්‍යයෙන් Australia වලින් පිටත ඉඳලා application එක lodge කරන්න ඕනේ.

ඒ වගේම, මේ නීතිය යටතේ Australia වලින් පිටත සිට application එක lodge කරන්න සිදුවෙන කෙනෙක්, visa එක grant කරන අවස්ථාවේත් Australia වලින් පිටත සිටිය යුතුයි.

👉 හැබැයි සමහර studentsලාට Australia ඇතුළේ ඉඳලා apply කරන්න පුළුවන්

මෙවැනි අවස්ථා කිහිපයක් තිබෙනවා:
• Doctoral / PhD students
• දැනට කරන principal course එක අවසන් කරගැනීමට, CoE අවසන් දිනයෙන් පසුව මාස 12ක් ඇතුළත course එක අවසන් කරන්න අවශ්‍ය students
• දැනට කරන course එක සම්පූර්ණ කරලා, ඊළඟට ඉහළ AQF level එකක course එකකට යන students
• Education provider එක default වීම නිසා course එක අවසන් කරගන්න බැරි වූ students සහ අදාළ කොන්දේසි සපුරන අය
• School students
• Defence / Foreign Affairs students

ඒ නිසා “Student Visa එක තියෙන හැමෝටම Australia වලින් පිට වෙලා apply කරන්න ඕනේ” කියලා සරලවම කියන්න බැහැ. ඔබේ course එක සහ ඔබේ තත්ත්වය අනුව වෙනසක් තියෙන්න පුළුවන්.

👉 ඒ වගේම Partner හෝ Children Australiaට ගෙන්වා ගැනීමේ නීතිත් දැඩි වෙලා තියෙනවා.

මේ වෙනස Sri Lankan studentsලාට විශේෂයෙන් වැදගත්. 2026 ඔක්තෝබර් 2 සිට student කෙනෙකුගේ family membersලාට Student Visa එකකට apply කිරීම සීමා කරලා තියෙනවා.

Family member කෙනෙකුට apply කරන්න හැකි අවස්ථා අතර:
• Student Doctoral student කෙනෙක් නම්
• Student Defence හෝ Foreign Affairs student කෙනෙක් නම්
• Studentගේ study එක foreign government එකකින් සම්පූර්ණයෙන් fund කරන course එකක් නම්
• Student Pacific regional country එකක හෝ නීතියෙන් සඳහන් කර ඇති ASEAN රටක passport holder කෙනෙක් නම්
• Family member දැනට Australia තුළ සිටින අතර, 2026 ඔක්තෝබර් 2 වන දින එම studentගේ family member ලෙස Student Visa එකක් තිබුණා නම්, හෝ එදිනට පෙර application එකක් දමා පසුව visa එක grant වී තිබුණා නම්
• 2026 ඔක්තෝබර් 2 හෝ ඊට පසුව, දැනට Student Visa holder කෙනෙකුට Australia තුළ දරුවෙකු උපත ලැබුවා නම්

තවත් විශේෂ අවස්ථා කිහිපයක් current course completion සහ provider default සම්බන්ධයෙන්ද තිබෙනවා.

👉 ඒ නිසා Sri Lankan studentsලාට partner/children පසුව Australiaට ගෙන්වා ගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

👉 “Subsequent Entrant” ක්‍රමය සීමා වෙලා තියෙනවා.
අලුත් නීති යටතේ සාමාන්‍යයෙන් family member කෙනෙකුට student visa holder කෙනාට පසුව වෙනම Subsequent Entrant application එකක් දාලා join වෙන්න තිබුණු අවස්ථාව සීමා වෙනවා. අදාළ අවස්ථාවක family memberලා student සමඟ එකම අවස්ථාවේ සහ එකම ස්ථානයේ application එකට ඇතුළත් විය යුතුයි.

ඒ නිසා Australia යන කලින් තමන්ගේ partner සහ children සම්බන්ධ visa planning එක හරියටම කරගැනීම ඉතා වැදගත්.

👉 Student Visa expire වුණාට පස්සේ තිබුණු 28-day අවස්ථාව ගැනත් අපි කතා කරමු.

කලින් තිබුණු 28-day period එක මත පදනම් වෙලා Student Visa එක expire වුණාට පස්සේ Australia ඇතුළේ සිට අලුත් Student Visa එකක් lodge කිරීම ගැන සැලසුම් කරපු අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. නව නීති යටතේ මේ සම්බන්ධයෙන් තිබුණු පැරණි අවස්ථාව ඉවත් කර තිබෙනවා. Tribunal එකක් visa cancellation එකක් set aside කරන විශේෂ අවස්ථාවක් මෙහි exception එකක් ලෙස සඳහන් වෙනවා.

👉 ඒ වගේම මේ Visa තියෙන අයට Australia ඇතුළේ ඉඳලා Student Visa Apply කිරීමත් සීමා වෙයි.
2026 ඔක්තෝබර් 2 සිට Australia තුළ සිටින පහත visa holdersලාට Australia ඇතුළේ සිට valid Student Visa application එකක් lodge කරන්න බැහැ: 400, 403 (අදාළ stream), 407, 408, 417, 457, 482, 485, 600, 601, 602, 651, 771, 988 සහ 995 යන visa subclasses වල අදාළ holders.

ඒ නිසා 485 Graduate Visa, Visitor Visa, Working Holiday Visa, 482, 407 වැනි visa එකක් තියෙන කෙනෙක් Australia ඇතුළේ ඉඳලා Student Visa එකකට මාරු වෙන්න පුළුවන්ද කියන එක ගැන කලින්ම check කරගන්න ඕනේ.

👉 Education Provider මාරු කිරීම – මාස 12ක නීතිය. ඒ මොකද්ද ඒ?
තවත් වැදගත් වෙනසක් තමයි education provider මාරු කිරීම සම්බන්ධයෙන්.
2026 ඔක්තෝබර් 2 සිට සාමාන්‍යයෙන් තමන්ගේ principal course එකේ මාස 12ක් සම්පූර්ණ කරලා නැත්නම් වෙනත් education provider කෙනෙකුට මාරු වීම සීමා වෙනවා. කලින් තිබුණු කාලය මාස 6ක් වූ අතර, දැන් එය තාවකාලිකව මාස 12ක් දක්වා වැඩි කර තිබෙනවා.

මේ වෙනස දැනට Australia වල ඉගෙන ගන්න studentsලාටත් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ දැනට මාස 6ක් ඉගෙනගෙන තිබුණත්, මාස 12 සම්පූර්ණ කරලා නැත්නම් provider මාරු කිරීමේදී නව නීතිය බලපාන්න පුළුවන්. මෙම මාස 12ක සීමාව 2027 ජූනි 30 දක්වා තාවකාලිකව පවතින අතර, දැනට සැලසුම් කර ඇති පරිදි 2027 ජූලි 1 සිට නැවත මාස 6ක් බවට පත්වීමට නියමිතයි.

👉 හැබැයි exceptions තියෙනවා:

උදාහරණයක් ලෙස:
• ඔබගේ current provider එක transfer එකට release එක ලබා දෙනවා නම්
• Provider එක හෝ course එක තවදුරටත් registered නොවේ නම්
• Government sponsor කෙනෙකු විසින් provider මාරු කිරීමට ලිඛිතව අනුමැතිය ලබා දී තිබේ නම්
වැනි විශේෂ අවස්ථාවලදී කලින් transfer කිරීමේ හැකියාව තිබිය හැක.

ඒ නිසා provider එක මාරු කරන්න කලින් ඔබේ individual situation එක අනුව නීති check කරගැනීම වැදගත්.

👉 මෙහෙම වෙනස්කම් කිහිපයක් තිබුණත්, තවමත් වෙනස් නොවුණු කරුණු කිහිපයක්ද අපිට දැක ගන්න පුළුවන්. ඒ ගැන කතා කරමු දැන්.

මේ කියන්නේ නව වෙනස්කම් තිබුණත් Student Visa සඳහා මූලික අවශ්‍යතා කිහිපයක් තවමත් පවතිනවා.

උදාහරණ ලෙස:
• Genuine Student requirement
• English language requirements
• Financial capacity requirements
• Visa conditions
• Visa application charges
• Subclass 485 Temporary Graduate Visa සම්බන්ධ මූලික නීති

මේවා වෙනස් වී නැති බව වෙනම මතක තබාගන්න ඕනේ.

👉 හැමෝටම එකම නීතියක් නෙවෙයි. මේ නව නීති වලදී ඔබගේ current visa, current course, course level, study period, provider සහ family situation අනුව ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්.

ඒ නිසා Facebook එකේ post එකක් දැකලා පමණක් visa එක lodge කිරීම, course එක මාරු කිරීම හෝ Australia වලින් පිටවීම වැනි තීරණ ගන්න එපා.

🇦🇺 Sri Lankan Studentsලාට ආයේ කෙටියෙන් කිව්වොත්:
• දැනට Student Visa තියෙන බොහෝ අයට further Student Visa එකක් සඳහා Australia වලින් පිටත සිට apply කරන්න සිදුවෙයි.
• Partner / Children ගෙන්වා ගැනීමේ නීති දැඩි වෙලා තියෙනවා.
• පසුව family member කෙනෙකු Subsequent Entrant ලෙස ගෙන්වා ගැනීමේ අවස්ථාව විශාල ලෙස සීමා වෙලා තියෙනවා.
• Student Visa expire වුණාට පස්සේ කලින් තිබුණු 28-day අවස්ථාව මත පමණක් rely කරන්න බැහැ.
• Education provider මාරු කිරීමේදී මාස 12ක සීමාව ගැන අවධානය යොමු කරන්න.
• 2026 ඔක්තෝබර් 2ට පෙර lodge කළ applications සඳහා සාමාන්‍යයෙන් application එක lodge කළ අවස්ථාවේ තිබුණු නීති අදාළ වේ.

🇦🇺 ඔබ Australia වල දැනට Student කෙනෙක් නම්, මේ වෙනස්කම් ඔබගේ visa සහ study plan එකට බලපානවාද කියලා කලින්ම check කරගන්න. ඉතින් ඒකට තමයි අපි ඉන්නේ. දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
This information is for general educational purposes only and is based on the rules available at the time of posting. Visa requirements and policies can change, and eligibility depends on your individual circumstances. Always check the latest official Australian Government guidance or seek professional advice before making visa or study decisions.

🇦🇺 Australia Health Waiver ගැන දන්නවා නේද? දන්නේ නැත්නම් මේක නම් කියවන්නම ඕනේ ඔබ!ඔබ Australia Visa එකකට apply කරනවා නම්,...
25/09/2026

🇦🇺 Australia Health Waiver ගැන දන්නවා නේද? දන්නේ නැත්නම් මේක නම් කියවන්නම ඕනේ ඔබ!

ඔබ Australia Visa එකකට apply කරනවා නම්, Visa එක ලබාගැනීම සඳහා Health Requirement සම්පූර්ණ කිරීම ඉතා වැදගත් බව ඔබ දන්නවා ඇති.

නමුත් ඔබගේ Health Assessment එකෙන් “Does Not Meet” කියන ප්‍රතිඵලයක් ආවොත් මොකද වෙන්නේ?

ඒකෙන් Australia එන්න තියෙන අවස්ථාව අනිවාර්යයෙන්ම අවසන් වෙනවා කියලා අදහස් කරන්නේ නැහැ. සමහර Visa වර්ග සඳහා Health Waiver එකක් සලකා බැලිය හැකියි. ඒ කියන්නේ, සෞඛ්‍ය අවශ්‍යතාව සම්පූර්ණ නොකළත්, ඔබගේ විශේෂ තත්ත්වය සහ Australia වෙත ඇති විය හැකි බලපෑම සලකා Visa එක ලබාදීමට ඉඩ තිබීමයි.

👉 මෙන්න ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු:

01. PIC 4005 සහ PIC 4007 කියන්නේ මොනවාද?
Australia Visa සම්බන්ධ Public Interest Criteria (PIC) යටතේ සෞඛ්‍ය අවශ්‍යතා තීරණය කරන ක්‍රම තිබෙනවා.

• PIC 4005 – බොහෝ Visa සඳහා අදාළ වන සෞඛ්‍ය අවශ්‍යතාවක්. මේ යටතේ සෞඛ්‍ය අවශ්‍යතාව සම්පූර්ණ නොකළ අවස්ථාවල සාමාන්‍ය Health Waiver එකක් ලබාගැනීමේ හැකියාව නැහැ.
• PIC 4007 – ඇතැම් Visa වර්ග සඳහා අදාළ වන අතර, නියමිත කොන්දේසි සපුරාලන අවස්ථාවල Health Waiver එකක් සලකා බැලිය හැකියි.

උදාහරණයක් ලෙස Subclass 482 Skills in Demand Visa වැනි Visa සඳහා PIC 4007 අදාළ වේ. Visa එක අනුව සෞඛ්‍ය අවශ්‍යතා වෙනස් විය හැකි නිසා, ඔබ apply කරන Visa subclass එක අනුව තත්ත්වය පරීක්ෂා කළ යුතුයි.

02. Significant Cost Threshold (SCT) කියන්නේ මොකක්ද?
ඔබගේ Medical results පරීක්ෂා කරන Medical Officer of the Commonwealth (MOC) විසින්, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් Australia රජයට සෞඛ්‍ය සහ ප්‍රජා සේවා සම්බන්ධයෙන් සැලකිය යුතු වියදමක් ඇතිවිය හැකිද කියලා සලකා බලනවා.

දැනට Significant Cost Threshold (SCT) එක AUD 86,000ක්. මෙම අගය 2024 ජූලි 1 සිට පවතින අතර, මේ වන විටත් AUD 86,000 ලෙස පවතී. නමුත් මෙයින් අදහස් කරන්නේ ඔබට තිබෙන ඕනෑම medical condition එකක් නිසා අනිවාර්යයෙන්ම AUD 86,000කට වඩා වියදමක් යනවා කියන එක නෙවෙයි. ඔබගේ තත්ත්වයේ ස්වභාවය, එහි බරපතළකම සහ ඔබ ඉන්න බලාපොරොත්තු වන කාලය වැනි කරුණු අනුව වියදම තක්සේරු කරනවා.

• Temporary Visa එකකට නම්, සාමාන්‍යයෙන් ඔබ Australia තුළ ඉන්න බලාපොරොත්තු වන කාලය සඳහා වියදම සලකා බලනවා.
• Permanent / Provisional Visa සඳහා සාමාන්‍යයෙන් අවුරුදු 5ක කාලයක් සලකා බලන අතර, ඇතැම් දිගුකාලීන හෝ ස්ථිර තත්ත්වයන් සඳහා ඉතිරි ජීවිත කාලය දක්වා, උපරිම අවුරුදු 10ක් දක්වා වියදම සලකා බැලිය හැකියි.

තක්සේරු කළ වියදම AUD 86,000 ඉක්මවා ගියොත්, එම හේතුව මත Health Requirement එක සම්පූර්ණ නොකළ බවට තීරණය විය හැකියි.

03. “Prejudice to Access” කියන්නේ මොකක්ද?
Health Waiver එකේදී සලකා බලන්නේ වියදම විතරක් නෙවෙයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නිසා Australian citizens හෝ permanent residents සඳහා දැනට හිඟව පවතින සෞඛ්‍ය හෝ ප්‍රජා සේවාවලට ඇති ප්‍රවේශය අඩුවිය හැකිද කියන කරුණත් සලකා බලනවා.

මෙවැනි සීමිත සේවා සඳහා දැනට උදාහරණ ලෙස:
• Organ transplants
• Dialysis
වැනි සේවා සඳහන් කර තිබෙනවා.

👉 වැදගත් කරුණක් තියෙනවා මතක් කරන්න මෙතනදී:
ඔබගේ Health Requirement එක සම්පූර්ණ නොවන්නේ Active Tuberculosis (TB) හෝ Australia community එකට public health / safety අවදානමක් ඇති කරන තත්ත්වයක් නිසා නම්, Health Waiver එක භාවිත කළ නොහැකියි.

04. Health Waiver එකක් සලකා බලන්නේ කවදාද?
Health Waiver එකක් සලකා බැලීමට සාමාන්‍යයෙන්:
1. ඔබ හෝ ඇතැම් අවස්ථාවල non-migrating family member කෙනෙකු significant health cost හෝ limited services වෙත access සම්බන්ධ හේතුවක් නිසා Health Requirement එක සම්පූර්ණ කර නොතිබිය යුතුයි.
2. Visa එක ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් සියලුම කොන්දේසි ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි.
3. Visa එක ලබාදීමෙන් Australia community එකට ඇති විය හැකි වියදම හෝ සීමිත සෞඛ්‍ය/ප්‍රජා සේවාවලට ඇති විය හැකි බලපෑම “undue” මට්ටමකට නොයන බව තීරණය කළ හැකි විය යුතුයි.
මෙහිදී “undue” කියන අදහස අනවශ්‍ය ලෙස අධික හෝ පිළිගත නොහැකි මට්ටමේ බලපෑමක් ලෙස තේරුම් ගත හැකියි.

ඒ වගේම ඔබට හෝ ඔබගේ පවුලේ අයට එම වියදම හෝ Australia හි සේවා මත ඇතිවන අවශ්‍යතාව අඩු කිරීමට හැකියාවක් තිබේද කියන කරුණත් සලකා බලනවා.

05. Health Waiver තීරණය කරන ක්‍රියාවලිය,
මේක සාමාන්‍ය Medical Check එකක් වගේ සරල ක්‍රියාවලියක් නෙවෙයි. Health Waiver එක ලබාගැනීමට ඔබ වෙනම Health Waiver application එකක් දාන්න ඕනේ කියලා අදහස් කරන්නේ නැහැ. ඔබගේ Visa subclass එකට Health Waiver එකක් ලබාගත හැකි නම් සහ ඔබ Health Requirement එක සම්පූර්ණ කර නැත්නම්, Visa processing officer විසින් ඔබව සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරු සහ Health Waiver එක සලකා බැලිය යුතු හේතු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිය හැකියි. ඔබට ඔබගේ තත්ත්වය පැහැදිලි කරන ලේඛන සහ Health Waiver එක සලකා බැලිය යුතු කරුණු ඉදිරිපත් කිරීමට සිදුවිය හැකියි.

ඒ නිසා මේ වගේ අවස්ථාවක නිවැරදි ලේඛන සහ ශක්තිමත් කරුණු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.

06. “Compassionate and Compelling Circumstances” කියන්නේ මොනවාද?
Health Waiver එකක් සලකා බලන විට, ඔබගේ පෞද්ගලික තත්ත්වයත් වැදගත් වෙන්න පුළුවන්.
උදාහරණ ලෙස:
• Sponsorගේ සෞඛ්‍ය තත්ත්වය – Australian citizen sponsor කෙනෙකුට තමන්ගේ රටින් පිටව ගියහොත් සුදුසු ප්‍රතිකාර ලබාගැනීමට අපහසු තත්ත්වයක් තිබීම.
• වෙනත් ස්ථිර Visa මාර්ගයක් නොතිබීම – යුවළට තම රටේ හෝ නීත්‍යානුකූලව ජීවත් විය හැකි වෙනත් රටක ස්ථිරව එකට ජීවත් වීමට ප්‍රායෝගික මාර්ගයක් නොතිබීම.
• දැඩි ආර්ථික අපහසුතා – Sponsorට තම රටේ භාෂා දැනුම, රැකියා අවස්ථා හෝ පවුල් සහයෝගය නොමැති වීම නිසා බරපතළ ආර්ථික බලපෑමක් ඇතිවීම.
• Refugee / Humanitarian තත්ත්වය – Sponsorට තම රටට ආපසු යාමට නොහැකි තත්ත්වයක් තිබීම සහ සුදුසු වෙනත් රටක විකල්පයක් නොතිබීම.
• දරුවන්ට ඇති බලපෑම – Visa එක ප්‍රතික්ෂේප වීමෙන් Australian citizen minor children සඳහා බරපතළ අහිතකර බලපෑමක් ඇතිවන බවට සාක්ෂි තිබීම.
• කුසලතා සහ දායකත්වය – Applicantගේ වෘත්තීය දැනුම, ව්‍යාපාරික හෝ සමාජීය දායකත්වය Australia සඳහා වැදගත් වීම.
• Regional settlement – Sponsor හෝ පවුල දැනට Regional / Rural ප්‍රදේශයක ස්ථාපිතව ජීවත් වීම.
• ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය කුසලතා – Applicantට Australia තුළ ඉල්ලුමක් ඇති වෘත්තීය කුසලතා තිබීම.

⚠️ නමුත් මේවා තිබුණා කියලා පමණක් Health Waiver එක අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා අදහස් කරන්නේ නැහැ. එක් එක් සිද්ධිය වෙන වෙනම සලකා බලනවා.

07. Visa Refusal එකක් ආවොත් Review කරන්න පුළුවන්ද?
Health Waiver එක භාවිත නොකිරීම නිසා Visa application එක ප්‍රතික්ෂේප වුණොත්, ඔබගේ Visa type එක සහ refusal decision එක අනුව Administrative Review Tribunal (ART) හරහා review එකක් ලබාගැනීමට හැකියාව තිබිය හැකියි. ART එකෙන් decision එක නැවත Department එකට යොමු කළ අවස්ථාවක, ඉදිරි ක්‍රියාවලිය decision එකේ සඳහන් කරුණු සහ ඔබගේ medical results වල validity වැනි කරුණු මත වෙනස් විය හැකියි. ඒ නිසා Health Waiver එකක් සම්බන්ධ Visa refusal එකක් ලැබුණොත්, refusal letter එක හොඳින් පරීක්ෂා කරගෙන ඔබට තිබෙන review rights පිළිබඳව ඉක්මනින් උපදෙස් ලබාගැනීම වැදගත්.

Australia Visa එකකට apply කරන කෙනෙක්ට Health Requirement එක ඉතා වැදගත් කරුණක්. නමුත් “Does Not Meet” කියන Health outcome එකක් ලැබුණා කියලා හැම අවස්ථාවකම සියල්ල අවසන් කියලා හිතන්න එපා. ඔබ apply කරන Visa subclass එකට Health Waiver එකක් තිබේද, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කුමන හේතුවක් යටතේ Health Requirement එකට බලපානවාද, සහ ඔබගේ පෞද්ගලික තත්ත්වය මොනවාද කියන කරුණු අනුව තත්ත්වය වෙනස් විය හැකියි.

ඒ නිසා මෙවැනි අවස්ථාවක නිවැරදි තොරතුරු, අවශ්‍ය ලේඛන සහ ඔබගේ තත්ත්වයට ගැළපෙන නිවැරදි උපදෙස් ඉතා වැදගත්. ඒ සඳහා අපි සුදානම් ඔබට උදව් කරන්න. ඉතින් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
This content is for general information only and does not constitute legal or migration advice. Health waiver eligibility and visa outcomes depend on individual circumstances and the relevant visa subclass. Please seek advice from a registered migration professional before making any visa decisions.

🇦🇺 International Studentsලාට වැදගත් අලුත් Update එකක් තියෙනවා අපි ළඟ....👉 Graduate Diploma of Management (Learning) – BS...
16/09/2026

🇦🇺 International Studentsලාට වැදගත් අලුත් Update එකක් තියෙනවා අපි ළඟ....

👉 Graduate Diploma of Management (Learning) – BSB80120 පාඨමාලාව සම්බන්ධයෙන් Australia රජය වැදගත් තීරණයක් ගෙන තිබෙනවා.

ඔබ දැනට Australia වල International Student කෙනෙක් නම්, නැත්නම් Australia එන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ වෙනස ගැන දැනගෙන ඉන්න එක ඉතා වැදගත්. Australia රජය විසින් Graduate Diploma of Management (Learning) (BSB80120) පාඨමාලාවට අලුතින් International Studentsලා බඳවා ගැනීම නවතා තිබෙනවා.

මේක සාමාන්‍ය වෙනසක් නෙමෙයි. International Education ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය සහ Student Visa ක්‍රමයේ නිවැරදි භාවිතය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ලබාගත් වැදගත් පියවරක්.

👉 මොකක්ද මේ වෙනස් වෙලා තියෙන්නේ?
මෙම පාඨමාලාවට අදාළ CRICOS ලියාපදිංචිය International Studentsලා සඳහා ස්වයංක්‍රීයව අත්හිටුවීම හෝ අවලංගු කිරීම සිදු කර තිබෙනවා.

සරලව කියනවා නම්:
• අලුත් Studentsලාට බඳවා ගැනීම් නැහැ – Education Providers සහ Agentsලාට අලුතින් International Studentsලා මෙම පාඨමාලාවට ඇතුළත් කිරීමට නොහැක.
• දැනට ඉගෙන ගන්න Studentsලාට පාඨමාලාව අවසන් කරන්න පුළුවන් – ඔබ දැනටමත් මෙම පාඨමාලාව ආරම්භ කරලා, ඔබගේ වර්තමාන Provider සමඟ ඉගෙන ගන්නවා නම්, ඔබට පාඨමාලාව අවසන් කිරීමට හැකියාව තිබෙනවා. ඔබට ඉගෙනීම නවත්වන්න කියලා බලපෑමක් නැහැ.

👉 මේ තීරණය Australia රජය විසින් ගත්තේ ඇයි?
මෙම පාඨමාලාව භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන් රජය විසින් සැලකිය යුතු ගැටලු කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

රජයේ දත්ත සහ ප්‍රවෘත්ති වාර්තා අනුව:
• Onshore Course Transfers විශාල ලෙස වැඩිවීම – University මට්ටමේ පාඨමාලා ඇතුළු Higher Education පාඨමාලා වල සිට මේ පාඨමාලාවට මාරු වූ Studentsලාගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබෙනවා.
• Visa සහ පාඨමාලා සම්බන්ධ ගැටලු – සමහර අවස්ථාවල මෙම පාඨමාලාව සැබෑ අධ්‍යාපන අවශ්‍යතාවයකට වඩා, Australia තුළ සිටීමට හැකිවන ආකාරයේ Onshore Course Transfer එකක් ලෙස භාවිතා කර ඇති බවට රජය අවධානය යොමු කර තිබෙනවා.
• පාඨමාලා අවසන් කිරීමේ අඩු ප්‍රතිශතය සහ Visa ප්‍රතික්ෂේප වීම් – මෙම කරුණුත් රජයේ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම පාඨමාලාව ලබාදෙන Providers සංඛ්‍යාව සහ දැනට පවතින Student Enrolments සංඛ්‍යාවද විශාල බැවින්, මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

👉 මේ සඳහා රජයට ලැබුණු අලුත් බලතල මොනවද කියලා අපි දැන් කතා කරමු.
මෙම තීරණය Education Services for Overseas Students (ESOS) ක්‍රමවේදයේ සිදුකර ඇති පුළුල් වෙනස්කම්වල කොටසක්. මෙම වෙනස්කම් යටතේ Education Ministerට යම් පාඨමාලාවක් අවලංගු කිරීමට හැකියාව තිබෙනවා, උදාහරණයක් ලෙස:
• පාඨමාලාව ලබාදීමේදී පද්ධතිමය ගැටලු තිබෙනවා නම්
• Australiaහි අවශ්‍යතා සහ Skills Needs සමඟ පාඨමාලාව ගැළපෙන්නේ නැත්නම්
• එය Public Interest එකට අවශ්‍ය පියවරක් ලෙස සැලකේ නම්

මෙය මෙම නව බලතල භාවිතා කරමින් ගත් පළමු පියවර වන අතර, International Studentsලා සඳහා සැබෑ අධ්‍යාපනය සහ Student Visa ක්‍රමයේ නිවැරදි භාවිතය සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කරන බව පෙන්වන වැදගත් වෙනසක්.

👉 🇦🇺 Student Visa තියෙන අය මොනවාද දැනගන්න ඕනේ?
ඔබ Australia තුළ ඔබගේ Course එක හෝ Education Provider එක මාරු කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. Course Transfer එකක් කියන්නේ වෙනත් තැනකට අලුතින් Enrol වෙන එක විතරක් නෙමෙයි. ඒක ඔබගේ Student Visa තත්ත්වයටත් බලපෑම් කරන්න පුළුවන්.

Course එකක් මාරු කිරීමට පෙර මේ කරුණු ගැන අවධානය යොමු කරන්න:
• ඔබගේ වර්තමාන Visa තත්ත්වය සහ Visa Conditions
• ඔබ දැනට කරන Course එකේ මට්ටම සහ ඔබගේ පෙර අධ්‍යාපන ඉතිහාසය
• Course එක මාරු කිරීමට තිබෙන සැබෑ හේතුව
• අලුත් Student Visa එකක් අවශ්‍යද නැද්ද යන්න

විශේෂයෙන්ම ඇතැම් Onshore Course Transfers සම්බන්ධයෙන් Visa පරීක්ෂාව සහ Agent Commissions පිළිබඳවද වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා.

ඒ නිසා හොඳින් සැලසුම් නොකර Course එකක් හෝ Provider කෙනෙක් මාරු කිරීම ඔබගේ Visa තත්ත්වයට ගැටලු ඇති කළ හැකියි.

👉 Australia වලට නැවත පැමිණෙන විට මොකද වෙන්නේ?
ඔබ Substantive Visa එකක් මත Australia වෙත නැවත පැමිණෙන අවස්ථාවක, ඔබගේ Pending Visa Application එකට සම්බන්ධ Bridging Visa එකක් සඳහා අයදුම් කිරීමට ඇතැම් අවස්ථාවල හැකියාව තිබිය හැකියි.

උදාහරණයක් ලෙස, ඔබ Visitor Visa එකක් මත නැවත Australia පැමිණියොත්, එම Visitor Visa එක තවමත් වලංගු කාලයේදී Bridging Visa එකක් සඳහා අයදුම් කිරීමට හැකි විය හැකියි. එය Grant වුණොත්, ඔබගේ Visitor Visa එක අවසන් වූ පසු එම Bridging Visa එක ක්‍රියාත්මක වී, ඔබගේ මුල් Visa Application එක සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තුරු නීත්‍යානුකූලව Australia තුළ රැඳී සිටීමට හැකියාව ලැබිය හැකියි.

නමුත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි, Visitor Visa එකක් මත නැවත පැමිණීමෙන් ඔබගේ Work Rights තාවකාලිකව අහිමි විය හැකියි. එම නිසා අලුතින් Grant වන Bridging Visa එකේ Conditions අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න.

👉 මෙය Australia තුළ International Studentsලා සැබෑ අධ්‍යාපන අරමුණකින් පැමිණීම සහ ඉගෙනීම තහවුරු කිරීමට රජය නීති තවත් දැඩි කරමින් සිටින බව පෙන්වන වැදගත් වෙනසක්. ඔබ Course එකක් හෝ Education Provider කෙනෙක් මාරු කිරීමට හිතනවා නම්, තීරණයක් ගැනීමට පෙර ඔබගේ Visa තත්ත්වය සහ ඉදිරි අධ්‍යාපන සැලසුම් ගැන හොඳින් සලකා බලන්න.

ඔබට මේ ගැන හෝ ඔබගේ Course Transfer එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම්, වෘත්තීය උපදෙස් ලබාගෙන ඔබගේ තත්ත්වයට ගැළපෙන විකල්ප හඳුනාගන්න. ඉතින් ඒකට තමයි අපි ඉන්නේ. දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
This post is for general information only and does not constitute legal or migration advice. Australian visa and education rules can change, and outcomes depend on individual circumstances. Always check the latest information from the Australian Department of Home Affairs and seek advice from a registered migration professional before making visa or course-related decisions.

12/09/2026

🇦🇺 ඔයාගෙ TR visa එක end වෙන්න ද යන්නෙ?

485 / TR visa period එක අවසන් වෙන්න කලින්, ඊළඟට මොනවද කරන්න ඕන කියලා clear idea එකක් තියෙනවද?

Recent immigration changes එක්ක, කලින් තිබුණු හැම option එකක්ම හැම graduate කෙනෙක්ටම suitable වෙන්නේ නැහැ.

ඒ නිසා last minute වෙනකම් ඉන්නේ නැතුව, ඔයාගේ current situation එක properly assess කරගෙන next step එක කලින්ම plan කරගන්න එක වැදගත්.

Tricon Consulting Group එකෙන් 485 / TR visa holders සඳහා:

➤ Education Assessment
➤ Career Assessment
➤ Course & University Options
➤ Case Intake & Document Review
➤ Admissions Guidance

Initial consultation එකෙන් ඔයාට:

➤ දැන් next step එක මොකක්ද
➤ Education pathway එක suitable ද
➤ Career direction එක sustainable ද
➤ Available study options මොනවද

කියන දේවල් ගැන clear direction එකක් ගන්න පුළුවන්.

Initial consultation is conducted by
Registered Education Agent & Paralegal
Chamoda Dilshan.

📍 Consultations are available at our location only.
Limited consultation slots available.

TR visa period එක effectively plan කරගන්න, early stage එකේම අපිත් එක්ක කතා කරන්න.

📞 +61420292908
📧 [[email protected]](mailto:[email protected])

Disclaimer: Initial consultation focuses on education, career planning, and admissions support and is conducted by a Registered Education Agent & Paralegal. Outcomes depend on individual circumstances and applicable Australian laws and policies.

12/09/2026

🤔 කරන Degree එකෙන්ම PR එක ලැබෙයි කියලා 100% sure ද?

Degree එක complete වෙනකම් බලන් ඉන්න එපා! 🇦🇺
ඔයාගේ future එකට **Plan B එකක්** දැන්ම ready කරගන්න. 💪

🔨 **1 Year Fast-Track Trade Courses**

✅ Carpentry
✅ Cabinet Making
✅ Metal Fabrication
✅ Tiling
✅ Solid Plastering

🎯 **Tricon** සමඟ Trades course එකකට enrol වෙන හැම student කෙනෙක්ටම **Strategic & Personalised PR Road Map Consultation** එකක් **FREE!**

ඔයාගේ current situation එකට ගැළපෙන pathway එක ගැන මුලින්ම දැනගන්න. 📍

📩 දැන්ම DM කරන්න — **FREE Initial Consultation** එක book කරගන්න!

📞 +61 420 29 29 08
🌐 [[email protected]](mailto:[email protected])

Address

Level 05 , 55 Swanston Street
Melbourne, VIC
3000

Telephone

+61436282908

Website

Alerts

Be the first to know and let us send you an email when Next Step In Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Next Step In Australia:

Shortcuts

Sponsored

Share