12/08/2026
🇦🇺 ආරක්ෂාව සහ Australia තුළ ස්ථිරව ජීවත් වීමට ඇති මාර්ගය තමයි AUSTRALIAN PROTECTION VISA (SUBCLASS 866) එක කියන්නේ. ඉතින් අද අපි මේ ගැන කතා කරමුද?
Australia හි Refugee and Humanitarian Program එක යටතේ, තමන්ගේ මව් රටට නැවත යාමට නොහැකි, සැබෑ ලෙසම පීඩනයකට හෝ බරපතළ හානියකට මුහුණදීමට සිදුවන පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීම සිදු කරනවා.
Protection Visa (Subclass 866) කියන්නේ දැනටමත් Australia තුළ සිටින, Australia රජයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා ඇති Visa එකක්.
මෙම Visa එක සාර්ථකව ලැබුණොත්, Australia තුළ ස්ථිරව ජීවත් වීමට, වැඩ කිරීමට, ඉගෙනීමට සහ Medicare ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
👉 මේ Visa එක කා සඳහාද?
මෙම Visa එක ප්‍රධාන වශයෙන් පහත පුද්ගලයන් සඳහායි:
* Refugees – තම මව් රටෙන් පිටත සිටින අතර, ජාතිය, ආගම, ජාතිකත්වය, දේශපාලන අදහස් හෝ යම් විශේෂ සමාජ කණ්ඩායමකට අයත් වීම නිසා පීඩනයකට මුහුණදීමට බිය වන පුද්ගලයන්.
* Complementary Protection criteria සපුරන පුද්ගලයන් – Refugee යන අර්ථ දැක්වීමට සම්පූර්ණයෙන්ම නොගැළපුණත්, තම මව් රටට නැවත යාමෙන් බරපතළ හානියකට සැබෑ අවදානමක් ඇති පුද්ගලයන්.
👉 මේ visa එක සඳහා apply කරන්න නම් මෙන්න මේ කියන සුදුසුකම් ඔයා සපුරාලන්න ඕනේ.
Protection Visa (Subclass 866) සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ:
• Visa එක සඳහා අයදුම් කරන අවස්ථාවේදීත්, Visa එක ලබාදෙන අවස්ථාවේදීත් Australia තුළ සිටිය යුතුයි.
• වලංගු Visa එකක් මත නීත්‍යානුකූලව Australia වෙත පැමිණ තිබිය යුතුයි.
• Refugee කෙනෙකු ලෙස හෝ Complementary Protection යටතේ Australia හි ආරක්ෂාව ලබාදීමේ අවශ්‍යතා සපුරා තිබිය යුතුයි.
• ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීමට පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කළ යුතුයි.
• සෞඛ්‍ය අවශ්‍යතා සපුරා තිබිය යුතු අතර, අවශ්‍ය Health examinations සිදු කළ යුතුයි.
• චරිත අවශ්‍යතා (Character requirements) සපුරා තිබිය යුතු අතර, Police clearance checks වලට යටත් විය යුතුයි.
👉 Visa එක සඳහා අයදුම් කිරීමට නීතිමය වශයෙන් තහනමක් නොතිබිය යුතුයි. උදාහරණයක් ලෙස, වලංගු Visa එකක් නොමැතිව බෝට්ටුවකින් Australia වෙත පැමිණීම හෝ මීට පෙර Protection Visa එකක් ප්‍රතික්ෂේප වීම/අවලංගු වීම වැනි අවස්ථාවලදී නීතිමය සීමා තිබිය හැකියි.
👉 Australia හි Protection Obligations කියන්නේ මොනවාද?
• මේකදී මුලින්ම කතා කරමු Refugee කෙනෙක් කියන්නේ කවුද කියලා?
Migration Act 1958 යටතේ Refugee කෙනෙකු ලෙස සැලකීමට සාමාන්‍යයෙන් පුද්ගලයෙකු:
* තම මව් රටෙන් පිටත සිටිය යුතුයි
* පහත හේතුවලින් එකක් හෝ කිහිපයක් නිසා තම මව් රටේදී පීඩනයකට (persecution) ලක්වීමට සාධාරණ බියක් තිබිය යුතුයි:
-ජාතිය
-ආගම
-ජාතිකත්වය
-විශේෂ සමාජ කණ්ඩායමකට අයත් වීම
-දේශපාලන අදහස්
* තම මව් රටට නැවත යාමට හෝ එම රටේ ආරක්ෂාව ලබාගැනීමට නොහැකි හෝ අකමැති විය යුතුයි.
👉 Persecution claim එකක් සඳහා වැදගත් කරුණු:
* ඔබට සිදුවන පීඩනයට ඉහත සඳහන් හේතුව ප්‍රධාන සහ වැදගත් හේතුවක් විය යුතුයි.
* සිදුවන පීඩනය බරපතළ හානියක් (serious harm) ඇතුළත් විය යුතුයි.
* එය ක්‍රමානුකූල සහ වෙනස්කම් කරන ආකාරයේ ක්‍රියාමාර්ගයක් විය යුතුයි.
* ඔබේ මව් රටේ වෙනත් ප්‍රදේශයකට ගොස් ආරක්ෂිතව ජීවත් විය හැකි නම්, එයද සලකා බලනු ලැබේ. එනම්, ඔබේ මව් රට තුළ වෙනත් ප්‍රදේශයකට ගොස් එම අවදානමෙන් මිදීමට හැකිද යන්න වැදගත්.
👉 Complementary Protection කියන්නේ මොකක්ද?
ඔබ Refugee යන අර්ථ දැක්වීමට සම්පූර්ණයෙන්ම නොගැළපුණත්, ඔබේ මව් රටට නැවත යැවීමෙන් බරපතළ හානියකට (significant harm) සැබෑ අවදානමක් තිබේ නම්, ඔබට Complementary Protection යටතේ ආරක්ෂාව ලබාගැනීමට හැකියාව තිබිය හැකියි.
👉 Significant Harm යටතට ඇතුළත් විය හැකි දේ:
* අත්තනෝමතික ලෙස ජීවිතය අහිමි කිරීම
* මරණ දඬුවම
* වධහිංසා
* කෲර හෝ අමානුෂික ලෙස සැලකීම හෝ දඬුවම් කිරීම
* අවමන් සහගත ලෙස සැලකීම හෝ දඬුවම් කිරීම
👉 Protection (Subclass 866) Visa එක සාර්ථකව ලැබුණොත් එකෙන් ලැබෙන ප්‍රතිලාභ ගත්තොත් එහෙම, ඔබට:
• Australia තුළ ස්ථිරව ජීවත් විය හැකියි – මෙය Permanent Visa එකක්.
• Australia තුළ වැඩ කළ හැකියි – වැඩ කිරීමට සම්පූර්ණ අයිතිය ලැබෙනවා.
• ඉගෙන ගත හැකියි – Australia හි අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා.
• Medicare ලබාගත හැකියි – Australia හි රාජ්‍ය සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය ලැබෙනවා.
• පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකියි – අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ පසු.
• සුදුසු පවුලේ සාමාජිකයන් සඳහා Sponsorship ලබාදිය හැකියි – ඔවුන්ට Permanent Residence ලබාගැනීම සඳහා.
👉 ඔබ Protection සඳහා අයදුම් කළ මව් රටට නැවත ගමන් කිරීම සාමාන්‍යයෙන් අවසර නැහැ.
නමුත්:
* ඉතා වැදගත් හෝ මානුෂීය හේතුවක් තිබේ නම්
* සහ Minister ගෙන් ලිඛිත අවසරයක් ලබාගත්තේ නම්
විශේෂ අවස්ථාවකදී ගමන් කිරීමට අවසර ලැබිය හැකියි.
මෙය බොහෝ Protection Visa සඳහා අදාළ Condition 8559 යටතේ පාලනය වේ.
👉 අවශ්‍ය ලේඛන ගත්තොත් එහෙම ඔබට පහත ලේඛන අවශ්‍ය වේ. එමෙන්ම ඔබට අවශ්‍ය ලේඛන ඔබගේ පෞද්ගලික තත්ත්වය, පවුලේ තොරතුරු, සෞඛ්‍යය, චරිත තත්ත්වය සහ ඔබ Protection criteria සපුරන්නේ කෙසේද යන්න මත වෙනස් විය හැකියි.
1. Personal Statement / Statutory Declaration:-
* ඔබේ බිය Convention grounds එකක් හෝ කිහිපයක් සමඟ සම්බන්ධ වන ආකාරය පැහැදිලි කළ යුතුයි.
* ඔබ නැවත මව් රටට ගියහොත් ඔබට බිය වීමට හේතුව කුමක්ද යන්න විස්තරාත්මකව සඳහන් කළ යුතුයි.
2. අතීත හානි හෝ තර්ජන පිළිබඳ සාක්ෂි:-
* Police reports
* Medical records
* ඡායාරූප
* News articles
* Social media posts
* Witness statements
3. මව් රටේ තත්ත්වය පිළිබඳ තොරතුරු:-
* DFAT වාර්තා
* UNHCR වාර්තා
* Human Rights Watch වාර්තා
* ඔබ මුහුණදෙන තත්ත්වයට සහාය වන වෙනත් විශ්වාසදායක වාර්තා
4. Membership / Affiliation පිළිබඳ සාක්ෂි:-
* දේශපාලන, ආගමික, LGBTQ+ හෝ වෙනත් ඉලක්කගත කණ්ඩායමකට ඔබ සම්බන්ධ බව පෙන්වන සාක්ෂි
* Membership cards
* ඡායාරූප
* ලිපි
* වෙනත් අදාළ ලේඛන
5. Supporting Statements:-
ඔබගේ claims තහවුරු කරන:
* මිතුරන්ගේ ලිපි
* පවුලේ සාමාජිකයන්ගේ ලිපි
* Community members ලාගේ statements
* Statutory declarations
6. දිගටම පවතින අවදානම පිළිබඳ සාක්ෂි:-
* Australia වෙත පැමිණි පසුවත් ලැබුණු තර්ජන
* ඔබේ පවුලේ සාමාජිකයන්ට සිදුවන හිරිහැර
* ඔබේ මව් රටේ බලධාරීන්ගෙන් Consular services ලබාදීම ප්‍රතික්ෂේප කිරීම
7. Health සහ Character Documents:-
* Australian Federal Police (AFP) clearance certificate
* Application එක ඉදිරිපත් කර ඇති බවට සාක්ෂි
* Health assessments
👉 දැන් තමයි ඔබට දැන ගැනීමට අවශ්‍යම දේ. ඒ තමයි අයදුම් කිරීමේ ක්‍රියාවලිය – ඉතින් පියවරෙන් පියවර මේ ගැන කතා කරමු.
Step 1: ඔබගේ සුදුසුකම් පරීක්ෂා කරන්න,
අයදුම් කිරීමට පෙර ඔබ Refugee හෝ Complementary Protection criteria ඇතුළු සියලුම අවශ්‍යතා සපුරන්නේද යන්න හොඳින් පරීක්ෂා කරන්න.
ඔබේ තත්ත්වය අනුව ඔබට ඇති විකල්ප නිවැරදිව තේරුම් ගැනීමට වෘත්තීය උපදෙස් ලබාගැනීමද වැදගත්.
Step 2: අවශ්‍ය ලේඛන සූදානම් කරන්න,
Department of Home Affairs එකට ඔබේ application එක නිවැරදිව සලකා බැලීමට අවශ්‍ය සියලුම තොරතුරු සහ ලේඛන සූදානම් කරගන්න.
👉 වැදගත්:
* English නොවන සියලුම ලේඛන English භාෂාවට පරිවර්තනය කළ යුතුයි.*
Step 3: Visa එක සඳහා අයදුම් කරන්න,
Application එක ImmiAccount හරහා Online ඉදිරිපත් කළ යුතුයි.
1. ImmiAccount එකට Log in වෙන්න හෝ අලුත් Account එකක් සාදන්න.
2. Visa application form එක සම්පූර්ණ කරන්න.
3. අවශ්‍ය සියලුම ලේඛන Attach කරන්න.
4. අදාළ Visa application charges ගෙවන්න.
5. Application එක Submit කරන්න.
👉 වැදගත්:
ඔබ සමඟ Australia තුළ සිටින අදාළ පවුලේ සාමාජිකයන් සියලුදෙනා application එකට ඇතුළත් කරන්න.
👉 Application එක Submit කළ පසු,
ඔබගේ application එක Submit කර Department එකට ලැබුණු පසු, Email එක හරහා හෝ ImmiAccount messaging system එක හරහා Acknowledgment Letter එකක් ලැබෙනවා.
👉 Biometrics Appointment:
ඔබට Biometrics ලබාදීම සඳහා appointment එකකට පැමිණෙන ලෙස දැනුම් දිය හැකියි. එම appointment එකට නොපැමිණියහොත් ඔබගේ application එක invalid විය හැකියි.
👉 Processing Times ගත්තොත් එහෙම Protection (Subclass 866) Visa සඳහා Department of Home Affairs එක විසින් සාමාන්‍ය Processing Time එකක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ.
Application එක අනුව:
* මාස කිහිපයක්
* වසර කිහිපයක්
දක්වා ගත විය හැකියි.
මෙය ඔබේ case එකේ සංකීර්ණත්වය සහ එම අවස්ථාවේ පවතින applications ප්‍රමාණය අනුව වෙනස් විය හැකියි.
👉 Application එක Process වන අතරතුර සාමාන්‍යයෙන් Department එක විසින් Processing අතරතුර නිතර Updates ලබා දෙන්නේ නැහැ.
වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Department එක ඔබව සම්බන්ධ කරගනී.
👉 පහත වෙනස්කම් සිදුවුවහොත් වහාම Department එකට දැනුම් දෙන්න:
* Application එකේ වැරදි තොරතුරු තිබේ නම්
* Application එක Submit කළ පසු ඔබගේ පෞද්ගලික තත්ත්වය වෙනස් වුවහොත්
👉 Interview එකකට කැඳවීම
ඔබව Department එක සමඟ Interview එකකට කැඳවිය හැකියි.
මෙහිදී ඔබට:
* ඔබේ claims පිළිබඳ වැඩි විස්තර ලබාදීමට
* අවශ්‍ය පැහැදිලි කිරීම් ලබාදීමට
* ඉල්ලා ඇති අමතර ලේඛන ඉදිරිපත් කිරීමට
අවස්ථාව ලැබෙනවා.
👉 ඔබ Protection Visa application එක Submit කරන අවස්ථාවේ substantive visa එකක් තිබේ නම්, සාමාන්‍යයෙන් ඔබට Bridging Visa A (BVA) එකක් ලබාදිය හැකියි. එමඟින් Protection Visa application එක Process වන අතරතුර Australia තුළ රැඳී සිටීමට හැකියාව ලැබෙනවා.
👉 Health සහ Character Requirements
• Health Assessments:
ඔබට Department එක විසින් අනුමත කර ඇති panel doctors හරහා Health examinations සිදු කිරීමට අවශ්‍ය විය හැකියි.
මෙම පරීක්ෂණ අනුමත පුද්ගලයන් හරහා සිදු නොකළහොත් නැවත පරීක්ෂණ සිදු කිරීමට සිදුවිය හැකියි.
• Police Clearances:
* Australian Federal Police (AFP) clearance certificate එකක් අවශ්‍යයි.
* ඔබගේ තත්ත්වය අනුව වෙනත් Police clearances ද අවශ්‍ය විය හැකියි.
👉 අනවශ්‍ය වියදම් හෝ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා Health examinations හෝ Police clearances ලබාගැනීමට පෙර ඔබගේ adviser ගෙන් උපදෙස් ලබාගන්න.
👉 Application එක සාර්ථක වුවහොත් Visa එක Approved වීමෙන් පසු ඔබට Visa Grant Letter එකක් ලැබෙනවා.
එහි:
* Visa grant number
* Travel facility එක ආරම්භ වන සහ අවසන් වන දිනය
* අදාළ Visa conditions
ඇතුළත් වේ.
Visa එක ඔබගේ Passport එකට electronically linked වන නිසා Visa label එකක් අවශ්‍ය නැහැ. Embassy හෝ Consulate එකකට ගොස් Visa label එකක් ලබාගැනීමටද අවශ්‍ය නැහැ.
👉 Application එක ප්‍රතික්ෂේප වුවහොත්, ඔබට ලිඛිතව:
* Visa එක ප්‍රතික්ෂේප කළ හේතු
* එම තීරණය Review කිරීමට ඔබට අයිතියක් තිබේද යන්න
දැනුම් දෙනවා.
👉 Visa Refusal එකකට Appeal කිරීම,
ඔබගේ Protection Visa application එක ප්‍රතික්ෂේප වුවහොත්, සමහර අවස්ථාවලදී Administrative Review Tribunal (ART) හරහා Review එකක් ඉල්ලා සිටීමට හැකියාව තිබිය හැකියි.
👉 Appeal එක පිළිබඳ වැදගත් කරුණු:
1. Review එක සඳහා අයදුම් කිරීමට ඔබට සීමිත කාලයක් පමණයි තිබෙන්නේ.
2. ART එකට Department එක විසින් ප්‍රතික්ෂේප කළ Protection applications නැවත සලකා බැලීමට හැකියි.
3. ART එක ඔබ Refugee කෙනෙකු බව හෝ ඔබට Complementary Protection අවශ්‍ය බව තීරණය කළහොත්, application එක Department එක වෙත නැවත යොමු කළ හැකියි.
4. ART එකෙන් ඔබට පක්ෂව තීරණයක් ලැබුණත්, එය ස්වයංක්‍රීයව Visa එක ලබාදීමක් නොවේ. අනෙකුත් අවශ්‍යතාද සම්පූර්ණ කළ යුතුයි.
5. ART එක ඔබගේ claims පිළිබඳ ස්වාධීන ආයතනයක් මඟින් තීරණයක් ලබාගැනීමට ඇති වැදගත් අවස්ථාවකි.
6. ඉහළ අධිකරණ වන Federal Circuit Court, Federal Court සහ High Court මඟින් සාමාන්‍යයෙන් සලකා බලන්නේ තීරණය ගැනීමේ නීතිමය ක්‍රියාවලිය නිවැරදිද යන්න මිස, ඔබගේ case එකේ merits නැවත සලකා බැලීම නොවේ.
👉 Protection Visa application එකක් ප්‍රතික්ෂේප වුවහොත් වහාම පළපුරුදු immigration lawyer කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Appeal/Review සඳහා ලබාදී ඇති කාලය ඉතා සීමිත විය හැකියි.
හරි මම හිතෙනවා දැන් සම්පුර්ණයෙන්ම මේ ගැන අදහසක් එන්න ඇති. හැමදාම වගේ ගොඩාක් අයට තියෙන පොදු ප්‍රශ්න ටිකක් අපි කතා කරමු.
1. Protection Visa එක Temporary ද Permanent ද?
Protection (Subclass 866) Visa එක Permanent Visa එකක්. එමඟින් Australia තුළ දින නියමයක් නොමැතිව ජීවත් වීමට හැකියාව ලැබෙනවා.
2. මම කොහෙද ඉඳලා මේ Visa එකට Apply කරන්න ඕනේ?
ඔබ application එක Submit කරන අවස්ථාවේදීත්, application එක තීරණය කරන අවස්ථාවේදීත් Australia තුළ physically සිටිය යුතුයි.
3. Health සහ Character assessments අවශ්‍යද?
ඔව්. ඔබට Health examinations සිදු කිරීමටත්, Character requirements සපුරාලීමටත්, අවශ්‍ය Police checks ලබාදීමටත් සිදුවෙනවා.
4. Application එක Process වන අතරතුර මට වැඩ කරන්න පුළුවන්ද?
ඔබට වැඩ කළ හැක්කේ:
* Work rights ලබාදෙන වලංගු Visa එකක් ඔබ සතුව තිබේ නම්, හෝ
* Work rights සහිත Bridging Visa එකක් ඔබට ලබාදී තිබේ නම්
පමණයි.
5. මගේ පවුලේ සාමාජිකයන් Application එකට ඇතුළත් කළ හැකිද?
ඔව්. ඔබගේ Family Unit එකට අයත්:
* Spouse හෝ De facto partner
* Dependent children
* Dependent grandchildren
* ඔබ සමඟ ජීවත් වන සහ ඔබ මත මූල්‍යමය හෝ මානසික වශයෙන් යැපෙන ඇතැම් අවිවාහක ඥාතීන්
වැනි පුද්ගලයන් ඇතුළත් කළ හැකියි.
- අදාළ සියලුම පවුලේ සාමාජිකයන් application එක ඉදිරිපත් කරන අවස්ථාවේ Australia තුළ සිටිය යුතුයි.
6. Protection Visa එකෙන් Medicare ලැබෙනවාද?
ඔව්. Permanent Residence සඳහා අයදුම් කිරීමෙන් පසු ඔබට Medicare සඳහා ප්‍රවේශය ලැබෙනවා.
7. මගේ දරුවන්ට මේ Visa එක යටතේ ඉගෙන ගන්න පුළුවන්ද?
ඔව්. නමුත් එක් එක් State සහ Territory එක අනුව අවශ්‍යතා වෙනස් විය හැකි අතර, ඇතැම් අවස්ථාවල fees ගෙවීමටද සිදුවිය හැකියි. ඒ නිසා අදාළ පාසල හෝ අධ්‍යාපන ආයතනය සමඟ සෘජුවම තොරතුරු පරීක්ෂා කරන්න.
8. Protection Visa එක තියෙද්දී මට මගේ මව් රටට යන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් නැහැ. Protection Visa සඳහා Condition 8559 අදාළ වන අතර, ඔබ Protection ඉල්ලා සිටි මව් රටට යාම සීමා කරයි. ඉතා වැදගත් හේතුවක් තිබේ නම් සහ Department එකෙන් ලිඛිත අවසරයක් ලබාගත්තේ නම් පමණක් විශේෂ අවස්ථාවකදී අවසර ලැබිය හැකියි. ඒ නිසා කිසිදු travel plan එකක් කිරීමට පෙර නීතිමය උපදෙස් ලබාගන්න.
9. Application එක Process වන අතරතුර මගේ වත්මන් Visa එක Expire වුණොත්?
ඔබ Protection Visa application එක Submit කරන අවස්ථාවේ substantive visa එකක් තිබේ නම්, සාමාන්‍යයෙන් ඔබට Bridging Visa A (BVA) ලබාදිය හැකියි. එමඟින් application එක Process වන අතරතුර Australia තුළ රැඳී සිටීමට හැකියාව ලැබෙනවා.
10. Protection Visa එක ප්‍රතික්ෂේප වුණොත් මට වෙනත් Visa එකකට Apply කරන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් නැහැ. Protection Visa එකක් ප්‍රතික්ෂේප වූ පුද්ගලයන්ට Migration Act හි sections 48 සහ 48A යටතේ Australia තුළ සිටින අතරතුර වෙනත් Visa applications සඳහා නීතිමය සීමා තිබිය හැකියි. නමුත් සීමිත exceptions කිහිපයක් තිබිය හැකියි.
11. Protection Visa එක Cancel කරන්න පුළුවන්ද?
ඔව්. පහත වැනි අවස්ථාවල Protection Visa එක Cancel කළ හැකියි:
* බොරු හෝ නොමඟ යවන තොරතුරු ලබාදී Visa එක ලබාගෙන තිබේ නම්
* අපරාධ ක්‍රියා හේතුවෙන් Character test එක fail වුවහොත්
* ලිඛිත අවසරයක් නොමැතිව ඔබේ මව් රටට නැවත ගියහොත්
12. Protection Visa එක සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද?
Government fees අදාළ වන අතර, Immigration adviser කෙනෙකුගේ සේවය ලබාගන්නේ නම් Professional fees ද අදාළ විය හැකියි.
ඔබගේ තත්ත්වය අනුව මුළු වියදම වෙනස් විය හැකියි.
Protection Visa සඳහා අයදුම් කිරීම කියන්නේ ඔබේ ජීවිතයට සහ අනාගතයට ඉතා වැදගත් තීරණයක්. මෙම ක්‍රියාවලිය සංකීර්ණ විය හැකි අතර, මානසිකව අභියෝගාත්මක සහ දිගු කාලයක් ගතවන ක්‍රියාවලියක්ද විය හැකියි. ඔබගේ Australia තුළ අනාගතය ඔබේ සැබෑ තත්ත්වය නිවැරදිව, සම්පූර්ණව සහ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම මත විශාල වශයෙන් රඳා පවතිනවා.
මෙම මාර්ගෝපදේශය Protection (Subclass 866) Visa එක පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබාදීම සඳහා පමණයි. එක් එක් පුද්ගලයාගේ තත්ත්වය වෙනස් නිසා, අවසාන ප්‍රතිඵලය ඔබගේ පෞද්ගලික තත්ත්වය සහ ඔබ ඉදිරිපත් කරන claims මත රඳා පවතී.
Australia හි Protection Visa system එක තේරුම් ගැනීම සමහර විට අමාරු වෙන්න පුළුවන්.
ඔබ:
* තවමත් මේ Visa එක ගැන සොයා බලමින් සිටින කෙනෙක් වුවත්
* Application එක ආරම්භ කර ඇති කෙනෙක් වුවත්
* දැනටමත් Application එකක් Submit කර ඇති කෙනෙක් වුවත්
නිවැරදි තොරතුරු සහ වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම ඉතා වැදගත්. ඉතින් මතක තබාගන්න:
* Australian immigration policies වල වෙනස්කම් පිළිබඳව නිතරම දැනුවත් වෙන්න.
* ඔබගේ සියලුම ලේඛන පිළිවෙළට සුරක්ෂිතව තබාගන්න.
* කිසිම අවස්ථාවක බොරු හෝ නොමඟ යවන තොරතුරු ලබා නොදෙන්න.
* Department එකෙන් ඉල්ලා සිටින තොරතුරු සඳහා හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න.
* යම් කරුණක් පිළිබඳව ඔබට සැකයක් තිබේ නම් වෘත්තීය උපදෙස් ලබාගන්න.
👉 Immigration policies සහ procedures කාලයත් සමඟ වෙනස් විය හැකියි.
🇦🇺 ආරක්ෂිත අනාගතයක් සහ Australia තුළ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ පළමු පියවර වන්නේ ඔබට ඇති විකල්ප නිවැරදිව තේරුම් ගැනීමයි. ඔබගේ තත්ත්වය හොඳින් සලකා බලන්න. අවශ්‍ය සියලුම සාක්ෂි සූදානම් කරගන්න. ඔබගේ සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන් සහ සත්‍යව ඉදිරිපත් කරන්න.
Protection (Subclass 866) Visa එක පිළිබඳ ඔබට ප්‍රශ්න තිබේ නම් හෝ ඔබගේ පෞද්ගලික තත්ත්වය පිළිබඳ මඟපෙන්වීමක් අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න. මෙම වැදගත් ක්‍රියාවලිය තේරුම්ගෙන ඉදිරියට යාමට අපි ඔබට මඟපෙන්වීමට සූදානම්. ඉතින් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908 (Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)
📧E-mail: [email protected]
*Disclaimer:
This post is for general information only and is not legal or migration advice. Visa laws and requirements can change, and eligibility depends on your individual circumstances, claims, and evidence. Before applying, seek advice from a registered migration agent or qualified immigration lawyer. Always check the Australian Department of Home Affairs for the latest information. No visa approval or specific outcome is guaranteed.